IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ විල්පත්තු ප්‍රචාර ගැන පරීක්ෂණයක් ඕනෑ‘

(බිඟුන් මේනක ගමගේ )
 විල්පත්තු වන සංහාරයක් පිළිබඳව නැගෙන විරෝධතා වැඩපිළිවෙළ  ජනාධිපතිවරයා ඉලක්ක කරගත් එකක් බවට සැකයක් ඇතැයි ද රජය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළ යුතු යැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 

විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් සිදුවූයේ 2012 රාජපක්ෂ ආණ්ඩුව සමයේ යැයි ද හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඒ ගැන ප්‍රකාශයක් කර ඇතැයි ද ජයසේකර මහතා කීවේය.
 
එසේ තිබියදී සමාජ ජාලා මාධ්‍ය මගින් ව්‍යාජ පුවත් ප්‍රචාරය කෙරෙන්නේ යැයි චෝදනා කළ හෙතෙම පැහැදිළිවම එය අමු කැලෑ ගිනි තබන පන්නයේ දේශපාලන ව්‍යාපෘතියක් යැයි අවධාරණය කර කීය.
 
විල්පත්තු වනයේ මේ වනවිට කිසිදු නැවත පදිංචි කිරීමක් හෝ කැලෑ කැපීමක් සිදු නොවන්නේ යැයි ද එනිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් රජය සම්පූර්ණ කරුණු දැක්වීමක් රට හමුවේ කළ යුතු යැයි ද ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (29)

‘ විල්පත්තු ප්‍රචාර ගැන පරීක්ෂණයක් ඕනෑ‘

ඩිස්කේ දයා Sunday, 24 March 2019 10:57 AM

මට පේන විදියට මෙයත් කොකේන් ගහලද කොහෙද? පරිසර ඇමතිකමයි ආරක්ෂක ඇමතිකමයි දෙකම තියෙන්නේ ඔහෙගේ ලොක්ක ගාව...

:       0       584

Dr. Vajira Fernando Sunday, 24 March 2019 11:17 AM

1970-77 සමගි පෙරමුණු රජය ලෝක උරුමයක් වූ සිංහරාජ රක්ෂිතයේ තෝරාගත් විශාල ගස් කපා තුනී ලෑලි නිෂ්පාදනය කළා. මධ්‍යම කඳුකරයේ ඇති තෙත් වනාන්තර රටේ හදවත මෙන් සලකා ආරක්ෂා කරගත යුතුය. තේ වගාව සඳහා බ්‍රිතාන්‍යයන් එළිකරන ලද ප්‍රදේශවල ඇති දල බෑවුම් සහිත ප්‍රදේශ හා ජලපෝෂක ප්‍රදේශ නැවත වන වගා කළ යුතුය. පහතරට වියළි කලාප වල ඇති වනාන්තර වලින් පරිසරයට විශාල බලපෑමක් වන්නේ නැත. විල්පත්තු, සෝමාවති රක්ෂිතවලට යුද්ධ කාලයේ අලුතින් කැලෑබවට පත්වූ ඉඩම් එක් කරනවාට වඩා එම ඉඩම් වල තේක්ක, කජු කෙසෙල් වැනි වාණිජ වගාවක් කිරීම වඩා අර්ථාන්විතයි.

