(අජන්ත කුමාර අගලකඩ)

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ හමුදාවේ ඉහළ නිලධාරීන්  අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර තිබු ඔවුන්ට එරෙහිව නඩු ගොනුකර නැතැයි ද ජනාධිපතිවරයා කීවේය.

ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, කීත් නොයාර්ට පහරදීම , එක්නැලිගොඩ පැහැරගෙන යාම, තරුණයින් 11 දෙනකු අතුරුදන් කිරිම ආදී සිදුවීම් රැසකට ආරක්ෂක හමුදා ඉහළ නිලධාරීන් අත්අඩංගුවට මාස ගණන් තිස්සේ රඳවාගෙන සිටි නමුත් ඔවුනට චෝදනා පත්‍ර හෝ දීමට නොහැකි වී ඇතැයි  ජනාධිපතිවරයා සඳහන් කළේය.

යුද හමුදාවේ හිටපු දෙවැනියා සහ නාවික හමුදාවේ ඩී.කේ.පී. දසනායක ආදී නිලධාරීන් මාස 5 ක් 6 ක් රිමාන්ඩ් බාරයේ සිටියද ඔවුනට නඩු දමා නැති බවත් චෝදනා පත්‍ර බාරදී නැති බවත්, ජනාධිපතිවරයා කීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් දෝෂ දර්ශනයට ලක් කළ ජනාධිපතිවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීයාට චෝදනා පත්‍රයක් හෝ නඩුවක් ද ගොනු නොකර අත්අඩංගුවට  ගැනීමට සුදානම් වන බව කීය.

ආරක්ෂක මාණ්ඩලීක ප්‍රධානීයාට ඇති චෝදනාව තරුණයින් 11 දෙනකු පැහැර ගෙන යාමේ සිද්ධියකට සම්බන්ධ බව කියන පුද්ගලයකුට රටින් පලා යාමට අනුබල දුන්නේ යැයි කියන සිද්ධියක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

2015 අගෝස්තු මාසයේ සිට මේ දක්වා ආරක්ෂක අංශයේ කී දෙනකු මේ ආකාරයට අත්අඩංගුවට අරගෙන ඇත්දැයි කී ජනාධිපතිවරයා ඔවුනට නඩු පවරා නැතැයි ද පැවසීය. තමා පොලිස්පතිවරයා ද කැඳවා මේ පිළිබඳව දැනුම් දුන්නේ යැයි ද ජනාධිපතිවරයා පැවසීය.