IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


19 වැනි සංශෝධනයේදී ජනපති කළ කැපකිරීම් ප්‍රශංසනීයයි

(බිඟුන් මේනක ගමගේ)

19 වැනි සංශෝධනය යනු රට ඉල්ලා සිටි දේශපාලන පරිවර්තනයේදී එක තැනක සිට තවත් තැනකට යන කාලය දක්වා වූ තාවකාලික ලැගුම්හලක් යැයි ද එය පරිපූර්ණ වන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයකට යෑමෙන් යැයි ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ජාවෙඩ් යුසුෆ් මහතා 'ලංකාදීප' යට පැවසීය.

මෙම දේශපාලන පරිවර්තනයේ නිම නොකළ වැඩ කොටස පැවැරී ඇත්තේ ඊළඟට පත්වන ආණ්ඩුවට වුවත් එය සිදුවනු ඇත්තේ ඇත්ත වුවමනාවක් තිබුණහොත් පමණක් යැයි නීතිඥ ජාවෙඩ් යුසුෆ් මහතා කීය.

ජනාධිපති හා අගමැති යන ධූර දෙකම එකම පක්ෂයකට ලැබුණොත් මේ ගැටලුව විසඳාගැනීම පහසු කරනු ඇතැයි ඇතැමුන් නගන තර්කයෙහි කිසියම් සත්‍යක් තිබුණත් පුද්ගලයා යන සාධකය ද දේශපාලනයේදී වැදගත් යැයි ද ඒ මහතා සඳහන් කළේය.

කවර සීමාසහිතකම් පැවැතිය ද 19 වැනි සංශෝධනයේදී ජනාධිපතිවරයා හැටියට මෛත්‍රිපාල සිරිසේන මහතා කළ කැපකිරීම් ප්‍රශංසනීය යැයි කී හෙතෙම 19 වැනි සංශෝධනය යථාර්ථයක් වූයේ ජනාධිපතිවරයා මන්ත්‍රීවරුන් වෙත පුද්ගලිකව කතාබහ කර ඊට ලබාගත් සහාය නිසා යැයි අවධාරණය කළේය.

රාජ්‍ය නායකයා පවා විවේචනය කිරීමට තරම් ඉදිරිගාමී ප්‍රජාතන්ත්‍රවාදී පරිසරයක් එමගින් නිර්මාණය වූ නමුත් එහි උපරිම වාසි ගනු ලබමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවිරෝධී දුෂ්ට බලවේග විසින් යැයි නීතිඥ යුසුෆ් මහතා චෝදනා කළේය.

ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් තමන්ට දුන් දේශපාලන පොරොන්දු පත්‍රය වෙනුවෙන් එකාවන්ව වැඩ කරනු ඇතැයි යන ජනතා අපේක්ෂාව ජනපති හා අගමැති දෙදෙනාම භංග කළේ යැයි ද යුසුෆ් මහතා සඳහන් කළේය.



අදහස් (3)

19 වැනි සංශෝධනයේදී ජනපති කළ කැපකිරීම් ප්‍රශංසනීයයි

Mahee Monday, 24 June 2019 09:43 PM

"පුද්ගලයා යන සාධකය ද දේශපාලනයේදී වැදගත්". ඔබ එහෙම කිව්වට මහත්තයෝ, අපේ රටේ ඒක විතරයි වැදගත්. නීතිය හෝ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ වෙන මොන දෙයක්වත් කිසිම වැදගම්මක් නැහැ. ඕනෑම නීතියක් තමන්ට උවමනා පරිදි වෙනස් කරන්න, නායකයින් කටයුතු කරන හැටි අපි දශක ගානක් තිස්සේ දැක්කනේ. කන්න හිතුනහම කබරයත් තලගොයා කරන නායකයෝ හැර වෙන පුද්ගලයෝ අපට හිටියද, දැන් ඉන්නවද? පුද්ගලයා යටපත් කරමින් නීතියේ ආධිපත්‍යය රජකෙරෙන ආණ්ඩුක්‍රමයක් අපට ලැබෙන තුරු, නාගානන්ද කොඩිතුවක්කු වගේ කෙනෙක් එනතුරු, ඔහොම යං.

:       0       0

Rasi Monday, 24 June 2019 10:34 PM

ඔයාලගේ ඔය මහා ලොකු අර්ථකතන කෙසේ වුනත්, රට මේ තරම් දුරට අසාර්ථක සහ පසුබෑමට ලක්වීමට ප්‍රධාන හේතුව ඔය 19 වන සංශෝදනයයි. මේ රට ඔය ස්වාධින කොමිසම් යොදා පාලනය කල නොහැකි බව අප මුලින්ම තේරුම් ගත යුතුයි. ඒකට හේතුව අප රටේ මුලින්ම ස්වාධීන පුද්ගලයන් බිහිවිය යුතුයි. එසේ නොමැතිව කොමිසම් පිහිටුවා ඒවාට ස්වාධීන නොවන පුද්ගලයන් පත්කිරීමෙන් ලැබෙන ප්‍රතිපලයක් නැහැ.

:       0       0

අනුර Tuesday, 25 June 2019 01:31 AM

කථාව සම්පූර්ණ ඇත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 91 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 667 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 405 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 1193 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 67 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2415 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site