(ඩයනා උදයංගනී සහ ඉන්දිකා රාමනායක)
ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් නව අගමැතිවරයෙක් පත්කිරීම හේතුවෙන් ඇතිවූ අර්බුදය මෙම මස 14 වැනිදාට පාර්ලිමේන්තුවේදී විසඳා ගැනීමට හැකිවේයැයි බලාපොරාත්තු වන බවත්, එසේ නොවුවහොත් සටන ඉදිරියට ගෙන යන බවත් එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා රටේ එක් අගමැතිවරයෙක් සිටියදී තවත් අගමැතිවරයෙක් පත්කිරීම් කර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම් මෙන්ම තමන් විසින්ම ගෙන ආ 19 වැනි සංශෝධනය අමතක කිරීමක් බවද නවීන් දිසානායක මහතා සඳහන් කළේය.
මහින්ද රාජපක්ෂ මහතාට මේ වන තුරුත් පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතැයි කී දිසානායක මහතා 14 වැනිදා පාර්ලිමේන්තුවේදී මෙම ගැටලුව විසඳාගෙන ඉදිරියට යාමට හැකිවේ යැයි බලාපොරොත්තු වන බව ද කියා සිටියේය.
එසේ නොහැකි වුවහොත් සටන ඉදිරියට ගෙන ගොස් නුදුරු අනාගතයේදීම ඇතිවී තිබෙන තත්ත්වය වෙනස් කරන බවද ඔහු පැවසීය.
නවීන් දිසානායක මහතා මේ බව පැවසුවේ යුක්තිය උදෙසා නීතීඥයෝ සංවිධානය විසින් කොළඹ නව නගර ශාලාවේදී අද (9) පැවැත්වූ විද්වත් නීතිවේදීන්ගේ කතිකාව’ අමතමිනි.
පුරවැසි බලය සම කැඳවුම්කරු, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දඹර අමිල හිමි, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකා, තලතා අතුකෝරළ, අකිල විරාජ් කාරියවසම්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
14 වැනිදාට විසඳුමක් නැතිනම් සටන දිගටම
සනත් ඉතාලිය Friday, 09 November 2018 03:14 PM
දාන සෙල්ලම් ඔක්කෝම දාලා වරෙල්ලකෝ... අපිත් බලාගෙන තමයි ඉන්නේ පෙබරවාරි 10 ජනවරම පෙන්වන්න.
chathuri Friday, 09 November 2018 03:31 PM
සැලෙන්න එපා. ජනතාව සමග සටන් කරන්න හොරෙක් කවදාවත් ජයක් ලබලා නැහැ... බල්ලෙක් බිරුවට කන්දක් පහත් වෙයිද? යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදයිද? හොරු නඩයයි, සිරිසේනයි ගෙදර යවමු.
Chaminda Friday, 09 November 2018 03:37 PM
ඡන්දයකට එන්න මහත්තයෝ ...
SARATH SILVA Friday, 09 November 2018 03:40 PM
ඔබතුමා නායකත්වය ගන්න. නීතිගරුක පුරවැසියන් ඔබතුමා සමගයි. ජයවේවා!!!
sirimal Friday, 09 November 2018 03:57 PM
පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර ඇතැයි වාර්තා වෙන්නේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළ ගැසට් පත්‍රයට 9 වෙනිදා රාත්‍රී 08.30ට පමණ අත්සන් තබා ඇති බවයි නිල නොවන ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දැන් ඒකට විරුද්ධව දඩු දැම්මොත් ඕන තරම් කල් ලැබෙනවා දෙගොල්ලටම 113 හදා ගන්න.
RNG Friday, 09 November 2018 05:05 PM
ඔච්චර නීති විරෝධී නම් මොකද අධිකරණයට නොයන්නෙ..?
