IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම අගය කරනවා‘

(එෆ්.අස්ලම්)

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ සිය  පවුලට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින්  තහනමක් පැනවීම අගය කරන බව දෙමළ ජාතික සන්ධානය නිවේදනය කර සිටීයි.

ශවේන්ද්‍ර සිල්වාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පැනවූ මෙම තහනමෙන් යුද්ධය නිමවී දස වසරක් අන්ධව සිටි ආණ්ඩුවේ දෑස් විවර කර තිබෙන බවද එම නිවේදනයේ තවදුරටත් සදහන් කොට තිබේ.

යුද හමුදාපතිවරයාට ඇමරිකා එක්සත් ජනපදය විසින් පනවා ඇති එම තහනම පිළිබද දෙමළ ජාතික සන්ධානයේ ස්ථාවරය පැහැදිලි කරමින් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා විසින් (14)වනදා නිකුත් කල මාධ්‍ය  නිවේදනය මගින් මේ බව අවධාරණය කර තිබේ.

එහි වැඩිදුරටත් මෙසේද සදහන් වේ.

ශ්‍රීලංකාවේ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වාටත් ඔහුගේ පවුලටත් ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළු වීම වළකාලමින් තහනමක් පනවා තිබෙනවා.අවසන් යුද්ධ සමයෙදී සිදුකරනු ලැබූ මානව හිමිකම් කඩකිරීම් යුද අපරාධ හා මනුෂ්‍යත්වයට පටහැනි ක්‍රියාදාමයන් සම්බන්ධ සාක්කි සාධක අනුව එවක යුද හමුදාවේ 58වන සේනාංකය බාර වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වගකිව යුතු වෙනවා.

ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධුරයට පත්කළ අවස්ථාවේදී ඉහත දැක්වූ කාරණාවන් මත දෙමළ ජාතික සන්ධානය එම පත්කිරීම ගැන අප්‍රසාදය සහ විරෝධය පලකළා.

යුද්ධය අවසන් වී වසර දහයක කාලයක් ගතවී තිබියෙදීත් වගකීම් පැහැර හරින ලද ආණ්ඩුවේ දෑස් මේ තහනම තුළින් විවර වනු ඇතැයි අප බලාපොරොත්තු වෙනවා.යුද්ධයෙන් අගතියට පත් දෙමළ ජනතාව යුක්තිය වෙනුවෙන් වසර ගණනාවක් අරගල කරන් සිටියා.ඒ අරගලයේ සුළු ප්‍රතිපලයක් විදිහට අප මේ තහනම දකනවා.

ශ්‍රීලංකා රජය දැන් හෝ ජාත්‍යන්තර විමර්ශන වලින් හෙලිව ඇති මේ සාක්කි පදනම් කරගනිමින් යුද අපරාධකරුවන්ට දඩුවම් ලබාදීමට ඉඩකඩ විවර කරදිය යුතුයි කියල දෙමළ ජාතික සන්ධානය විදිහට අපි බලකර සිටිනවා.



අදහස් (35)

‘හමුදාපතිට ඇමෙරිකාවෙන් පැනවූ තහනම අගය කරනවා‘

Dalu Banda Sunday, 16 February 2020 02:40 PM

මෙතුමාගේ පවුලේ කට්ටියත් යුද්දෙට ගියාද ?

:       36       209

jagath Sunday, 16 February 2020 02:40 PM

එතකොට අන්තිම යුද සමයේ දෙමල ජනතාව ප්‍රාණ ඇපයට ගත ඒවා හරිද ? බලාගෙන ඔයවගේ ප්‍රකාශ කරන්නේ දැන් අපේ ජනපති අමරිකවටවත් නැමෙයි කියල මටනම් හිතෙන්නේ නෑ.

:       100       310

ජගත් Sunday, 16 February 2020 02:41 PM

එල්.ටී.ටී.ඊ සංවිධානය මානව හිමිකම් කඩපු සිද්ධි වලට කවුද වගකියන්නේ ?

:       0       335

සනත් වීරකෝන් Sunday, 16 February 2020 03:16 PM

මේ ඔක්කොම කොටියන්

:       152       343

jayasekaraMonday, 17 February 2020 03:34 AM

දැනට මෙතන කොටියන් 03 දෙනෙක් අකමැත්ත ප්‍රකාශ කරලා තියෙනවා.

:       25       13

saradiyel Sunday, 16 February 2020 03:22 PM

2010 ෆොන්සේක මහත්තයට ඡන්දෙ දීල දැන් ශවේන්ද්‍ර සිල්වා මහතා හොඳ නෑ ලු මේ මොන නරි කතාද

:       0       303

සේන Sunday, 16 February 2020 03:22 PM

තවම ඊලාම් සිහිනයේ ඉන්න , කෑ පතේ පහරන මේ වගේ මිනිහෙක් වෙන රටක මෙහෙම කිව්ව නම් දැන් හිරේ. මේ නිවට තිරිසනුන් ට අපේ රටේ නිදහස වැඩියි.

