(නිමන්ති රණසිංහ )‍
 
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුළ දී  තමා  ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි   මේ වන විට රඳවා ගැනීමේ නියෝග මත අපරාධ දෙපාර්තමේන්තුවේදී ප්‍රශ්න කිරීම් සිදු කරන ඉන්දියානු ජාතික  මර්සලීන් ගෝමස් නැමැත්තා අද (23)  කොළඹ  කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේදී  විවෘත අධිකරණයේදී ප්‍රකාශ කළේය.


අද  විත්තිකරු විත්ති කූඩුවේ හිඳ  කළ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ලිඛිතව  අධිකරණයට කරුණු දන්වන ලෙස මහෙස්ත්‍රාත්වරිය  ඔහුට දැනුම් දුන් අතර ඊට අවශ්‍ය කඩදාසි සහ පෑන්  බන්ධනාගාරය මාර්ගයෙන් ඔහුට ලබා දෙන ලෙසද    නියෝග කෙරිණි. 


ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්‍ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයට සම්බන්ධ බවට  මොහු අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටියදී අද නඩුව කැඳවූ අවස්ථාවේදී ඔහු මෙලෙස ප්‍රකාශ කර තිබේ.

 ( ඡායාරූප - ලහිරු හර්ෂණ )