IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


'දේශපාලන අර්බුදය දින 7කින් අවසන් කරනවා’

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ)

රටේ ඇති දේශපාලන අර්බුදය හා නොසන්සුන්තාවය ඉදිරි සතිය තුළ සම්පූර්ණයෙන් අවසන් කරන බවත් එම අර්බුදය ඇති කලේ තමන් නොව රනිල් වික‍්‍රමසිංහ මහතා බවත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර දුන්නත් රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති නොකිරීමට තමන් තීරණය කලේ ඔහු සමඟ ඇති පෞද්ගලික ප‍්‍රශ්නයක්, පාට පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා නොව ඔහු රටට නොගැළපෙන දේශපාලනඥයෙක් නිසා යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

තමන් ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා වීමට 2014 වසරේ ගත් තීරණය මෙන්ම පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ගත් තීන්දුව ද නිවැරදි දේශපාලන තීන්දුවක් ජනාධිපතිවරයා කියා සිටියේය.

මහින්ද රාජපක්‍ෂ මහතා පත්කිරීමට ගත් තීන්දුව ඊයේ දිනට, අද දිනට මෙන්ම හෙට දිනටත් නිවැරදි බව කී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එය කරනු ලැබුවේ රට බේරාගැනීමේ අරමුණින් බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ 225 දෙනාම අත්සන් කර දුන්නත් රනිල් අගමැති කරන්නේ නැහැ. හේතුම ඔහුගේ හා මගේ පෞද්ගලික ප‍්‍රශ්නයක්, පාට පිළිබඳ ප‍්‍රශ්නයක් නිසා නොව ඔහු රටට නොගැළපෙන දේශපාලනඥයෙක් නිසායි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී අද (4) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමිනි.

‘තීරණය රට වෙනුවෙන්’ යන තේමාව යටතේ මෙම සම්මේලනය සංවිධානය කර තිබිණි.

ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩු කිහිපයකට අතුරු තහනම් නියෝග ලැබී ඇති නමුත් තවමත් අවසන් තීන්දුවක් ලැබී නැතැයි කී ජනාධිපතිවරයා එම දේශපාලන නඩු පිළිබඳව අධිකරණය ලබාදෙන අවසන් තීන්දු තීරණ තමන් ගෞරවයෙන් භාරගන්නා බව ද මෙහිදී සඳහන් කළේය.

නමුත් ජනතාව අධිකරණය පිළිබඳව දරන මතය විවිධාකාර බව ජනාධිපතිවරයා පැවසීය.

දූෂණයට, වංචාවට, සොරකමට, පාවාදීම්වලට විරුද්ධව රට තුළ යහපත් සමාජයක් ගොඩනැගීමට තමන් එම තීන්දු දෙකම ගත් බව මෛත‍්‍රීපාල සිරිසේන මහතා කීවේය.

2015 ජනවාරි 9 වැනිදා තමන් ඉදිරියේ දිවුරුම් දුන් රනිල් වික‍්‍රමසිංහ මහතා එදා ලක්‍ෂ 62කට වැඩි ඡන්දයෙන් බිහිකළ පවිත‍්‍ර, යහපාලන දේශපාලන සංකල්පය අමු අමුවේ දූෂණය කළ බවත් එය වසර තුන හමාරක් තිස්සේ ඉවසමින් තමන් ආ ගමන ලේසි පහසු නොවන එකක් බව ද ජනාධිපතිවරයා පැවසීය.

ඔහු ඉවත් කර මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිධූරයට පත්කිරීම හදිසි තීන්දුවක් නොව වසර තුන හමාරක් දුෂ්කර ගිරි දුර්ගයක ගමන් ගනිමින් ගත් තීන්දුවක් බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

රනිල් වික‍්‍රමසිංහ මහතා යහපාලන ආණ්ඩුව, රට, එක්සත් ජාතික පක්‍ෂය මෙන්ම තමාව ද විනාශ කළ බව කී ජනාධිපතිවරයා ඒ සියල්ලට දිය හැකි පිළිතුර වූයේ ඔහු අගමැති පුටුවෙන් පන්නා දැමීම බව ද කීවේය.

එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අන්ත දක්‍ෂිණාංශික ලිබරල්වාදී වැඩපිළිවෙලෙහි කුණුගොඩක් බවට රට පත්නොවිය යුතු බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

පක්‍ෂය ගොඩනැගුණේ එස්.ඩබ්ලිව්.ආර්.ඞී බණ්ඩාරනායක මහතාගේ, සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ඇතුළු නායකයින්ගේ මෙන්ම පක්‍ෂය සමඟ සිටි කම්කරු හා වෘත්තීය සමිති නායකයින්ගේ ලෙයින් හා කඳුළින් බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර, පක්‍ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, පක්‍ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.

ඡායාරූප සහ විඩියෝ - ශාන්ත රත්නායක

 



අදහස් (46)

'දේශපාලන අර්බුදය දින 7කින් අවසන් කරනවා’

lakmal Tuesday, 04 December 2018 11:57 AM

මට නම් මේ මහත්තය කියන කිසිම දෙයක් විශ්වාස කරන්නට බැහැ.

:       1       112

Amila Tuesday, 04 December 2018 12:12 PM

ඊයේ කිව්වේ පැය 24න් විසදනවා කියලනේ. ඔවා එක්කෝ කොහේ හරි ලියලා තියගන්න ඉක්මනට අමතක වෙන නිසා මහත්තයෝ. තමන් විසින්ම තමන්වම විනාශ කරගන්න චරිතයක් දැක්කමයි.

:       0       18

Himasha Tuesday, 04 December 2018 12:22 PM

කවට අන්දරේට පසු පහලවූ හොඳම දේශපාලන විහිලුකාරයා....සහ නූතන සිරිලoකා බයිලා රජු.....

:       1       31

Raveendra Tuesday, 04 December 2018 12:30 PM

ඔහේ පරිනත මහජන නියෝජිතයෙක් කියල නේද කියන්නේ ??? නමුත් අපි සාමාන්‍ය පුරවැසියන් හැටියට මේ සුත්තර පුංචව හොදහැටි හදුනනවා...මෙයා විතරක් නොවේ ඔහේ ඇතුළු ගවයන් 225 ම අපනම් හොදින් හදුනනවා තේරුනාද ,මේ අපේ බදු මුදල්වලින් සුර සැප විදින අපේ රටේ මුල් පුරවැසිය ට මේ අපි කියන්නේ. " හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී " යන අරුත්බර ගීතය් සිහි කරමින් මෙසේ පවසන්නෙමු... තම උපන් මාතෘ දුමියට අවංක වෙයව් නිල් , කොළ ,රතු පාදඩයනි..... නැතිනම් තොපේ පව්ල්වලටත් සාප වෙනවා නියතය.

:       6       297

Sunil gamini Tuesday, 04 December 2018 12:41 PM

සත පහකට විස්වාස කරන්න බෙහෙ අපේ ජන්දිපතිව

:       1       25

Rata Perata Tuesday, 04 December 2018 01:04 PM

ඔව් ඉතින්, පටන්ගත්ත ඒකාම තමයි ඕක නවත්තන්න ඕන. අපි කරපු මගුලක් නෙමෙයිනේ.

:       0       79

sandy123 Tuesday, 04 December 2018 01:14 PM

ඔබවත් දේශපාලනයෙන්ම අතුගා දැමීමට කාලය එලබී ඇත.

:       1       171

තර්ස්තයා Tuesday, 04 December 2018 01:19 PM

කන්න ඕන වුනාම කබරගොයත් තලගොයා වෙනවලු නේද ? හැම ලිබරල් වාදියෙක්ම දේශපාලනයෙන් වහාම අයින් විය යුතුය් . ඒ අය අගමැති වීමට සුදුසු නොවේ . ඒ එක්කම දූෂණයට, වංචාවට, සොරකමට, පාවාදීම්වලට විරුද්ධව ගොනු කල නඩු ටිකට මොකද වුනේ කියල කව්රුත් දන්නේ නැහැ නේද ? මේ හැමදේකටම හේතුව ඒකයි කියලා නම් මහජනතාව දන්නවා . සොරි අසුචි ගොඩවල් කොළයෙන් වැහුව්වාට ගද ගහන එක වලක්වන්න බැහැ.

