IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


20 ට එරෙහි ගම්මන්පිලගේ පෙත්සම් විභාගය කල් යයි

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

ජනතා විමුක්ති පෙරමුණේ පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙසින් ඉදිරිපත් කර ඇති 20 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත නීතීයට පටහැනි යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ගොනු කළ විශේෂ පෙත්සම වැඩිදුර විභාගය හෙටට (13) කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (12 ) තීන්දු කළේය.

සිසිර ද ආබෲ, ප‍්‍රසන්න ජයවර්ධන සහ මුර්දු ප‍්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් යුතු ත‍්‍රීපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි.

එම පෙත්සමේ වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම් සිදු කළේය.

එහිදී ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේ යෝජිත පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාව මඟින් වත්මන් ව්‍යවස්ථාව යටතේ පවතින විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට යෝජනා කර තිබෙන බවයි.
ඒ හරහා විධායක බලය ජනාධිපතිවරයා සහ අග‍්‍රාමාත්‍යවරයා ප‍්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය වෙත බෙදී යාමේ අවදානමක් පවතින බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.

මෙම සංශෝධනය මඟින් පළාත් ආණ්ඩුකාරවරුන්ගේ බලතල අඩු කොට පළාත් ප‍්‍රධාන අමාත්‍ය වරුන්ගේ බලය ඉස්මතු වීමක් සිදුවූ බවත් මේ හරහා බලය බෙදී ගොස් රට ෆෙඩරල් පාලනය කරා යොමු වීමේ අවදානමක් මතුව තිබෙන බව දැන් ජනාධිපති නීතිඥවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
වැඩිදුර පෙත්සම් විභාගය අද (12) දිනට කල් තැබුණි.

මෙම  විභාගය සඳහා මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන මෙන් ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉල්ලීමක් කළ අතර එම ඉල්ලීමට අධිකරණය අවසර ලබා දුන්නේය.

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල, රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන්, ආචාර්ය ගුණදාස අමරසේකර නීතිඥ පාලිත සේනාධීර ඇතුළු පිරිසක් විසින් අදාළ මන්ත‍්‍රී යෝජනා වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

මෙම පෙත්සම් වලින්  පෙන්වා දෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය යනුවෙන් සඳහන් කරමින් ඉකුත් බදදා (05) ජනතා විමුක්ති පෙරමුණ විසින් යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවය.

එම පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාව මඟින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම ඇතුළු කාරණා කිහිපයක් ඇතුළත් කර ඇති බව සඳහන් කරන  ගම්මන්පිල මන්ත‍්‍රීවරයා ඉන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තුන්වන හා හතරවන වගන්ති සෘජුවම උල්ලංඝනය කරන බව පෙන්වා දේ.

මේ හේතුවෙන් අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේ සාමාන්‍ය ඡන්දයකින් සම්මත කළ නොහැකි බවද පෙත්සම්කරුවෝ පෙන්වා දෙයි.

මෙම යෝජනාව තුළින් සෘජුවම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වීමක් සිදුවන හෙයින් එය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයකින් සහ ජනමත විචාරණයකින් අනුමත විය යුතු බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.



අදහස් (1)

20 ට එරෙහි ගම්මන්පිලගේ පෙත්සම් විභාගය කල් යයි

saranelis Thursday, 13 September 2018 05:07 AM

20 නැතුවත් වැඩ යනවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 147 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 5 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 528 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 153 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 187 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 454 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site