(දිල්රුක්ෂි  ග්‍රේරු)


පුද්ගල  ඝාතන , මත්කුඩු ජාවාරම් හා සම්බන්ධ  පාතාල සාමාජිකයකු  වන  මොහොමඩ් සියාම් හෙවත් ‘ජී බුම්මා‘ නැමැත්තා  ගම්පොල නිවසක සැඟව සිටියදී අද ( 13) අලුයම අත්අඩංගුවට ගෙන  තිබේ.


පොලිස් විශේෂ කාර්ය බළකාය කළ විශේෂ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරු ,  මේ වන විට ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ  ගෝලයෙකි .


 පසුගිය දිනකදී   ‘කුඩු චුටි‘නැමැත්තියට ඇගේ නිවස තුළදී වෙඩි තැබු සිද්ධියට මෙන්ම තවත් ඝාතන රැසක් සම්බන්ධයෙන් මොහු අත්අඩංගුවට ගැනීම සඳහා  පරීක්ෂණ අරඹා තිබු බවද විශේෂ කාර්ය බළකායේ ඉහළ නිලධාරියෙක්  සඳහන් කළේය.