:       10       718

sirimal Tuesday, 04 December 2018 01:21 PM

මේකත් අර "කුඩු කාරයෝ එල්ලනවා, අවීචි මහ නරකාදියට ගිහිල්ල හරි දුෂිතයන්ට දඬුවම් දෙනවා, රාත්‍රී 12 ට කටුනායක ගේට්ටු වහල හොරු රටින් පනින එක නවත්වනවා, අලුත් පක්ෂයක් හදල බලමුකෝ " වගේ පොරොන්දුවක්ද? නිමල් සිරිපාල මහත්තයට හරි චමල් රාජපක්ෂ මහත්තයට හරි අගමැති කම දීල මේ අවුලෙන් ගොඩ එන්න නම් පුළුවන් වන එකක් නැහැ.

:       1       568

Priyantha Tuesday, 04 December 2018 01:28 PM

ඔය පුංචි මොලේට තේරෙන තරම තමා.ඔඪිට වඩා දෙයක් කොහොම බලාපොරොත්තු වෙන්න්ද???

:       0       74

rohan Tuesday, 04 December 2018 01:30 PM

එක එක කෙනාට ඇගිල්ල දිකරන්නේ මේ අර්බුදයේ පටන් ගතේ ඔබතුමා එක මුළු රටම දන්නා කරුණක්.ඒකනිසා ඔබම තම විසදන්න ඕනේ.

:       1       73

රමල් Tuesday, 04 December 2018 01:44 PM

අපි ඔය වගේ කතා ඔය කටින්ම වෙන දේවල් ගැන අහලා තියනවා. නමුත් වෙච්ච දෙයක් නැ ගොයිඕ ....හිටන් කියන බොරු හුටන් ල විශ්වාස කරාවි.

:       0       80

කල්පනා Tuesday, 04 December 2018 01:53 PM

225 දෙනාම අත්සන් කලාම නොකලොත් කරන්නේ මොනවද කියලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බව ජනතාවත් දන්නවා.

:       0       127

Hafeel Tuesday, 04 December 2018 01:54 PM

එක වෙලාවට කියනවා රනිල් ඔහුව ඝාතනය කරන්න කුමන්ත්‍රණ කළයි කියල. තවත් වෙලාවට කියනවා අවුරුදු තුනහමාරක්ම රනිලුත් එක්ක බොහොම අමාරුවෙන් ගත කළා කියල. මහින්දට අඩි හයේ කතාව කිව්වේත් චන්ද දිනන්නලු. බලනකොට මෙයාගේ කටින් පිට වෙන්නෙම බොරුනේ. අද වෙනතුරු රනිල්ට චෝදනා කරනවා මිස, රනිල්ට එරහිව ඇයි නීතිමය පියවර නොගත්තේ? අඩුම තරමින් ඝාතන කුමන්ත්‍රණයට හරි රනිල්ව අත් අඩංගුවට නොගත්තේ ඇයි? කොහොමහරි මෙයා රට අස්ථාවර කරලා පාඩුවෙන් ඉන්නවා.

:       0       196

sirimal Tuesday, 04 December 2018 02:09 PM

පක්ෂයේ අනුශාසක වරු දෙන්නෙක්ම ඇවිල්ල නැහැනේ. ජනාධිපති තනතුර ලබාදීමට දර දිය ඇද්ද කට්ටියට ඔහොම අපහාස කරපුඑක ගැනනම් කවුරුවත් හොඳක් කියන එකක් නැහැ.

:       0       140

රවින් Tuesday, 04 December 2018 02:23 PM

මිට පස්සේ වැසිකිලියට යන්න ඉස්සෙල්ලා බැලුවොත් හොඳයි සෝදා/පිහිදා ගන්නේ කොහොමද කියලා. මුළු ලෝකෙම ගඳ ගස්සන්නේ නැතිව.