:       35       792

Champa Sunday, 16 February 2020 03:24 PM

හමුදාපතිට ඇමරිකාවට එන්න තහනමක් පැනෙව්වා කියල සිංහල ඉංග්‍රීසි පුවත්පත් සහ වෙබ් අඩවි වල දැක්කට වෙනද වගේ මම කොමෙන්ට් එකක් දැම්මේ නැහැ. ඒ මොකොද කිව්වා නම් ගහෙන් ගෙඩි එන්න වගේ එකපාරට ඇමරිකන් රාජ්‍ය දෙපාර්තුමේන්තුවම මෙහෙම නිවේදනයක් නිකුත් කිරීම අස්වාභාවිකයි කියල බැලු බැල්මටම පේන හින්ද. මට හිතෙන්නේ මේ නිවේදනය ඉල්ලලා ගත්ත එකක් වගේ. හේතුව මොකක්ද? සරලයි. ඇමරිකන් පුරවැසි යූටර්න් ජනාධිපති සහ ඇමරිකන් පුරවැසි පොහොට්ටුවේ නිර්මාතෘ, සිංහලයන්ගේ දේශානුරාගය පාවිච්චි කරලා අලුත් අගමැතිවරයෙක් හදන්න හදනව වගේ පේනවා. දැනටම මිලිටරිකරණය පටන් අරන් තියෙන්නේ. යූටර්න් ජනාධිපති හැම තැනටම හමුදා නිලධාරීන් පත් කරගෙන යනවා. ඔවුන් ගැන මගේ කිසි විරුද්ධත්වයක් නැහැ. හැබැයි යූටර්න් ජනාධිපති යටතේ නෙමෙයි. යූටර්න් ජනාධිපති තමන් ගැන විතරක් කතා කරපු සමයේ, මම රණවිරුවෝ වෙනුවෙන් කතා කරලා තියෙනව. තවත් කියනව නම් රනිල් අගමැති කාලේ මම 19ට විරුද්ධව තදින් ලිව්වා. හැබැයි දැන් 19 අහෝසි කරනවට මම විරුද්ධයි. ඒ මොකොද කිව්වා නම් 19 නොතිබෙන්න ඇමරිකන් යූටර්න් ජනාධිපති මෙලහට එම්.සී.සී සොෆා අත්සන් කරලත් ඉවරයි. ඒනිසා මහින්ද අගමැති වෙලා ඉන්නකම් 19 තිබ්බාවේ.

:       3676       1111

samarasekara - gampaha Sunday, 16 February 2020 04:54 PM

ආ....චම්පා නෝනේ...?කවදද ඩුබායි ඉඳලා ආවේ...?

:       29       21

ccSunday, 16 February 2020 05:05 PM

කොලපාට විතරක් දන්න යුඑන්පි අය

:       0       31

sudathMonday, 17 February 2020 01:57 AM

සිංහලෙන් කියමනක් තියෙනවා " අමු කැවිලා " මේ වගේ අය.

:       3       88

ChampaMonday, 17 February 2020 05:24 AM

කාටද අමු කැවිලා තියෙන්නේ? හමුදාපතිම කියනව ඇමරිකාවට වීසා ඉල්ලුවෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ කියලා. නිකම්ම එකපාරට ඇමරිකාව නිවේදනයක් නිකුත් කරනවා හමුදාපතිට ඇමරිකාවට එන්න එපා කියලා, මහා මැතිවරණයේ කතාවක් එනකොටම. මම කලේ මේ කතා ඔක්කොම එකතු කරන් ඇන්ටනාව වටේ කරකවල බලපු එක විතරයි. යූ ටර්න් ජනාධිපති සහ පොහොට්ටුවේ නිර්මාතෘ දන්න සෙල්ලම් ඔක්කොම දානවා එම්සීසී ගිවිසුම අත්සන් කරන්න. පොඩි ගානක්ද? ඩොලර් මිලියන 480 කට ලංකාව පාවා දෙන එක සුළු දෙයක් ඇමරිකන් පුරවැසියෝ දෙන්නට. ලංකාව වගේද ඩොලර්?

:       102       3

PrasadMonday, 17 February 2020 06:19 AM

චම්පා, අමු ගොඩක් කාලා.

