(සුමතිපාල දීයගහගේ) 

වැල්හේන්ගොඩ - තිත්තගල්ල මාර්ගයේ වැල්හේන්ගොඩ ගුණරතන විදුහල අසලදී අද (18) යතුරුපැදියක වේගය පාලනය කර ගත නොහැකිව එම යතුරුපැදිය පෙරලී ගොස් ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබූ 17 හැවිරිදි පාසැල් සිසුවෙකු මිය ගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ අහංගම වැවිලිහේන පදිංචිකරුවෙකුවූ සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටීමට සුදානම්වූ සිසුවෙකි.

අධික වේගයෙන් පදවා ගෙන ගොස් ඇති යතුරුපැදිය ගුණරත්න විදුහල අසලදී බිම පෙරලී   අඩි කීපයක් ඉදිරියට ඇදී ගොස් ඉදිරියෙන් පැමිණි ලොරි රථයක හැපීමෙන් බරපතල තුවාල ලැබ කරාපිටිය ශීක්ෂණ රෝහලට ඇතුලු කළ පසු මිය ගොස් ඇති බව පොලිස් පරීක්ෂණවලදී  අනාවරනයවී ඇත.

මිය ගිය අයගේ මරණ පරීක්ෂණය කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතව ඇත.