IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


1990 ගිලන් රථ සේවයේ දෙවැනි අදියර ඇරැඹේ

(අංජුල මහික වීරරත්න සහ  සිතුම් චතුරංග)

සුවසැරිය 1990 ගිලන්රථ සේවාව රටපුරා ව්‍යාප්ත කිරීමේ උත්සවය අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය නගර සභා ක‍්‍රීඩාංගණයේදී අද උත්කර්ශවත් අයුරින් පැවැත්විණි.

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාද මෙම උත්සව අවස්ථාව සඳහා චන්ද්‍රිකා තාක්ෂණය මගින් සම්බන්ධවී ගිලන්රථ සේවය විවෘත කිරීමට එක්වීම  විශේෂත්වයක් විය.

1990 සුවසැරිය ගිලන්රථ සේවය දෙවන අදියර යටතේ මෙලෙස ඇරඹෙන්නේ ඉන්දීය රජයෙන් යළි නොගෙවිය යුතු ප‍්‍රදානයක් ලෙස ලැබුණු ඩොලර් මිලියන 15.02 ක පරිත්‍යාගයෙනි. ඒ අනුව සුවසැරිය ගිලන්රථ සේවය ගිලන්රථ 297 දක්වාත් ප‍්‍රාදේශිය කාර්ය මණ්ඩලය 1998 දක්වාත් ඉහල නැගෙනු ඇත.

සුවසැරිය පළමු අදියර යටතේ බස්නාහිර හා දකුණු පළාත් වල නොමිලේ සැපයන මෙම ගිලන්රථ සේවය ක‍්‍රියාත්මක කෙරුණු අතර දෙවන අදියර යටතේ සමස්ථ දිවයිනේම ක‍්‍රියාත්මක වීමට නියමිතය. ශ‍්‍රී ලංකා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ උත්සවයට සහභාගීවූ ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා එකම මොහොතේ සංඥාවක් නිකුත් කිරීමත් සම`ග ගිලන්රථ සේවයේ දෙවන අදියර නිලවශයෙන් ආරම්භ කෙරිණි.

සුවසැරිය දෙවන අදියර ආරම්භක උත්සවය සදහා ගිලන්රථ සේවයේ නිර්මාතෘවරයා වන ජාතික ප‍්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා , උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සි.වි. විග්නේෂ්වරන් , ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන මාවේ සේනාධිරාජා, එම්.ඒ. සුමන්තිරන්, එස්. ශ‍්‍රීදරන් , විජයකලා මහේෂ්වරන් මහත්ම මහත්මීහුද   ඇතු`ඵ විශාල පිරිසක්  සහභාගීවූහ.   

(ඡායාරූප -ශාන්ත රත්නායක)

 



අදහස් (11)

1990 ගිලන් රථ සේවයේ දෙවැනි අදියර ඇරැඹේ

Sanath Saturday, 21 July 2018 06:54 PM

මේ නොමිලේ ලැබෙන ගිලන්රථ හදිසි ප්‍රතිකාර සහ ප්‍රවාහන සේවය ලංකා ඉතිහාසයේ රන් අකුරෙන් ලියවෙන විශිෂ්ට ක්‍රියාවලියක් බව කිවයුතුය. මෙයින් උපරිම ප්‍රයෝජනයක් ලබාගැනීමට නම් මුළු මහත් රටවැසියාම එයින් සේවය ලබාගත යුත්තේ කුමන ආකාරයටද සහ කුමන අවස්ථාවලදීද යන්න පිළිබඳව දැනුවත් කලයුතුය.

:       0       0

Mahee Saturday, 21 July 2018 07:52 PM

මේ සේවාව මුලින්ම ගේනකොට අපේම මිනිස්සු මොනතරම් විරුද්ධ වුනාද? ඒ වුනාට රටේ ජනතාව දන්නවා කොයි තරම් වටිනා දෙයක්ද මේක කියලා. පාට පක්ෂ වලින් තොරව අගය කල යුතු දෙයක්.

:       0       0

අනුුරාධ Sunday, 22 July 2018 02:46 AM

මෙය ඉතාමත් හොඳ වැඩ පිලිවෙලකි. මා දන්නා බොහෝ පිරිසක් මෙම සේවයෙන් ප්‍රයෝජන ලබා ගෙන ඇත. මේ පිළිබඳ දැනුවත් කිරීම මඟින් වඩා හොඳ සේවාවක් ලබා දිය හැක.

:       0       0

Manoj Sunday, 22 July 2018 04:17 AM

GMOA එකෙන් ස්ට්‍රයික් කරයිද දන්නේ නැහැ.

:       0       0

rasika Sunday, 22 July 2018 04:48 AM

ජනතාවට විශාල සහනයක්, සේවයක් මේක. අපේ දොස්තර සංගමය මේකත් එපා කියල කෑගැහුවනෙ ඉතිං..

:       0       0

lakmal Sunday, 22 July 2018 06:24 AM

ඉතාමත් අනර්ඝ වැඩක්... හර්ෂ තුමා ඔබට පින්..

:       0       81

Mallika Sunday, 22 July 2018 11:40 AM

ලොකු පින් වැඩක්. ඔබතුමන්ලට වැඩි වැඩියෙන් ලැබේවා

:       0       0

Saman Sunday, 22 July 2018 02:10 PM

පත්තර මල්ලිලා, මේක ගැන වෛද්‍ය සංගමයේ අදහසත් අහල ලිව්වා නම් හොඳයි නේද?

:       0       47

kasun Sunday, 22 July 2018 02:46 PM

වෛද්‍ය සංගමයේ හාල්පාරුවන් මොකද දැන් කියන්නේ? යළි නොගෙවිය යුතු ප‍්‍රදානයත් කුමන්ත්‍රණයක්ද?

:       0       98

td Sunday, 22 July 2018 03:03 PM

සහන හෝ වෙනත් සංවර්ධන වැඩ පිළිවෙල වලදීත් දකුණටත්, උතුරටත් එක සමානවම සැලකීමට මධ්‍යම රජය මූලිකත්වය ගෙන ක්‍රියාකිරීම ඉතා වටනේය. උතුරේත් සිටින්නේ ලාංකිකයන්ය. දකුණේත් සිටින්නේ ලාංකිකයන්ය. උතුරේ සිටින තරුණ තරුණියන්ට විදෙස් ගතව හෝ රැකියා කිරීමට මධ්‍යම රජය මැදිහත්වී යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට හැකිනම් විරැකියාවට ඉක්මන් විසඳුමක් දීමට හැකිය. හරීන් ඇමැතිවරයා මේ ගැන සොයා බලා උතුරේ සිටින රැකියා නොමැති තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදිය යුතුය.

:       0       34

Bamunuarachchi Monday, 23 July 2018 11:14 AM

තමන්ගේ රටේ මිනිසුන්ට වැසිකිලි නැහැ ලෙඩ්ඩු කරේ තියාගෙන පයින් යනවා අනුන්ගේ රටවලට ගිලන්රථ සපයනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 129 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 276 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1168 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 152 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 357 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 328 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site