IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


2015 ඉදිරිපත් වූ යෝජනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

2015 වසරේ ජිනීවා හීදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවකට සම අනුග‍්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බව ප‍්‍රකාශ කරන ලෙස ඉල්ලා සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ පේ‍්‍රම්නාත් සී.දොළවත්ත මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අද(10) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස එවකට විදේශ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අමාත්‍ය  මංගල සමරවීර, විදේශ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආර්යසිංහ සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

නීතීඥ නලින් සමරකෝන් මඟින් ගොනු කර ඇති පෙත්සමේ මෙසේද සඳහන් වේ.

පෙත්සම්කරු සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරුවේ.2015 වසරේ ඔක්තෝම්බර් මස 22 වන දා ජිනිවා මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව , එක්සත් රාජධානිය ,මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රටවල් ඒකාබද්ධව ඉදිරිපත් කළ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් පිළිබඳ යෝජනාවට සම අනුග‍්‍රහය දැක්වීමට රජය වෙනුවෙන් එවකට විදේශ අමාත්‍යවරයාව සිටි මංගල සමරවීර මහතා කටයුතු කර ඇත.

මෙම යෝජනාව හේතුවෙන් ඉදිරියේදී ශ්‍රී ලංකා ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම නිර්දේශයන් ඉදිරිපත් විය හැක.

මෙම යෝජනාවේ අඩංගු සමහර කරුණු ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයටද හානිවේ.එමඟින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තිය උල්ලංඝනය වේ.මෙමඟින් රටේ ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වේ.

එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප‍්‍රකාශ කරන ලෙසද , මෙම යෝජනාව මඟින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංඝනය වන බව ප‍්‍රකාශ කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.



අදහස් (1)

2015 ඉදිරිපත් වූ යෝජනාවකට ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Sujeewa Thursday, 10 October 2019 06:01 PM

රටට ආදරයක් ඇතිව, අවංක චේතනාවෙන් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් රට විකුණන් කෑ අතීතයේ සිටි පාලකයන්ටත්, මින් ඉදිරියට බලයට පත්වී රට විකුණන් කන දේශද්‍රෝහින්ටත් හොඳ පාඩමක්. අද අප දකින්නේ, රුසියාව පාලනය කරනුයේ "පුටින්" ය. අපේ මාතෘ භුමිය පාලනය කරනුයේ "පිටින්" ය.

:       0       28

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැතිසබයෙන් දොස්තර හවුලක්
2024 අප්‍රේල් මස 25 199 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සිටින වෛද්‍යවරුන්ගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තු වෛද්‍ය මන්ත්‍රීවරුන්ගේ සංසදය නමින් නව සංසදයක් අද (25) පිහිටුවා ගනු ලැ


සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1522 1

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 181 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 568 4

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 945 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 288 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site