(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
තලවතුගොඩදී  සිදු වු අනතුරකින් පසු දියවන්නා ඔයට පෙරලුණ බී.එම්. ඩබ්ලිව් රථය පදවාගෙන පැමිණි පුද්ගලයා අද (19) පොලීසියට බාර වී ඇත.
ඉකුත් 17 වැනිදා අලුයමදී  සිදු මෙම අනතුරින් කොළඹ පෞද්ගලික අයතනයක  ගණකාධිකාරවරයෙකු සහ ඇගේ සැමියා  ගමන් කළ මෝටර් රථයක් හා නීතීඥවරයකු පදවාගෙන ගිය මෝටර් රියකටද දැඩි හානි වී තිබු අතර අනතුර සිදු කර පළා යමින් තිබු බී එම් ඩබ්ලිව් වර්ගයේ මොටර් රිය  දියවන්නා ඔයට පෙරලීමෙන් පසු එය පදවාගෙන පැමිණි පුද්ගලයා පලා ගොස් තිබිණි.
එහි අයිතිකරු කැබිනට් අමාත්‍යවරයකුගේ ඥාතියකු බව පොලිස් පරීක්ෂණවලින් හෙලිවී ඇතැයි තලංගම පොලීසිය පවසයි.