(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.ඒ.එස්.වීරවංශ)

බළන්ගොඩ නගරය ආසන්නයේ පිහිටි ශෛලතලාරාම විහාරස්ථානයට දැව තොගයක් රැගෙන යමින් තිබූ ලොරි රථයක් පසුපසට පැමිණ පල්ලමේ පිහිටි නිවසක් මතට අද (18) පෙරළීමෙන් ලොරියේ ගමන්ගත් දෙදෙනෙක් මියගොස් තවත් දෙදෙනෙකුට බරපතල තුවාල සිදුව ඇතැයි බළන්ගොඩ පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ බළන්ගොඩ මුගුණමලේ පදිංචිකරුවන් වූ සුගත්කුමාර 35 හැවිරදි අවිවාහක පුද්ගලයෙක් සහ ජෝතිපාල නම් 55 හැවිරිදි විවාහක පුද්ගලයෙකු බව ද පොලීසිය කියයි.

තුවාලකරුවන් දෙදෙනා බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර මියගිය දෙදෙනාගේ මෘත දේහයන් රෝහලේ තැන්පත් කර ඇත.

එම විහාරස්ථානයට යාමට ඇත්තේ දැඩි කඳු සහ පල්ලම් සහිත පටු මාර්ගයකි. අනතුර සිදුව ඇත්තේ එම පටු පාරේදී බව පොලීසිය පැවසුවේ ය.