:       156       305

sarathSunday, 24 March 2019 02:24 PM

ඩොක්ටර්, අන්ල්යික් දාලා තියෙන්නේ පරිසරය ගැන දන්නා උදවිය නොවෙයි. කඳුකර වනාන්තර පද්ධතියේ වටිනාකම විජේවීරට තේරුණා. ඔහු තමයි එකම දේශපාලකයා මේ ගැන කතා කරපු... හැමෝම යූ ටියුබ් එකේවත් බැලුවා නම් හොඳයි. කොහොමද කඳුකර වන පද්ධතියක් පරිසරය සාරවත් කරන්නේ සහ ජලසැපයුම කරන්නේ කියලා. විල්පත්තුව ගැන මෙතුමන්ලගේ කයිවාරු පමණයි... කොටසක් විනාශ කළා. තව කොටසක් විනාශ කරමින් පවතිනවා. කිසිම වගකිව යුත්තෙක් නිසි පියවර ගන්නේ නැහැ. ඡන්ද ටිකට බයේ. රටක ප්‍රතිපත්ති වලට වඩා මනාප ඡන්ද ටිකට වටිනාකමක් ලැබුණු මේ ව්‍යවස්ථාව තිබෙන තාක්කල් රට යන්නේ පල්ලමට.

:       7       155

ප්‍රීති Sunday, 24 March 2019 04:41 PM

අනේ යන්න ඩොක්ටර් මහත්තයෝ, අපට මෙතන ඉතිහාසයයි, කෘෂිකර්මයයි උගන්වන්න එන්නේ නැතිව, ඔය මහලොකු ඩොක්ටර්ලට වඩා අර කැලේ කපන මිනිස්සු හොඳයි. තමුන්ට පැවරිලා තිබෙන රාජකාරිය හරියට නොකරන ඩොක්ටර්ලා, අනුන්ගේ වැරදි පෙන්වන්නත් එනවා මෙතන උජාරුවට?

:       328       355

නිමල්කා Monday, 25 March 2019 03:50 AM

ප්‍රීතිට පොඩ්ඩක් පැටලිලා වගේ... මෙතන ඩොක්ටර් මහතා ආචාර්යවරයෙක්ද වෛද්‍යවරයක්ද කියලා දන්නේ නෑ. අදහස් දක්වන්න ඔහුගේ උපාධිය අදාළ නොවන අතර සියලුදෙනා පාඨකයින් පමණි...

:       0       55

Dr. Vajira FernandoMonday, 25 March 2019 07:11 AM

මම කවුරුවත් ඉලක්ක කරගෙන වැරදි පෙන්නුවේ නැහැ. වැරද්ද කවුරු කලත් වැරදියි. අනික මේ රටේ ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගත්තු කෙනෙක් විදිහට මට යුතුකමක් තියෙනවා මගේ මේ රටට, ජනතාවට කවුරුහරි වැරැද්දක් කරනවානම් ඒක පෙන්නලා දෙන්න.... එකට විරුද්ධව කතා කරන්න.

:       0       104

sena Sunday, 24 March 2019 11:21 AM

පොහොට්ටුවට හෙත්හිටු වෙන්න බැරි වුනොත් ලබන සැරේ උන්දැට 4%ක් වත් නැහැ. එහෙව් එකේ මම නම් හිතන්නේ නැහැ උන්දැට විරුද්ධව ප්‍රචාරයක් ගෙනයන්න කාටවත් ඕනේ කියලා...

:       0       247

ලක්සිරි Sunday, 24 March 2019 12:49 PM

මෙතුමාට ලොකු වෙලා තියෙන්නේ, කැලෑ සුද්ද කරන එකට වඩා, ජනාධිපතිව සුද්ද කරන එකයි. මෙතුමගේ අනාගත පැවැත්ම තිබෙන්නේ එතනනේ... ඒකයි මෙච්චරටම හිතේ අමාරුවට කෑගසන්නේ... අනේ මේ අපි නොදන්නා දයාසිරි...

:       13       197

Bamunuarachchi Sunday, 24 March 2019 01:34 PM

මොකක් කරලා හරි කමක් නැහැ.. මුසල්මානුවන් පන්නා දමා ඉඩම් ටික සිංහලයින්ට දෙන්න. මුසල්මානුවන්ට ආපු රටට, දකුණු ඉන්දියාවට යා හැකි සිංහලයා කොහේ යන්නද? බිම් අඟලක් දෙන්න එපා.

