IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


’එජාපය දිනවීමේ වගකීම මා බාරගන්නවා’

 

(නිමල කොඩිතුවක්කු)

කඩා වැටී ඇති එක්සත් ජාතික පක්ෂයට ජනතා ආකර්ශනය දිනා දෙමින්  ජයග්‍රහණය කරා මෙහෙයවීමේ වගකිම තමන් බාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (15) පැවසීය.

පක්ෂය ශක්තිමත් කර ජයග්‍රහණය කරා මෙහෙයවන ගමනට එක්වන්නැයි පාක්ෂිකයන්ට,  පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ට සහ පක්ෂයෙන් ඉවත්ව ගිය පිරිස් වලට තමන් ආරාධනා කර සිටින බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව සිදුකරන ජනතා විරෝධී වැඩපිළිවෙළ පරාජය කරමින් ශක්තිමත් විපක්ෂයක් බිහිකිරීමට තමන් කැපවන බවද ඔහු කියා සිටියේය.

එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයට පත්වූ රුවන් විජයවර්ධන මහතා ආශිර්වාද ලබා ගැනීම සඳහා කොළඹ  දෙක හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී ඔහු මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත්  අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා වැඩිදුරටත් මෙසේද කීය.

“කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් මම ගැන  විශ්වාසය තබලා පක්ෂයේ නියෝජ්‍ය  නායක හැටියට පත්කරලා තිබෙනවා. මේ දැවැන්ත පක්ෂය  ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරියේ දී දැවැන්ත කාර්ය භාර්යයක් තිබෙනවා.  ඒ කැපවීම කරන්න මම සූදානම්.

එම ගමනේදි අපට බොහෝ කැපකිරීම් කරන්න වෙනවා. පාක්ෂිකයන්ගේ සහ  රටේ ජනතාවගේ විශ්වාසය දිනාගනිමින් සියලු දෙනා එකමුතු කරගනිමින් පක්ෂය ශක්තිමත් කිරීමට මම කැපවෙනවා. මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයින්ගේ අවවාද අනුශාසනා ලබමින් ආගමට දහමට ලැදිව ඒ ගමන යන්න මම අපේක්ෂා කරනවා.

තරුණ නායකත්වයක් පක්ෂයට  අවශ්‍යයි කියලා පක්ෂය තුළ මතයක් තිබෙනවා. පක්ෂය මුළුමනින්ම ප්‍රතිසංවිධානය කරලා අලුත් මුහුණුවරක් ගත යුතුයි  කියන ස්ථාවරයේ මමත් හිටියා.  ඉදිරියේදී ඒක කිරීම අවශ්‍යයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය  ලබාගැනීමට මගේ අපේක්ෂාවක් නැහැ. මේ පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යාම මගේ  එකම අරමුණයි. ලබන සතිය වනවිට කෘත්‍යාධිකාරී මණ්ඩලය  කැඳවලා සුදුසු අයකු පාර්ලිමේන්තුවට යවන්න අපි කටයුතු කරනවා.

එක්සත් ජාතික පක්ෂය කියන්නේ මේ රටට දැවැන්ත සේවයක් කරපු පක්ෂයක්. දැවැන්ත නායකයන් හිටපු පක්ෂයක්.  ඒ තැනට  ආපහු මේ පක්ෂය හදලා ගන්න අවශ්‍යයි.  ඒ කැපකිරීම කරන්න තමයි මම ඉදිරිපත් වෙලා ඉන්නේ. අපේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ඇතුළු  පිරිස ඒකරාශී කරගනිමින් මේ පක්ෂය ඉදිරියට ගෙනියන්න මම බලාපොරොත්තු වෙනවා. කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශ්වාසය තිබේ නම් නායකත්වය බාරගැනීමටත් මම ලෑස්තියි.

සමගි ජනබලවේගයේ ඉන්නෙත් එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වෙලා ගිය කණ්ඩායමක්. එහි ඇතැම් පිරිස්  මාත් එක්ක මේ දවස් කිහිපයේදීම  සාකච්ඡා පැවැත්වුවා.  ඒ අයගේ හිතේ  තාමත් එක්සත් ජාතික පක්ෂය තිබෙනවා. ඒ අයත් එක්ක ඒකරාශීවී විපක්ෂයේ වගකීම අපි ඉටුකරනවා.