Chanak Los angelesSaturday, 10 November 2018 10:58 PM
අතගාල බලන්න ඔලුවේ අන් තිබෙනවාද කියා ... අධිකරණ තීන්දුව දුන්නත් මහින්ද අගමැති කියා....ඔහු පාර්ලිමේන්තුවට පැමිණ වැඩි බලය පෙන්විය යුතුයි .. කෙලින්ම අල්ලන්න පුළුවන් නහය මොකටද වටෙන් අල්ලන්න යන්නේ ?
lalith Friday, 09 November 2018 11:01 PM
දැන් ආණ්ඩුව විසිරුවලානේ. ඔයාල දුටුගැමුණු නාඩගම පෙන්න පෙන්න ඉන්න. ගනු කඩුව. එනු සටනට.
Bamunuarachchi Friday, 09 November 2018 11:34 PM
ඔන්න අවස්ථාව ලැබිලා තිබෙනවා ජනතාවට තීන්දුව දෙන්න. දැන් ඔබලාගේ ජනතා බලය පෙන්වන්න.
ගල්කටස් Saturday, 10 November 2018 01:42 AM
එන්න එන්න පුජාතන්තුුවාදය රකින්න දැන් නියම අවස්ථාවක් අැවිත් තියෙන්නෙ.රටෙ මිනිසුන්ගේ අවශ්‍යතාවන් තෙරුමි ගන්න බැරි මැටිමොල්ලු ටිකක් ඉන්නෙ ඔයාගේ පක්ෂය තුළ. එවන් අය එක්ක ප්රජාතන්ත්රවාදය රැකගෙන ඉන්න මහත්තයෝ... ඔයාලා අපිට ඕනෑ ජීවන වියදම් අඩු කරන මාතෘභූමිය අාරක්ෂා කරන අයයි පමණි. සමනළ රැන් අපට එපා. නිදහස් නිවහල් හෙළ දෙරණක් අපට අවශ්‍යයි.
KANDEPOLA Saturday, 10 November 2018 03:17 AM
දැන් ඔබතුමාට වෙනම සටනක් කොහොමත් තියෙනවා. ඒ ජනවාරි 5 වෙනිදට නුවරඑළියෙන් කොහොමද පාර්ලිමේන්තු යන්නේ කියන සටන.
anura Saturday, 10 November 2018 06:13 AM
දැන් ඉතින් ගෙදරට වෙලා ඉන්න. ඡන්දෙත් පරදින බව ලෝකයම දන්නවා.
Chanak Los angeles Saturday, 10 November 2018 11:30 PM
ජනපතිට එරෙහිව උසාවි යා නොහැකියි කියා ව්‍යවස්ථාවේ අඩංගුව ඇතත් ඔහු විසින් කියනා ලද කරුණු ඔහු ඒවා මම කීවාද කියා ජනතාවගෙන් ඇසීමත් ඔහු දැන් කතා කරන ආකාරයත් ඒවගේම ඔහු හැසිරෙන ආකාරයත් ගන්නා හා කරනා ලද අත්තනෝමතික ක්‍රියාදාමය දෙස බලන විට පෙනී යන්නේ කිසියම් ආතතියකින් පෙලෙන බවකි .. මේ ක්‍රියා රටට එතරම් යහපතක් නම් නොවෙයි .. මගේ අදහස නම් රටේ පැවැත්මට ජනතා සුභසිද්ධියට හා පරිපාලනය පවත්වාගෙන යාම සඳහා මොහුගේ සැකයට තුඩුදෙන මේ අසාමාන්‍ය තත්වය රටේ හා ජනතාවගේ අනාගතයට බරපතල ව්‍යසනයක් විය හැකියි උපකල්පනය කර මේතාක් කල් ඔහුගේ සංසිද්ධීන් සාක්ෂියට ගෙන නීති මගින් එය සනාථ කරවා එම ධූරය වහාම අහෝසි කරවීමට නීති ප්‍රතිපාදන ඕනවටත් වඩා තිබේ කියායි......
Kaluthara kollo Sunday, 11 November 2018 05:58 AM
එජාපය විනාශ වෙන්න ඕනේ....