:       0       5

gunda Sunday, 16 February 2020 03:49 PM

සුමන්දිරන් කියන දෙමල ජාතිවාදියට ඉතාම කෙටියෙන් කියනවනම් කියන්නේ මෙපමණයි. නුඹලා වැනි ජාතිවාදියන් අනෙක් දෙමළ මිනිස්සුන්ටත් මේ රටේ මහා ජාතියත් සමග සාමයෙන් ඉන්න දෙන්නේ නැහැ. නුඹ ගැන මෙහි කියන්න බැහැ ඉඩ මදි. එමනිසා උඹට මේ රටේ ඉන්න බැරිනම් උඹගේ වසභූමියකට පිටවෙලා ගියානම් හොඳයි. අපට පව් නොදී

:       63       1632

Raveendra Sunday, 16 February 2020 03:52 PM

ඔව් ඔව් සහතික ඇත්ත මේ නිවටයන් තමන් උපන් මව්බිමට ගරහන පාහරයන් බව මේ සෑම සිදුවීමකින්ම හොදින්ම පැහැදිලි වෙනවා.. එන්ජිඔ මුසලයන්ගේ මෙන්ම අනෙකුත් තුප්පහි රටවල අතකොලු වුනු මෙම අපතයන් බව අමුතුවෙන් කිව යුතු නැති බවත් කාපු බත්පතේ පහරන මෙවන් බල්ලන් මේ බිමෙන් සදහටම තුරන් කල යුතුය.2009 පෙර මෙම සුනකයන් හිටියේ කොහෙදවත් සොයා ගැනීමට අපහසුවූ බව ලක්වාසීන් සැවොම දන්නා කරුණකි.නිවට සුමන්තිරන් බොරුවෙන් වංචාවෙන් ජීවිකාව ගෙන යන කිසිදු පරයෙකුට දුර ගමනක් නැති බව දැනගනිව් ඒ සිංහලද, දෙමළද, මුස්ලිම්ද නොව ලෝක ධර්මයයි.

:       2       489

MD Sunday, 16 February 2020 04:26 PM

බුදුන් වහන්සේ දොශනා කළ ධර්මය තවතමත් ශ්‍රී ලංකාවේ සුරක්ෂිතව තිබෙන නිසා ඔබට කරදරයක් නැතුව ඉන්න ලැබීම ගැන සතුටුවෙන්න

:       58       319

CHULA ELARA Sunday, 16 February 2020 04:31 PM

මේ වසලය සම්බන්දන් සුදු කොඩි දැම්මට පස්සේ නායකයා වෙන්න දැන් ඉඳලම ජාත්‍යන්තරයට සිග්නල් දානවා. මේ ගහලය ගේ උගත් කමෙන් උකුණු තල්ලක ප්‍රයෝජනයක් මේ රටට ලැබෙන්නේ නෑ.

:       15       326

Bandara Sunday, 16 February 2020 04:57 PM

මේ අය අපේම රටේ ඉදගෙන අපිවම විනාශ කරනවා. තමන් වෙසෙන රටට සිදුකරන මෙවන් ක්‍රියාවන්ට දඩුවම් දීමට නව නීති පැනවීමට කාලය පැමිණ ඇත.

:       0       1

ananda kumara Sunday, 16 February 2020 04:59 PM

අපේ යුධහමුදපතිට ඇමෙරිකාවේ යන්න ඕනි නැහැ. ශ්‍රි ලංකාවේ ජීවත් වෙන්න පුලුවන් ඇමෙරිකාව කියන්නේ මහලොකු රටක් නොවේ. ඔහුට ජීවත් වෙන්න ලංකාවේ ඕනෑතරම් ඉඩ තියෙනවා.

:       0       3

චමින්ද ජයනාත් ජයසූරිය Sunday, 16 February 2020 06:33 PM

මට නිකමට වගේ මෙන්න මේක හිතෙනවා.... අර ඊයේ පෙරේදා රුසියානු හමුදා ප්‍රධානිය ලංකාවට ආවනෙ... ඒ ආවා කිව්වෙ අපේ හමුදාපතිතුමන්ගෙ ආරාධනාවකටනෙ... එතකොට ජාතික උත්සවයෙත් ආරාධිත අමුත්තෙක් ලෙස රුසියා හමුදා ප්‍රධානිය සහභාගි උනානෙ. ඕක ඉතිං ඇමරිකාවට රිස්සුවෙ නෑ.... අර පරණ වෙවී පුස්කකා තිබුණ තුරුම්පුව පවිච්චි කලා. මම හිතුවේ නෑ ඇමෙරිකාව මේ වගේ දෙකයි පනහෙ වැඩ කරන ගානට වැටෙයි කියලා.

:       1       7

සේනක Sunday, 16 February 2020 06:33 PM

සුමන්තිරන් හිතනවා ඇති මේක තමිල්නාඩුව කියලා.

:       0       10

rohan mu Sunday, 16 February 2020 07:18 PM

ලංකාව දියුණුවෙනේ නැත්තේ මේ වගේ අයගේ බොරු නිසා.

