(ක්‍රිෂාන්ජීවක ජයරුක්)

මොරවක 15 හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයින් තිදෙනෙකු අද (19) අත්අඩංගුවට ගත් බව මොරවක පොලීසිය පවසයි.
2016 වසරේ සිට අවස්ථා ගණනාවකදී එම දැරිය සැකකරුවන් පස් දෙනෙකු අතින් අපයෝජනයට ලක්ව ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණයවී ඇත.
පිය සෙනෙහස අහිමි මෙම දැරිය අවස්ථා ගණනාවකදීම අපයෝජනයට ලක්වී ඇති අතර, ඒ පිලිබඳව ඇය සිය මව සමග මොරවක පොලීසියට පැමිණිලි කිරීමත් සමඟ මෙම සිද්ධිය පිලිබඳව පරීක්ෂණ ආරම්භ කෙරිණි.
අත්අඩංගුවටගත් සැකකරුවන් අතර මොරවක නගරයේ ගෘහ විදුලි අලෙවිසලක සේවකයෙකු ,ගරාජ් සේවකයෙකු හා ත්‍රීරෝද රථ රියදුරෙකු සිටින බව පොලීසිය සදහන් කරයි.
ඔවුන් හෙට (20) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
මෙම අපරාධයට සම්බන්ධ හා ඊට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් අත්අඩංගුවටගැනීමට පරීක්ෂණ පවත්වන බව පොලීසිය කියයි.