12 2836
ශ්‍රී ලංකාවේ සිට බ්‍රිතාන්‍යයට පැමිණෙන දෙමළ ජනතාවගෙන් 85% ක් පමණ ව්‍යාජ ගුවන් බලපත්‍ර සහ ව්‍යාජ වීසා පත් ලබා ගනිමින් එරටට පැමිණෙන බව බ්‍රිතාන්‍යයේ පළවන “ස්කයි නිව්ස් ” ප්රවෘත්ති සේවය අද (18) වාර්තා කළේය.
5 1961
පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් 19 දෙනක බරපතල තුවාල ලබමින් අද උදෑසන හලාවත, මාරවිලදී සිදු වු බස් අනතුර සම්බන්ධයෙන් එම පෞද්ගලික බසයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
0 400
කොළඹ හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහ පෙරහර හේතුවෙන් අද (18) සහ හෙට ( 19) සවස 7 සිට මාර්ග කිහිපයක වාහන ගමනාගමනය සීමා කෙරෙන බව පොලීසිය කියයි.
7 1036
ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අපේක්ෂකයා තෝරාගෙන සන්ධානය හැදීම නොව සන්ධානය හදා එහි සාකච්ඡා කර අපේක්ෂකයා තෝරා ගැනීම සිදු කළ යුතු යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.
6 933
යාන්ත්‍රික කියත් ලියාපදිංචි කිරීමේ කාලය ලබන 28 වැනිදා තෙක් දීර්ඝ කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය පවසයි.
6 3193
තීරු බදු වංචා කරමින් ටොන් 12 ක බීඩී කොළ කන්ටේනරයක් නීතී විරෝධි ලෙස මෙරටට ගෙන්වා එය රේගුවෙන් නිදහස් කර ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප හිමි වු සැකකරු ලබන 25 වැනිදා තෙක් යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (18) නියෝග කළාය.
2 722
දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජනතාව මේ වන විට වියළි කාලගුණයෙන් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
1 783
තංගල්ල නගර සභාවේ ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් ඔහු පිළිබදව විශ්වාසය කඩ වී ඇතැයිද මේ හේතුවෙන් නගර සභාවේ පරිපාලන කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වී ඇති අතර ඔහු එම ධූරයෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී අනිල් සෙල්ලාහැන්නදි මහතා යෝජනා ඉදිරිපත් කළ අතර එම යෝජනාව සම්මත කිරීම සම්බන්ධයෙන් සභාවේ මන්ත්‍රීවරු අතර පැවැති ඡන්දය වැඩි ඡන්ද දෙකකින් අද (18) තංගල්ල නරසභාවේදී සම්මත විය.
5 2846
දෙමළ ජාතික සන්ධානයේ මීළඟ නායකත්වය ගැනීම සඳහා එම සන්ධානයේම ප්‍රබල දේශපාලකයින් තිදෙනෙකු තුන්කොන් සටනක නිරතව සිටින බව උතුරේ ආරංචි මාර්ග සඳහන් කරයි.
0 601
රුපියල් ලක්ෂ තුනක ව්‍යාජ ඩොලර් නෝට්ටු සමඟ සැකකරුවෙකු අද (18) අත් අඩංගුවට ගත් බව කෑගල්ල මුලස්ථාන පොලීසිය කියයි.
15 1921
ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්මාර්ට් ධීවර වරාය ලෙස කලමැටිය ධීවර වරාය සංවර්ධනය කිරීමට ධීවර අමාත්‍යංශය මගින් පියවර ගෙන තිබේ.
27 7791
වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද(18) මාරවිල මහවැවදී ට්රාන්ස්ෆෝමරයක ගැටී සිදු වූ අනතුරෙන් පුද්ගලයන් සිව්දෙනෙකු මිය ගොස් 19 දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ බව මාරවිල පොලිසිය කියයි.
0 2874
ආයුර්වේද වටරවුම දෙස සිට කොළඹ දෙසට මාර්ග තදබදය අවම කර ගැනීම සඳහා හෙට (18) පෙරවරු 7.00 සිට 8.00 දක්වා කිංසි පාර හන්දියේ සිට කේරි විද්‍යාල හන්දිය දක්වා එක් දිසාවකට පමණක් වාහන ධාවනය කිරීමේ විශේෂ රථවාහන සැලසුමක් කි‍්‍රයාක්මත බව පොලිස් මූලස්ථානය කියයි.
