(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
මුතුරාජවෙල පරිසර කලාපයට අයත් ඉඩම් අනවසරයෙන් ගොඩ කිරීම සම්බන්ධයෙන් පැමිණිලි රැසක් ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ලැබී ඇතත් එම ආයතන එම පැමිණිලි සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගෙන නැතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පවසයි.
මේ අතර මුතුරාජවෙල කලාපය අභය භූමියක් ලෙස 1996 අංක947/13 දරණ ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇතත් එහි මායිම් ලකුණු කිරීමක් මෙතෙක් සිදුවී නැතැයි ද එම කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
මුතුරාජවෙල අභය භූමිය සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුතු සියලු පාර්ශවයන්ගෙන් සැදුම්ලත් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් තීරණය කළේය.
අනුව එම කමිටුව පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාගේ මූලිකත්වයෙන් ඉදිරි සති දෙකේදී රැස්වී ඉදිරි කටයුතු සැලසුම් කිරීමට තීරණය කෙරිණි.
මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව
ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා
ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත
අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප
උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
‘‘මුතුරාජවෙල ගොඩකිරීම් ගැන පැමිණිලි හමස් පෙට්ටියට‘‘
sharm warn Monday, 29 March 2021 08:58 AM
ලොකු ලොකු බලවතුන් එයාලගේ හෙන්චයියන්ගේ වැඩ මේ නඩු වැටෙනකොට එහෙම තමයි
සේනක Monday, 29 March 2021 01:52 PM
අපිට පරිසරය ආරක්ෂා කරගන්නවෙලා තියෙන්නේ ආණ්ඩුවේ උන්දැලාගෙන්මයි..