දැන් රජය 20 වන සංශෝධනය ඉදිරිපත් කරලා තිබෙනවා. එහි විශාල අඩුපාඩු තිබෙනවා. මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නායකත්වයෙන්  අපේ රජය සමයේදී 19 වන සංශෝධනය ඉදිරිපත් කළා. ඉන් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට හැකිවුණා. 20න් ආපහු ඒකාධිපතිත්වයක් කරා ගෙනියනවා. මේ ආණ්ඩුව ජනතාවිරෝධී කටයුතු කරනවනම් ඒවාට විරුද්ධ වෙන්න අපි පසුබට වෙන්නේ නැහැ.



අදහස් (13)

’එජාපය දිනවීමේ වගකීම මා බාරගන්නවා’

පහන් Tuesday, 15 September 2020 09:58 AM

නූගත්තු, වාචාලයෝ, ඩීල්කාරයෝ ඈත් කරලා හොඳ ටීම් එකක් හදාගත්තොත් මිනිස්සු ආයේ ඡන්දෙ දෙයි. ඉමිතියාස් බාකිර් මාකර් වගේ සියළුම ජාතීන් ගරුකරන චරිතවලට නැවත ආරාධනා කරන්න. සුබපැතුම්..!

:       57       188

නවසීලන්තයා Tuesday, 15 September 2020 10:31 AM

මුලින් රට දිනවන්න වැඩකරන්න. එතකොට පක්ෂය එබේම දිනවෙයි.

:       0       98

Soma dubayi Tuesday, 15 September 2020 10:35 AM

රටේ සියලුම දෙනාගේ පැතුම ඔබයි. පක්ෂය දිනවීම ඔබතුමාට පමණයි කරන්න පුළුවන්.

:       109       82

Ealing Tuesday, 15 September 2020 10:45 AM

වගකීම බාරගන්න පුළුවන්.. ඒත් දිනවීම..?

:       0       112

Kmal Koyrala Tuesday, 15 September 2020 10:51 AM

සුබපැතුම්, සහ පළමුවෙන්ම පක්ෂ ව්‍යවස්ථාව සංශෝධනය කළ යුතුයි. පක්ෂ මාරු කරන අයට ආසනය සහ සාමාජිකත්වය අහෝසි කරන්න. උසාවි නඩු ඇති අයට නාමයෝජනා නොදෙන්න. කල්ලිවාදය අහෝසි කරන්න. තම වාසියට නැවත එන්නන්ට පක්ෂ සාමාජිකත්වය නොදෙන්න. උපරිම විනයක් ඇති පක්ෂයක් සහ සාමූහික වගකීම රකින්න පුළුවන් අලුත් කණ්ඩායමක් අවශ්‍යයි..

:       60       10

kamal Tuesday, 15 September 2020 11:26 AM

පසුගිය මැතිවරණයේදී නම් ලැබුනේ ඡන්ද 500කටත් වඩා අඩු ඡන්ද ගණනක්...

:       95       230

Demuni Uduwara Tuesday, 15 September 2020 01:13 PM

අපට ඔබ විශ්වාසයි.. අපි බලාගෙන ඉන්නවා.

:       105       20

pradeepa Tuesday, 15 September 2020 02:54 PM

රනිල්ගේ උපදෙස් නැතිව පක්ෂය ගොඩනගන්න නම් රනිල්, රවී, දයා, මංගල, අකිල ගාවාගන්න එපා. හොඳ තරුණ පිරිසක් යොදාගන්න.

:       0       103

de silva Tuesday, 15 September 2020 04:13 PM

පුළුවන් නම් ලබන සැරේ ආසනය දිනවලා පෙන්වන්න.

:       0       117

රාජිත Tuesday, 15 September 2020 04:18 PM

අනිවාර්යයෙන්ම ඔබතුමා අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් ලබනවා .

:       108       15

Perera Tuesday, 15 September 2020 06:45 PM

එජාපය දිනන්න ජනතා ආරක්ෂණයක් ගන්න කියලා කවුද ඕකෙ ඉන්නේ? 

:       0       0

Asanga Wednesday, 16 September 2020 01:21 AM

අලුත් විදිහට අලුත් මුහුණුත් එක්ක පටන් ගත්තොත් මිනිස්සු සලකලා බලයි.

:       0       0

Bamunuarachchi Thursday, 17 September 2020 01:55 PM

එජාපය පැරදවීමේ වගකීම ලක්ෂ 69ක ජනතාව බාර අරගෙන තියෙන්නේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 61 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 336 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 156 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 141 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 339 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 218 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site