10 3145
කැබිනට් මණ්ඩලයේ කොකේන් භාවිතා කරන ඇමැතිවරුන් සිටින බවට සිදුකෙරෙන ප්‍රකාශ පදනම් කරගෙන විමර්ශනයක් සිදුකරන්නැයි සත්‍ය ගවේෂකයෝ සංවිධානය අද (17) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබේ.
2 672
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ සංඥා දෝශයක් හේතුවෙන් අද (17) කොළඹ සිට ගාල්ල බලා ධාවය වූ සමුද්‍ර දේවී දුම්රිය ඇතුළු දුම්රිය කිහිපයක්ම විනාඩි තිහක් පමණ ගිංතොට ප්‍රදේශයේ නැවතී තිබීම හේතුවෙන් දුම්රිය මගීන්ට දැඩි දුෂ්කරතාවයකට පත් වීමට සිදුව තිබිණි.
0 1146
කෙසෙල්වත්ත වේල්ල වීදියේදි සිදු වු වෙඩි තැබිමකින් තුවාල ලැබු පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලු කර තිබේ.
18 3047
මරණ දඬුවම ක්‍රියාත්මක නොකරන්නැයි යුරෝපා සංගමය නැවත වරක් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇත.
8 2599
රාජ්‍ය පරිපාලන සේවයේ නොවන නිලධාරියකු ඌව පළාත් ක්‍රීඩා අධ්යක්ෂ ධුරයට පත් කරන ලෙසට ලබා දුන්නේයැයි කියන නීති විරෝධී නියෝගයක් ක්‍රියාත්මක නොකිරීම නිසා ඌව පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් අබේසිංහ බණ්ඩා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරෙන් ඉවත් කර ඇතැයි පළාත් සභාවේ ආරංචි මාර්ග කියයි.
0 287
කොළොම්පුර කලා මංගල්‍ය යන විරුදාවලිය ලත් ගංගාරාම නවම් මහා පෙරහර හෙට(18) හා අනිද්දා (19) දෙදින වීථි සංචාරය කෙරේ.
15 4294
ඉදිරියේ ඇතිවන සන්ධානයක දී ප්රශ්නය විය යුත්තේ මීළඟ මැතිවරණයේ දී ජනාධිපති හෝ අගමැති කවුද කියන එක නොව මීළඟ ආණ්ඩුව කුමක් සඳහා ද කුමන අරමුණක් සඳහා ද යන්න යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.
49 11682
ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ මහතා) වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියයි.
12 3189
පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියකට අතවර කිරිම සම්බන්ධයෙන් ඇයගේ පියා සහ බාප්පා යක්කලමුල්ල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
7 3414
මොටර් රථ ආනයනය කරන බවට පොරොන්දු වී රුපියල් මිලියන 4.3 ක් වංචා කළ පුද්ගලයකු පිළබඳ සෙවීම සඳහා පොලීසිය මහජන සහය පතයි.
9 3315
බරපතල මූල්‍ය වංචා දූෂණ නඩු විභාග කිරීමේ දෙවැනි ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අලුත්කඬේ මහාධිකරණ ශාලා අංක 01 හි පිහිටුවීමට තීරණය කර ඇතැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
14 795
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ වාර්ෂික නිදහස් තැපැල් පහසුකම් දීමනාව වැඩි කිරිමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
0 2307
දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන මහතා තාවකාලික පදනම මත පොලිස් මුලස්ථානයට මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
16 7745
දකුණු අප්‍රිකාවට එරෙහිව ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී කඩුලු 1 ක අති විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (16 වැනිදා) සමත් විය.
3 1873
තංගල්ල පොලිස් කොට්ඨාශයේ පට්ටියපොල සදාහරිත වතු යායේ පිහිටි ජලය සිදී ගිය වැවක තිබූ ටී 56 ගිනි අවියක් අද(16) දහවල් සොයා ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි.
4 872
’’හදට හදක්’’ භාරකාර අරමුදලේ නව වෙබ් අඩවිය එළිදැක්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) ශ්‍රී ජයවර්ධනපුර රෝහල් පරිශ්‍රයේ දී සිදුවිය.