:       53       230

විජිත්Wednesday, 05 December 2018 01:11 PM

අපේ රටේ දේශපාලකයින් වැසිකිළියට ගියාට පස්සේ පිහාගන්නෙත් නැහැ. හෝදාගන්නෙත් නැහැ. එහෙම දෙයක් ගැන ඒ අයට එතරම් හැඟීමක් ඇතිවෙන්න තරමට බුද්ධියක් නැහැ. එ් නිසා තමයි දේශපාලකයා යනයන තැන "දුර්ගන්ධයක් හමන්නේ". කුහුඹියෙකුට තියෙන තරම්වත් බුද්ධියක් නැති මේ සත්ව කොට්ටාශයේ මොලය නම් කුඩා කොටසක් ශරීරයේ පහතින්ම ඇති කොටසේ ශේෂවී ඇත. ඒ කුඩා මොලයේ එකම කාර්ය "හොරා කෑම" ය.

:       0       155

kawindaWednesday, 05 December 2018 02:40 PM

සහතික ඇත්ත විජිත අයියේ...

:       0       206

Nihal Tuesday, 04 December 2018 02:38 PM

මේ විදියට රට බේරගන්න ඕන සිරිසේන කෙනෙකුට පුළුවන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවරයි.

:       56       206

විජිත් Tuesday, 04 December 2018 03:13 PM

මට පෙන්නේ මේක ටිකක් ඔඩු දුවපු කතාවක් වගේ ..සමහරවිට ජනාධිපතිතුමාව සමනලුන්ගේ සංගමයට ගන්න උත්සහකලාද කියලත් සැකයි...අනේ මන්ද.

:       48       229

එරික් Tuesday, 04 December 2018 03:19 PM

අනේ කවුරුහරි පොතක් ලියල හරි පත්තරේ දාලා හරි පැහැදිලි කරන්නකෝ වැරදි මෙයා කියලා.

:       0       195

Sunil Tuesday, 04 December 2018 03:58 PM

ඇයි , අස්කල ගමන් රනිල් බඩුත් අරන් ගෙදර ගියේ නැති හින්දද ? 2001 දී එහෙම කලේ ව්‍යවස්තාවට අනුව, නමුත් අද 19 සංශෝධනය තියෙනවා.

:       0       164

Saman Tuesday, 04 December 2018 04:00 PM

" එකක් කඩතොළු වසාගන්නට ගොසින් මට වුන කාරියා සියක් කඩතොළු හදා දුන්නැයි ............ ආචාරියා"

:       0       64

gamaathi Tuesday, 04 December 2018 04:18 PM

මහජනතාවට මෙම නිමක්නොමති දිනවකවානු කතා අහලා තිත්තවෙලා තියෙන්නේ.

:       0       42

Saththaya Tuesday, 04 December 2018 04:25 PM

හදිස්සි වෙන්න නම් දෙයක් නැහැ , ජනතාව සැපෙන් , පක්ෂ පාට නොබලා කටයුතු කල නිසා .

:       0       605

Chanak Los angeles Tuesday, 04 December 2018 05:14 PM

පිටකරන වචනයක් වචනයක් පාසා මොහු පහලටම ඇද වැටෙනවා . මොහුගේ මේ දුෂ්ට විලාශය පරිනත දේසපාලකයන්ට එදා තේරුම් ගන්න නොහැකිවූ දෙය නම් මහා අපරාධයක් ..

:       0       131

Kumar Tuesday, 04 December 2018 06:27 PM

සිරිසේන මහත්මයා තවදින 7 කින් ඉල්ලාස්වෙනවද. එහෙම වාසනාවක් කොහෙද තියෙන්නෙ.

:       0       105

Appuhami Tuesday, 04 December 2018 07:58 PM

මේ කතා කලේ ලංකාවේ ජනාදිපති තුමාද ?

