නාලක සංජීව දහනායක
 
20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් ජනාධිපතිධූරය අහෝසි කිරීමට හා නියමිත පරිදි පළාත් සභා මැතිවරණ නොපැවැත්වීමට එරෙහිව මානව හිමිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා අද (10) පැවැසීය.

ඒ සම්බන්ධයෙන් තම නීතීඥවරුන් මේ වනවිටත් අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බවත් සඳහන් කළ මහාචාර්යවරයා ඉතාම ඉක්මනින් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

බත්තරමුල්ල, නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු කාර්යාලයේදී අද (10) පැවැති  මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව පැවසීය.