(අජන්ත කුමාර අගලකඩ)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම මහ බැංකුවට මුදල් යවා පාලනය කළ හැකි නමුත් එය දිගට පවත්වාගෙන යා නොහැකි බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා අද (18) පැවැති කැබිනට් රැස්වීමේදී  ප්‍රකාශ කර ඇත.

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යෑම ශ්‍රී ලංකාවට පමණක් තිබෙන ප්‍රශ්නයක් නොවන බවත් එය ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට බලපාන බවත් ඇමැති සමරවීර මහතා ප්‍රකාශ කර ඇත.

මුදල් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය පහළ යාම සම්බන්ධයෙන් කැබිනට් රැස්වීමේදී ඇතිවු සංවාදයකට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් ඇමැති පාඨලි චම්පික රණවක මහතා ද පැහැදිලි කර ඇති අතර ඇමෙරිකාවේ පොලි අනුපාතය ඉහළ යාමත් සමඟ ඇමෙරිකාවට මුදල් ඇදි යාම වැඩි වී ඇතැයි පවසා තිබේ.