Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශිරාන් රණසිංහ)
අත්තනගල්ල සිත්තම්මහර බෝනෑගල හරහා අත්තනගලු ඔය මත ඉදිකෙරුණු පාලම හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතින් අද (22) උදෑසන 11.00 ට පමණ විවෘත කරන අවස්ථාවේදී බස්නාහිර පළාත් මන්ත්‍රීවරයකු ඇතුළු ආධාරකරුවන් පිරිසක් එම ස්ථානයට පැමිණ ‘හූ‘ කියමින් සිදුකළ විරෝධතාවයක් නිසා උත්සවය කලහකාරී විය.
මෙම අවස්ථාවේ පිරිසක් ශබ්ද විකාශන යන්ත්‍ර අක්‍රීයවන පරිදි බයිසිකල් චේන් පටකින් ප්‍රධාන විදුලි කම්බි මතට පතිත කර විදුලිය විසන්ධි කිරීමට උත්සාහ කළහ. මෙම අවස්ථාවේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කලබලයට පත් නොවී උත්සවයේ කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන ලෙසට සංවිධායකවරුන්ට දැනුම්දුන් අතර ඇමැති ලසන්ත අලගියවන්න, ෆයිසර් මුස්තාපා යන මහත්වරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
අත්තනගලු ඔය හරහා ඉදිකළ මෙම පාලම චන්ද්‍රිකා මහත්මියගේ මැදිහත්වීම මත ලබාදී තිබූ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාව සහ වෙනත් පිරිසක් මෙම උත්සවය කඩාකප්පල් කිරීමට ක්‍රියාකළ බව උත්සව සංවිධායකවරු කියා සිටියහ.
මීට දින කිහිපයකට පෙර පළාත් සභා මන්ත්‍රීවරයකු සහ අත්තනගල්ල ප්‍රාදේශීය සභා සභාපති ඇතුලු පිරිසක් විසින් රාත්‍රී කාලයේ හදිසියේම මෙම පාලම විවෘත කිරීමට කටයුතු යොදා තිබිණි.
Nandalal DE SILVA - France Saturday, 22 September 2018 08:22 AM
මෙහෙම තවත් අය ඉන්නවද, රට වටේම? මෙයාගේ නම ලියපු බෝඩ් ලෑල්ලක් පාලමේ එල්ලලා යන්න දුන්නානම් එයා "සතුටු වෙනවා" නොඅනුමානයි !!!
Reply : 13 179
Raveendra Saturday, 22 September 2018 08:56 AM
මූලික අරමුණ විවෘත කිරීම. පොදු මහජනතාවට සේවය කිරීම නොවේ. මේවගේ දේශපාලකයින් මෙපින්බිමෙන් මකබෑවේවා...!!!
Reply : 66 383
Perakum Saturday, 22 September 2018 09:58 AM
ප්‍රාර්ථනා කළාට අරමුණු ඉෂ්ඨ වන්නේ නෑ රවීන්ද්‍ර. ඒ පිළිබඳ වගකීම ඇත්තේ අප අතේමයි. එබැවින් ඉදිරියේදී කතිරය ගහන කොට අප කවුරුත් ඉතා කල්පනාකාරී විය යුතුය.
Reply : 21 290
ලුම්බිණි Saturday, 22 September 2018 10:05 AM
මේකෙන්ම පේනවා මොවුන්ට වැදගත් වෙන්නේ පාලම නොව එය විවෘත කරන්නේ කවුද කියන එක බව...
Reply : 19 163
Priyankara Saturday, 22 September 2018 10:06 AM
චන්ද්‍රිකා නෝනට දැන් තියෙන්නේ කට වහගෙන ගෙදරට වෙලා ඉන්න එක. රනිල් එක්ක එකතුවෙලා රට කෑව ඇති. මේ ප්ලෑන් එක හින්ද තමා අපේ රට මේ තත්වෙ තියෙන්නේ.... ඒත් අද!
Reply : 1328 1257
රවින් Saturday, 22 September 2018 01:08 PM
පොදු ජනතාවනි !! වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු දේශපාලුවන්ගේ නම් මහජන මුදලින් සදනලද වියපෘති වලින් ඉවත් කිරීමේ කාලය එළඹී ඇත. ඔව්නොවුන්ගේ පුද්ගලික වියදමින් තනන ලද පොදු ජන ව්‍යපෘති වල හැර අනිකුත් සියලු ස්ථාන වලින් සියලුම දේශපාලුවන්ගේ නම් ඉවත් කලයුතුවේ. නැතිනම් අපේ හම උන්ගේ නම කියලා හූල්ල හූල්ලා ඉන්න.
Reply : 0 264
erdi Saturday, 22 September 2018 01:26 PM
ගිය ගිය තැන ඉවරයි. චන්ද්‍රිකා නෝනාට අයිතියක් නැද්ද පාලමක් විවෘත කරන්න. හැමදේම කරන්න ඕනෙ අප්පච්චිද?
Reply : 315 308
dhamneth Sunday, 23 September 2018 01:04 AM
මේ පාලම ඉදිකරේ ප්‍රාදේශීය සභාවෙන්ද? අවුරුදු 70 ගණනකට පෙර සුද්දන් හැදු පාලම්, ගොඩනැගිලි ආදියට සුද්දන්ගේ නම් දාගන්න ඒ ඇත්තන්ට නම් මෙහෙම පිස්සුවක් තිබිල නැහැ.
Reply : 43 1
sarath Sunday, 23 September 2018 01:14 AM
මෙම පාලමට වඩා විශාල පාරවල් ,පාලම් කිසිවෙකු නැතිව මහජන භාවිතයට නිදහස්කොට ඇති අයුරු (බොහො විට උදේ පාන්දර යනවිට ඊට පෙර රාත්‍රියේ වැඩ අවසන් කර මාර්ග බාදක අයින්කොට තැබූ පාලම,පාරවල් ) වෙනත් රටවලදී දැක ඇත්තෙමි. දෙපාර්ශවයේම නූගත් කම උපරිමයෙන් පෙන්වන අවස්තාවක් ලෙස දකිමි !
Reply : 25 3
Dhammika Sunday, 23 September 2018 09:41 AM
මම වැඩකරන රටෙත් එහෙම තමයි. මාර්ග පාලම හැදීම රජයේ වගකීමක්... ඒවා දිනපතා හදනවා. උදේට පොලිසියෙන් සහ මාර්ග සංවර්ධන එකෙන් විවෘත කරලා වාහනත් යනවා. උත්සව නැහැ. අපි ඉන්නෙත් ජනතාවගේ චින්තනය තියෙන්නෙත් ලෝකයේ බොහෝ රටවලට සාපේක්ෂව වසර 50ක් පස්සෙන්, මේවා පාලකයින්ගේ අනුකම්පාවට හදල දෙනවා වගේ ලංකාවේ අය හිතන්න පුරුදුවෙලා තියෙන්නේ...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.