:       0       105

Ranaweera Tuesday, 04 December 2018 11:15 PM

වහාම ජනාධිපතිවරණයක් කැදවන්න පුශ්ණ සියල්ල විසදේවි.

:       0       207

rocky Tuesday, 04 December 2018 11:34 PM

ඔබතුමා කියන කිසිම දෙයක් දැන් විස්වාස කරන්න බැහැ!

:       0       114

Wijebahu Wednesday, 05 December 2018 01:02 AM

බොරු කාරයෙක්.

:       0       242

කල්පනා Wednesday, 05 December 2018 02:17 AM

අතීත අත්දැකීම් අනුව බලනවිට 1988 දී ජනාධිපතිවුනේ ප්‍රේමදාස මැතිතුමා.අගමැතිකමට සුදුසුසන් දෙදෙනෙකු වන ගාමිණී හා ලලිත් සිටියත් දෙදෙනාම ජනාධිපතිගේ අධ්‍යාපන මට්ටමෙන් ඉහල අයනිසා අගමැති කමට පත්කලේ හිටපු සමුපකාර පරීක්ෂක විජේතුංග මහතා.දැනට වෙලා තියෙනෙත් එයමයි.දෙවැන්න රනිල් මේ රටට නොගැලපෙනවා කියන්නෙ එතුමා අනාගතය දකින දියුණුවක් අපේක්ෂකයෙකු නිසාත් රටේ වැඩිදෙනෙක් කන්න දෙනවනම් අපිට බොන්න දෙනව නම් අපිට ගීතයේ ක්‍රමයට ජීවත් වන අයවීමත් නිසාත් කියල හිතෙනවා.

:       0       120

BamunuarachchiWednesday, 05 December 2018 02:11 PM

ඔහේ මොනපැත්තෙන්ද කතා කොරන්නේ කියන්නකෝ..? රනිල් මෙරටට මේ අවුරුදු 4 ට කළ සේවය මොකක්ද? පිට ජාතිකාරයෙක් සමග එකතුවී මහා බැංකුව මංකොල්ල කෑම හැරෙන්නට.

:       358       0

මල්ලී Wednesday, 05 December 2018 03:21 AM

රටේ ඉන්න මෝඩයෝ ටික රැස්වෙලා...

:       0       264

විජිත් Wednesday, 05 December 2018 06:28 PM

මේ දෙතුන් ගොල්ලම එකතුවෙලා අපේ ලස්සන රට නැත්තටම නැතිකළා. මුළු රටේම ධනය කොල්ලකාගත්තා.

:       0       44

de silva Wednesday, 05 December 2018 04:18 AM

රනිල් අගමැති නොවී එජාපෙ වෙන කවුරු හරි අගමැති වුනොත් , රනිල් ගැන කලකිරී පැත්තකට වෙලා ඉන්න එජාපෙ බහුතර පාක්ෂිකයන් නැවත උද්යෝගිමත් වෙලා 2020 දී තිබෙන ජනාධිපතිවරන පාර්ලිමේන්තු මැතිවරණ වලට සුදානම් වෙන නිසා ඔබතුමාට සහ ඔබතුමාගේ පක්ෂෙට ලොකු අභියෝගයක් වෙනවා , මහින්ද මහත්මය බලයේ ඉන්න කොට නිතරම උත්සහ කරේ රනිල් විපක්ෂ නායක සහ එජාපෙ නායක ලෙස තබාගන්න

:       336       5

ravi Wednesday, 05 December 2018 06:37 AM

අතුගාන තරමට .. තමයි පිරිසිදු වෙන්නේ .. එහෙනම් ඔක්කොම කුණු ඇතුගල දාමු .. !

:       0       0

Deepal Nirosh Wednesday, 05 December 2018 07:10 AM

අර්බුදයට රනිල් වගේම ඒ කැබිනට් මණ්ඩලය නියෝජනය කළ ඔබ ඇතුළු සැවොම එකසේ වගකිව යුතුයි. රනිල් පිට පටවා ඔබතුමාට නිදහස් වෙන්න නම් බැහැ. හැබැයි දින 7කින් දෙන විසඳුම මොකද්ද කියා දැනගන්න අවශ්‍යයි. අපි දන්න තරමට නම් එකම ප්‍රශස්ත විසඳුම පාර්ලිමේන්තුව විසුරුවා මහ මැකිවරණයක් කැඳවීමයි.