:       658       555

NissankaSunday, 24 March 2019 05:41 PM

සිංහලයෝ ආවෙත් ඒ රටෙන්ම තමා බමුණෝ. වන්නියලැ ඇත්තෝ කිව්වොත් ආපු රටටම පලයල්ලා කියලා අපිටත් එහෙටම තමා යන්න වෙන්නේ... මේ වගේ ගෝත්‍රික අදහස් තියෙන මිනිස්සු විසිඑක්වෙනි ශත වර්ෂයේ ජීවත් වෙනවාද කියලා හිතා ගන්නත් බැහැ...

:       114       452

Chanak Los angelesMonday, 25 March 2019 12:24 AM

එකනේ අපි කීවේ ඔය මනුස්සයා දන්නා දෙයට වඩා නොදන්නා දෙය වැඩියි කියලා ..

:       28       53

naushiMonday, 25 March 2019 03:58 AM

සහතික ඇත්ත නිස්සංක... බමුණුආරච්චි උන්නැහේ බමුණු යුගයේ අදහස් ඇති කෙනෙක් වගේ...

:       50       83

BamunuarachchiMonday, 25 March 2019 11:33 AM

අනේ නිස්සංක ඔහේ දන්නා ඉතිහාසය? අපි විචාර බුද්ධියෙන් ප්‍රශ්න දිහා බලන අය. ඔබේ ඔය අදහසට පිළිතුරු දී ඇත. එයට විරුද්දව අදහස් දෙන්න මෝඩ කතා නොකියා.

:       1       0

sandy123Monday, 25 March 2019 04:57 AM

ආගම් ගරහන එක සහ අප්පච්චිට සහ පිරිවරට කඩේ යන එකෙන් තොර දෙයක් ඔබට නැහැ. මෝඩකමට පශු බෙහෙත් හරියන්නෙත් නැහැ. ආගමකට ගරු කරන එක නවසීලන්ත අගමැතිගෙන් සහ එරට වැසියන්ගෙන් ඉගෙන ගන්න. කුමන ආගමක් වුනත් දර්ශනයක් වුනත් යහ මග කියා දෙන එක පමණයි තියෙන්නේ. බාගෙට කියවලා හරි බාගෙට අදහන අය දිහා බලලා තීරණය කිරීම මෝඩම මෝඩ වැඩක්. අනිත් එක අන්තවාදීන් හැම ආගමකම සීමිත ප්‍රමාණයක් හරි ඉන්නවා. ඒ තවත් මෝඩකමක්...

:       54       73

රෙහාන් ඩුබායි Monday, 25 March 2019 06:05 AM

ලංකාවේ ජාතික සමගිය තවදුරටත් රකින්නේ ඔබ වගේ අය නිසයි. අදහස අගය කරමි.

:       17       38

sandy123Monday, 25 March 2019 06:37 AM

රෙහාන් ඩුබායි - ඔබේ පැසසුමට බොහොම ස්තුතියි.

:       0       22

mudaliMonday, 25 March 2019 05:23 AM

තණ්හාව , ක්‍රෝධය , ද්වේශය, මෝහය ,මානය, මුළාව යනාදියට අතිරේකව ඉරිසියාව හා කුහකකම, පිහිටල තියෙන පුද්ගලයෙකුගේ හිතේ නිතරම කුඩුකේඩුකමත් අරක් ගෙන හොල්මන් කරන බව පේනවා... ත්‍රිපිටකයත් ලෝක උරුමයට පත්කරන්නට වෑයම් කරන අවස්ථාවක. නිර්මල බුදුදහමෙහි දේශනා කරන අරිඅටඟ මඟ ගැන අබමල් රේණුවක තරම්වත් දැනුමක් නොමැතිව මේ දක්වනු ලබන නොහික්මුණු අදහස් ලංකාදීප වැනි පුවත් පතක පළ කිරීම එතරම් සුදුසු නැත.

