IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


'වෛද්‍යවරයාට පහර දීම ගැන ක්‍රියාමාර්ග නොගන්නේ නම් වර්ජනයකට යනවා’

ඩී.ජී.සුගතපාල
 
කරාපිටිය රෝහලේ වෛද්‍යවරයකුට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගන්නේ නම් හෙට (7) උදෑසන 8.00 සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ කරාපිටිය ශාඛාවේ ලේකම් වෛද්‍ය මංජුල සොයිසා මහතා පැවසීය.

රෝහලේ රථ ගාලේ වෛද්‍යවරුන්ගේ වාහන නතර කිරිම සම්බන්ධයෙන් පවතින ආරවුලක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවත් තුවාල ලැබු  වෛද්‍යවරයා හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බවත් ඔහුගේ අස්ථි බිඳී ඇති බවත් කීවේය.

මේ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කළ බවත් පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවට අධ්‍යක්ෂ ජනරාල්වරයා රෝහල් අධ්‍යක්ෂවරයාට දැනුම් දී ඇති නමුත් මේ වනතුරු කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ඒ මහතා පැවසීය.

මෙම විශෙෂඥ වෛද්‍යවරයා මෙයට පෙර ද පහරදී ඇති බවත් ඒ නිසා ඔහු වෙනත් ස්ථානයකට මාරු කරන ලෙසත් රථගාලට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙසත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඉල්ලා සිටින බව කීවේය.



අදහස් (15)

'වෛද්‍යවරයාට පහර දීම ගැන ක්‍රියාමාර්ග නොගන්නේ නම් වර්ජනයකට යනවා’

hemantha Thursday, 06 December 2018 09:22 AM

වාහනේ පාර්ක් කරගන්න බැරිවුනත් ලෙඩුන් පලිද. පාපැදි දුන්නා නම් හරි............

:       12       220

ලුම්බිණි Thursday, 06 December 2018 09:41 AM

ලජ්ජා නැද්ද? ඔය ගොල්ල දොස්තරලාද නැත්නම් කොන්දොස්තරලාද?

:       11       217

Jayasiri Thursday, 06 December 2018 10:22 AM

රටේ උගත් පරපුර විනය අතින් පිරිහීම, රටේ අනාගත යට ලොකු පිළිලයක්, රුපියල් පස්සසේ දුවන දොස්තරලාට ලෙඩා උන්නත් එකයි , මලත් එකයි . අපොයි ලංකාව.

:       1       2

sas Thursday, 06 December 2018 10:31 AM

මුන් ගහගත්තාම ඒකට සාමාන්‍ය මිනිස්සුන්ගෙන් පළි ගන්න හදනවා.

:       16       7

karolis Thursday, 06 December 2018 10:56 AM

ඔය ගහපු කෙනා මට පේන්නේ මානසික රෝගියෙක් . ඉක්මනට මානසික වාට්ටුවට දාන්න

:       11       75

kumara Thursday, 06 December 2018 11:07 AM

මමත් මගේ දොස්තර යාලුවෙකුත් එයාගේ තාත්තට හදවත් සැත්කමක් කරන වෙලාවක වාහනෙන් ගියා ඔතනට. එතන පස්සෙන් ආපු ලොකු දොස්තර කෙනෙක් හොර්න් එක ගැහුවා කියලා ආරක්ෂක අංශයෙන් හිටපු කාන්තාව අපිට බැන්නා හරියට නිකන් මහා මෝඩ තාලෙට. මේ අයට ගුණවත්කම් නැති වීම හරි පුදුමයි. විපරිත ලෝකයක්!

:       0       0

Rattharan Thursday, 06 December 2018 12:57 PM

දොස්තරලාගේ ප්‍රශ්න වලට මහජනතාව පලි නැහැනේ. සෞඛ්‍ය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කල යුතුයි ....

:       0       0

ගල්කටස් Thursday, 06 December 2018 01:57 PM

උගත් පාතාලය මෙයාලත් ගැලපෙන්නෙ පාර්ලිමේන්තුවට

:       0       0

prabha Thursday, 06 December 2018 03:58 PM

අන්තිමේටම පව් ගෙවන්න වෙන්නේ දුප්පත් ජනතාවට.

:       0       110

සුපුන්. Thursday, 06 December 2018 04:54 PM

දොස්තරලා ගහගත්තම ඒකටත් පලි ලෙඩ්ඩු ද?

:       0       13

de silva Thursday, 06 December 2018 05:11 PM

මේගොල්ලොන්ට තීරුබදු රහිත වාහන නොදී හිටියනම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැනේ

:       50       74

Kumar Thursday, 06 December 2018 05:18 PM

ගුටි කෑ කෙනා පොලිසියට පැමිණිලි කලේ නැද්ද? ඔයගොල්ලන්ගේ ගුටිකෙලියෙන් ඉතාම දුප්පත් රෝගීන් තමා දුක් විදින්නේ. සල්ලි තිබෙන අයට අමාරුවක් නැහැ.

:       17       9

නීලා Thursday, 06 December 2018 07:34 PM

මට නිකමට හිතෙනවා මේ වගේ ජඩ මානසිකත්වයක් තියෙන දොස්තරලගෙන් බෙහෙත් ගන්න ලෙඩ්ඩු කොහොමටත් අමාරුවේ කියලා. පහත් මානසිකත්වයක් ඇති, උද්දච්ච, ඔලුව උදුම්මාගත් අයෙක් දොස්තර කියා රජ වුණත් වැඩක් තියෙනවද?

:       0       0

jaya Friday, 07 December 2018 12:17 AM

මහජන මුදලින් ඉගෙන්නුවේ මේ වගේ අයටනේ.........

:       0       0

jayath Friday, 07 December 2018 05:40 AM

"අස්ථි බිඳීමකට කියන ශුද්ධ සිංහල වචනේ අට කැඩීම - ඒ කියන්නේ මේ දොස්තරට ඇට කැඩෙන්න ගහල මරු ! ගහල තියෙන්නෙත් දොස්තරයෙක්මයි හැබැයි වෙන එකෙක් ගැහුවනම් අර සංගමය කෑගහයි කෝ දැන් කට්ටිය ? රටේම විනයක් නීතියක් නැහැ නොව !

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 69 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 132 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 164 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 430 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 386 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1631 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site