IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


2018 රජයේ වියදම් ඇස්තමේන්තුව බිලියන 3982 යි

2018 මුදල් වර්ෂය සඳහා රජයේ සමස්ත වියදම රුපියල් බිලියන 3,982 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත සකස්කර තිබේ.  

එම විසර්ජන පනත් කෙටුම්පත මේමස අවසානය වනවිට පාර්ලිමේන්තුවේ සභාගත කිරීමට රජය  සැලසුම් කර ඇති අතර, ඒසඳහා කැබිනට් අනුමැතියද හිමිව ඇත.
රජයේ සමස්ත වියදමින් රාජ්‍ය ණය ආපසු ගෙවීම, වැන්දඹු හා අනත්දරු අරමුදල සඳහා වූ දායක මුදල් වැනි දැනටමත් පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද පනත් යටතේ දැරීමට නියමිත වියදම රුපියල් බිලියන 2,005.1 කි. එම වියදම හැර එම සමස්ත වියදමෙන් රුපියල් බිලියන 1,977ක වියදම් දැරීම සඳහා යෝජිත විසර්ජන පනත් කෙටුම්පත මගින් බලය ලබාගත යුතු අතර, ඒ සඳහා විසර්ජන පනත් කෙටුම්පත සකස්කර තිබේ.
ඒ අනුව 2018 වර්ෂයේ රජයේ පුනරාවර්තන වියදම රුපියල් බිලියන 1,308.9ක් ලෙසත්, ප්‍රාග්ධන වියදම රුපියල් බිලියන 668ක් ලෙසත් ඇස්තමේන්තුගත කර තිබේ.එමෙන්ම 2018 වර්ෂයේ අපේක්ෂිත රාජ්‍ය ආදායම හා විදේශීය ප්‍රදානයන්හි එකතුව රුපියල් බිලියන 2,175ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර, ඒ අනුව, රජයේ අත්තිකාරම් වියදම් කටයුතු සඳහා වූ රුපියල් බිලියන 06ක මුදලද සැලකිල්ලට ගත් කල්හි රුපියල් බිලියන 1,813ක් දේශීය හා විදේශීය මූලාශ්‍ර මගින් ණය වශයෙන් ලබාගත යුතුව තිබේ. 
මෙම කෙටුම්පත් අයවැය ඇස්තමේන්තු ඇතුළත් 2018 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාව ඉදිරිපත්කර තිබේ. 2018 මුදල් වර්ෂය සඳහා වන අයවැය කතාව නොවැම්බර් මස 09 වැනිදා පාර්ලිමේන්තුවේදී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පැවැත්වීමට නියමිතය.



අදහස් (4)

2018 රජයේ වියදම් ඇස්තමේන්තුව බිලියන 3982 යි

raveendra Wednesday, 13 September 2017 05:55 PM

මේ කියන ප්‍රමාණයෙන් බාගයකට වඩා යනවා ඇතිනේ දියවන්නඔයේ ඉන්න අය ටික නඩත්තු කරන්න.

:       0       111

ලුම්බිණි Thursday, 14 September 2017 05:30 AM

ඒ කියන්නේ වියදමෙන් 45% විතරම ණයට ගන්න වෙනවා නේද?

:       0       0

දිලුම් Thursday, 14 September 2017 05:47 AM

අනේ ඔව් අපේ රටේ ඇමතිලට වඩා පෙහෙ‍ාසත් සමාන්‍ය ජනයා මත බදු පටවා දියවන්නාවට කන්න දෙන්න ඒවගේම බදු පටවා අවශ්‍ය වියදමුත් හොයාගන්න පුළුවන්වෙයි. අයවැයෙන් කොහොමත් කරන්න‍ේ ඕකනේ. අපිනම් දැං මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි මහන්සියෙන් හම්බකරනදේත් දියවන්නාවේ හොරුන්ගේ නඩත්තුවට බලහත්කාරයෙන් ගන්න එක ගැනයි අපිට දුක

:       0       9

sampath Thursday, 14 September 2017 08:40 AM

මේ ආණ්ඩුව ආවෙ වියදම් අඩු කරනවා කියල. පසුගිය අවරුදු කිහිපයක අය වැයන්හි වියදම්, 2013 රුපියල් බිලියන 2458.5යි ...... 2014 දී රුපියල් බිලියන 2751 යි........ 2015දී රුපියල් බිලියන 3405 යි........ 2016 දී රුපියල් බිලියන 3220.4 යි........ 2017 දී රුපියල් බිලියන 3493.9 යි. 2017 දී රුපියල් බිලියන 3982.1 යි...වෙනස සැපයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රොෂාන් රණසිංහත් ජනපති සටනට
2024 අප්‍රේල් මස 23 367 0

හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මීළඟ ජනාධිපතිවරණයේදී අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් කරන බව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රුෂාන් මලින්ද මහ


දුම්රිය සාමාන්‍යාධිකාරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
2024 අප්‍රේල් මස 23 776 0

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්තමාන සාමාන්‍යාධිකාරීවරයා වන එච්.එම්.කේ.ඩබ්. බණ්ඩාර මහතා හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද (23) පෙරවරුවේ අභාවප්‍රා


තායිවානයේ භූ කම්පන වැලක්
2024 අප්‍රේල් මස 23 876 0

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයේ ඊයේ රාත්‍රියේ රිප්ටර් මාපකයේ 6.3 ප්‍රබලතම භූමිකම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.


පළාත් කීපයකට හවස වැස්ස
2024 අප්‍රේල් මස 23 143 0

බස්නාහිර,සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් ගාල්ල මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණපසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්ත


පොලිස් වෙඩි පහරින් දෙදෙනෙක් මරුට
2024 අප්‍රේල් මස 23 2444 0

පාදුක්ක මොරගහහේන මාර්ගයේ මිල්ලෑව පුවක්වත්තේදී පොලිසියට වෙඩි තබා පළා යමින් සිටි ත්‍රිරෝද රථයකට පොලිසිය එල්ල කළ වෙඩි පහරින් අපරාදවලට සම්බන්ධ බව කියන අ


කාර් රේස්වලට ආදරේ කළ දියණිය රේස් කාරයක් බිළි ගනියි
2024 අප්‍රේල් මස 22 2620 0

මගේ චුටි නංගිගේ උවමනාවට මගේ මාමායි අපේ වත්තේ 27 දෙනෙක් එකතු වෙලා බස් එකක් අරගෙන දියතලාවේ කාර් රේස් එක බලන්න ගියේ. කාර් රේස් බලන්න හරිම ආසාවෙන් සිටි අපේ ච


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 267 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1613 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1505 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site