:       1       1

Mahesh Uk Sunday, 16 February 2020 08:28 PM

මේවට කෑගහලා හරියන්නේ නැහැ.

:       0       1

Ratna P Sunday, 16 February 2020 10:38 PM

මේ අයත් සමග කොහොමද අපි සංහිධියාව ගොඩනගන්නේ. සංහිදියාවේ මුවාවෙන් පසුගිය රජය ඒ අය ඉල්ලන හැමදෙයක්ම දුන්නා, සම්බන්ධ්න්ට කොළඹ නිල නිවාසයකුත් සමග.

:       1       31

නොකවුට් Monday, 17 February 2020 01:51 AM

සරත් ෆොන්සේකා ෂෝක්. ශවේන්ද්‍ර සිල්වා නරකයි.

:       0       122

Udage Monday, 17 February 2020 02:22 AM

චම්පාගේ කතාව හරි කියලා හිතෙනවා. පුද්ගලිකව අවලාද නගන එක මෝඩ කටයුතක්. සුමන්දිරන්ට අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙන්න ඕනේ. ද්වේශ සහගතව ලියන්නේ මෝඩයෝ හා ජාතිවාදියෝ.

:       461       3

prakaash Monday, 17 February 2020 02:40 AM

මේ ද්‍රෝහී කොටි දේශපාලුවන්ට ඇමෙරිකාවට වෙලා ඉන්න කියමු.

:       0       119

chinthaka Monday, 17 February 2020 02:52 AM

පරාජය කරපු ත්‍රස්තවාදයෙන් අපි වගේම මේ අයත් අත්ත පීඩා වින්දා. ඔබතුමන්ලට මතක ඇති එදා අපි කොළඹ ගියේ කොච්චර බයෙන්ද කියලා. මායිම් ගම්මානවල ගැබිණි මවුවරු, කුඩා දරුවෝ ඇතුළු මොන තරම් අහිංසකයන් පිරිසක් මේ ත්‍රස්තවාදීන් මරා දැම්මාද? කෝ ඔය ඇමෙරිකාවේ සාධාරණය ඒවාට යොමු උනාද? නැහැ. මහින්ද, ගෝඨා, බැසිල්, සරත් පොන්සේකා, ශවේන්ද්‍ර, කමල් ගුණරත්න, ජගත් ඩයස් ඇතුළු තිවිධ හමුදාවේම සාමූහික ප්‍රයත්නයක් විදියට තිස් අවුරුද්ධක් අපි පීඩා විදපු ත්‍රස්තවාදී පිළිලය මැයි 19 සදහටම ඉවර උනා. ඒක ඇමෙරිකාවට නොදැනුනාට අපේ රටේ ගොඩක් මිනිස්සුන්ගේ හදවත්වල තියනවා. මොහුට ආශීර්වාදයක් වෙන්න ඒ ඇති.

:       0       173

sisira Monday, 17 February 2020 02:53 AM

මෙවැනි දේශපාලුවන් එක්ක ගිවිසුම් ගහන රටක් නේ අපි.

:       0       9

dilan Monday, 17 February 2020 03:03 AM

මෙතුමා තමයි දෙවන ලෝක යුද්ධෙන් පස්සේ වැඩිම දුරක් භූමියෙන් ගමන්කරපු පාබල සේනාවට අණ දුන්නේ. ඉතින් කොටි මේ මනුස්සයක් එක්ක ජම්මාන්තර තරහ එක අහන්නත් දෙයක්ද?

:       0       125

Asanga Monday, 17 February 2020 03:11 AM

මෙයාව අත්අඩංගුවට ගන්න ත්‍රස්තවාදයට උඩගෙඩි දෙනවට.

:       33       27

sharm warn Monday, 17 February 2020 03:13 AM

ආපදාවක් වෙච්ච ගමන් හොයන්නේ හමුදාවේ උදව්ව.. සහරාන් ගහපුවම හමුදා කදවුරු ඉවත් කරන්න එපා කියලා පෙළපාලි ගියා. මුල මතක නැති, අවස්ථාවාදී ගුණමකු … අඩු ගානේ එක හොද ගතිගුණයක් තියෙනවද මේ අය ළඟ, පව් කියලා වත් කියන්න ?

:       17       108

krishantha Monday, 17 February 2020 05:08 AM

රටට එරෙහි වෙන්නේ කොයි වෙලාවෙද, එවලේට මෙයා අනිත් පැත්තේ.

:       0       14

සෙනෙවි Monday, 17 February 2020 05:57 AM

මොහු තමයි ඇන්ටන් බාලසිංහම් ගේ අනුප්‍රප්තිකයා.

:       0       26

Prasad Monday, 17 February 2020 09:19 AM

මෙයත් අමු කාලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 613 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 76 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 259 1

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 706 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 234 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 296 1

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site