:       55       9

MaheeMonday, 25 March 2019 07:18 AM

රාවණ මහාධිරාජ පරපුරෙන් එන නැත්නම් නාග, දේව, යක්ඛ පරම්පරාවලින් පැවතෙන කවුරුහරි කිව්වොත් බමුණු, අපේ රටෙන් ආපහු පලයන් විජය කියන ආපු දේශයටම කියලා, යන එන මන් නැතිවෙයි නේද? මොලය කියල එකක් තියෙනවයි කියල හිතනවානම් ඒකෙන් නැගිටලා පොඩ්ඩක් හිතුවොත් ඔහේගේ තර්කය ආපහු හැරෙන්නත් පුළුවන් නේද?

:       0       3

Rata Perata Sunday, 24 March 2019 01:38 PM

දැන්වත් පිරිමියෙක් වගේ ඉන්න මනුස්සයෝ. සිරිසේනගේ ප්‍රශ්නයක් නම් සිරිසේන බලාගනී. අනුන්ගේ රෙදි හෝදන්නේ නැතුව රටට වැඩක් වෙන දෙයක් කරන්න.

:       0       190

chamath Sunday, 24 March 2019 02:18 PM

මෙයාට කියන්න පුලුවන් නම් මෙයාගේ ආසනය පඬුවස්නුවර දිනලා පෙන්නන්න කියලා... එහෙනම් බොරු හිලක්

:       0       9

සෙනෙවි Sunday, 24 March 2019 03:10 PM

2012 දී දයාසිරිලා මෛත්‍රිපාලලා කොහේද හිටියේ?

:       0       102

neil Sunday, 24 March 2019 05:25 PM

කියන්න තියෙන්නේ එකම දෙයයි..

:       2       1

Jehaan Sunday, 24 March 2019 07:09 PM

රටට කරපු දෙයකුත් නැහැ

:       0       5

Menaka Sunday, 24 March 2019 11:35 PM

මේ ගැන ජනාධිපතිතුමාට නැති කලබලයක් මෙයාට මොකද ?

:       0       0

Chanak Los angeles Monday, 25 March 2019 02:23 AM

විල්පත්තුවේ කිසි දෙයක් වෙලා නැහැ. සමහර මෝඩයෝ ජාතිවාදය අවුස්සනවා ඕවට අහුවෙන්න එපා.

:       54       34

gbase Monday, 25 March 2019 03:04 AM

පිස්සු කියවන්නෙපා මහත්මයා. මෙය කාගේ පක්ෂේකදී කළද වරද වරදක්ම බව පෙන්වාදෙනු කැමැත්තෙමු... ඔබගෙන් මීට වඩායමක් බලාපොරොත්තු වන්නෙමු. තවද දේශපාලන කණ්ණාඩි පසෙක තබා විද්වත් මනසකින් මෙදෙස බැලීමට අාරාධනා කරන්නෙමු...

:       0       13

Chanak Los angeles Monday, 25 March 2019 06:02 AM

මොවුන් ඇවිල්ලා තමයි දේසපාලනයට රිලා සංස්කෘතිය ඇතුලත් කලේ . බංකොලොත් දේශපාලුවෝ.

:       0       8

Chanak Los angeles Monday, 25 March 2019 06:16 AM

කිසි පරීක්ෂණයක් තියන්න ඕනේ නැහැ .. ඒවාට වියදම් වෙන්නේ දුප්පත් ජනතාවගේ සල්ලියි . මෙතෙක් කල් තිබුණු කිසිම පරීක්ෂණයකින් සෙතක් රටට ඇතිවී නැහැ ඒවායේ වාර්තාව පවා රටට හෙළිකරන්නේ නැහැ.

:       0       1

gbaseMonday, 25 March 2019 07:24 AM

සහතික ඇත්ත. නමුත් 1 මතක් වෙන්න ඕනේ ජනාධිපතිතුමාට මඩ ගහනවා කියල නෙමේ. පව් දේශපාලනික බංකලොත් බවය. පරිනත දේශපලකයෙක්ද වග දනිමි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 867 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 369 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 250 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 427 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 434 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 205 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1499 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site