:       167       1

Rohana Wednesday, 05 December 2018 08:07 AM

78 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපුවෙලාවේ ඇන් ඇම් පෙරේරා හෝ කොල්වින් හෝ දෙදෙනාම කියල තිබුන ජනාධිපතිලෙස පිස්සෙක් පත්වුනොත් මොකද වෙන්නේ කියල. දැන් ඒක තමයි වෙලා තියෙන්නේ.

:       0       509

ROHAN DAYADARA paris Wednesday, 05 December 2018 09:11 AM

225 ම කැමති උනත් දෙන්නේ නෑ හිට්ලර්ට එහා ගිය ප්‍රකාශයක් ඉතා බරපතලයි මෙය හැදින්විය හැක්කේ ...ශ්‍රී ලංකා ඒකාධිපති රජය ලෙසයි ....!!!

:       0       373

Bamunuarachchi Wednesday, 05 December 2018 02:05 PM

ජනාධිපතිතුමනි, රනිල් රටට නොගැලපෙන නායකයෙක් බව ජනතාව හඳුනා ගත් නිසා තමයි ඔහුව 30 වතාවක්ම ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කලේ. 2005 දී ඒ බව අවබෝධකරගත් ප්‍රභාකරන් රනිල්ට ඡන්දය දීම තහනම් කළා.

:       173       0

Bangomunu.Thursday, 06 December 2018 02:39 AM

මේ කතා මිනිසුන් පිළිගන්නේ නැහැ.

:       0       176

SuranimalaThursday, 06 December 2018 06:53 PM

ඔබේ ලස්සන නාමය උපතින්ම ලැබුණ එකක්ද? ගලප ගත්තාම නම් අර්ථවත් නාමයක්.

:       0       0

චන්ද්‍ර Thursday, 06 December 2018 04:41 AM

පුදුම දේශප්‍රේමීන් ටිකක් තමයි අපිට ඉන්නේ............. ලැජ්ජා නැති අය...............

:       0       0

ranil Saturday, 08 December 2018 03:47 AM

ජනාධිපතිවරණයක් තියලා පන්නන්න ඕනෑ...

:       0       0

de silva Saturday, 08 December 2018 08:32 PM

අර්බුදය දින හතෙන් ඉවර කිරීම කෙසේවෙතත් අර්බුදය විසින් ඔබව ඉවර කර ඇතිබව පෙනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 61 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


පොහොට්ටුවේ ජනපති අපේක්ෂක මැයි රැළියේදී එළියට
2024 අප්‍රේල් මස 23 479 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මැයි රැළියේදී ප්‍රකාශයට පත් කරනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග වලින් පැවසේ.


දියතලාව අනතුරු ගැන සොයන්න යුද හමුදාවෙන් විශේෂ කමිටුවක්
2024 අප්‍රේල් මස 23 171 0

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රෝස් තරගාවලිය අතරතුර සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකිරීම සදහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත 7 දෙනකු ගෙන


චමරි අතපත්තු ලෝකයේ පළමු තැනට එයි
2024 අප්‍රේල් මස 23 734 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලේ නායිකා, සුපිරි පිතිකාරී චමරි අතපත්තු ලෝක කාන්තා එක්දින පිතිකාරීයන් ශ්‍රේණිගත කිරීමේ පළමු ස්ථානය හිමිකරගැනීමට සමත්ව


අනුර දුන් දිනවල සජිත්ට වැඩලු
2024 අප්‍රේල් මස 23 809 8

සමඟි ජන බලවේගයේ නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර යෝජිත විවාදයට ජාතික ජන බලවේගය දුන් දිනවල


චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 575 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 276 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1510 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site