7.15pm ‘වාහන අවභාවිත කරන්න අනුබල දුන්නා කියා විමල් හිරේ දැම්මා. දැන් වාහන නොවයි හෙළිකොප්ටරුත් තියෙනවා. මොන්ටිසෝරි සිලබස් එකටත් සමලිංගික කතා දාන්න යනවා. අපේ දෙමාපියන් මේ ගැන අවබෝධයෙන් ඉන්න ඕනෑ. අපේ සංස්කෘතිය සබ්‍යත්වය රැකගන්න ඕනෑ. මේ රැස්වීම සංවිධානය කරලා අපි කියන්නේ මේ ආණ්ඩුව ගෙදර පලයං කියලයි.‘ - මහින්ද රාජපක්ෂ

16358108_1162903917162612_1739938709_o(1)

(ඡායාරූපය ලහිරු හර්ෂණ)


7.00pm ‘මේ සෙනඟ දැක්කම අපේ නායකයන්ට අද කොයි පැත්තෙන් ඇඬෙයිද කියලා මට සැකයි. එදා පැරදිලා ගෙදර ගියේ විශ්‍රාම ගන්නයි. විවේක ගන්නයි. නමුත් මේ නුගේගොඩින්ම අපේ නායකයන් රැස් වෙලා මට විශ්‍රාම යන්න දුන්නේ නෑ. විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියලයි පොරොන්දු වුණේ. නමුත් කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එකයි. අපි ගත්තේ දීර්ඝකාලීන ණය. ජනතාව රවටා බලයට ඇවිත් අද කරන්නේ මේ රට ණය කළ එකයි. දැන් කියනවා මම ඕනෑකමින් පැරදුණාලු. අද කරන්නේ රාජ්‍ය ආයතන විකුණන එකයි. මේ රටේ මහා මංකොල්ලයෙන් ඒ ආයතන දැන් රූපවාහිනී ගුවන්විදුලි නාලිකා ගන්නවාලු.   ඒ හොරකම් කළ සල්ලිවලින් ගත්තු දේපොළ අපි බලයට ආවම රාජ සන්තක කරනවා. දූෂණ වැඩිවෙලා කියලා ට්‍රාන්පේරන්සි වාර්තාවේ තිබෙනවා. රට බේරාගත්තු රණවිරුවන් අද මහපාරේ ගුටි කනවා. කොස්කොළ කාපන් කියා මේ රටේ ජනතාව ගොනාට අන්දන්න හදනවා නම් වැරදි. අද හාල් කියද? මේකටද අපි ඡන්දේ දුන්නේ? මේ මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ තනකොළ.‘ - මහින්ද රාජපක්ෂ

16326812_1162903933829277_691287589_o

(ඡායාරූපය ලහිරු හර්ෂණ)


6.58pm හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජන රැලිය අමතයි.


6.57pm සමන් ඒකනායක මහතා යළි කවි කියයි.


6.39pm ‘නීතියෙන් ජනපති සහ අගමැති හිටියත් ජනතාවගේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතායි. ‘ - දිනේෂ් ගුණවර්ධන මහතා

16357875_1162903883829282_1342311119_o

(ඡායාරූපය ලහිරු හර්ෂණ)


6.37pm මහජන එක්සත් පෙරමුණේ නායක සහ හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා රැලිය අමතයි.


6.28pm ‘උදේ ඉඳන් බයේ හිටියේ වහියි කියලා. නමුත් වැස්ස වලාහත දෙවියොත් පෙරළියක ඇරැඹුම සමඟ සිටින බව පෙනී යනවා.‘ -  මහින්දානන්ද අලුත්ගමගේ මහතා

16326537_1162903840495953_1430960532_o

(ඡායාරූපය ලහිරු හර්ෂණ)


6.24pm මහින්දානන්ද අලුත්ගමගේ මහතා රැලිය අමතයි


6.16pm ‘චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය එදා ශ්‍රීලංකා නිදහස් පක්ෂය දාලා ගියත් මහින්ද මහතා එසේ ගියේ නෑ. පක්ෂයේ සිටින පිරිසිදු සාමාජිකයා මහින්ද රාජපක්ෂ මහතායි. සමලිංගිකත්වයට කැමති අය ශ්‍රීලනිපයේ නෑ.‘ - කුමාර වෙල්ගම මහතා

16326506_1162903823829288_422667209_o

(ඡායාරූපය ලහිරු හර්ෂණ)


6.13pm පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා රැලිය අමතයි.


5.54pm රිමාන්ඩ් බාරයේ සිටින විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ දී කළ කතාවක හඬපටයක් විකාශය කරයි.


5.50pm ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් වීරකුමාර දිසානායක මහතා රැලිය අමතයි.


5.46pm රිමාන්ඩ් බාරයේ සිටින විමල් වීරවංශ මහතා වෙනුවෙන් සියලු දෙනා නැගිට ප්‍රතිඥාවක් කියවන ලෙස නිවේදකයා කීවේය.

16325651_1162806773838993_1594866519_o

(ඡායාරූපය ලහිරු හර්ෂණ)


5.43pm ‘රනිල් වික්‍රමසිංහ ලියූ බලගතු ශ්‍රී ලංකාවක් පොත මම කියෙව්වා. එය කියවා අවසන් වන විට හිතුනා එහි නම පරගැති ශ්‍රී ලංකාවක් ලෙස වෙනස් කළ හැකියි කියලා.‘ - වාසුදේව නානායක්කාර මහතා


5.42pm පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා රැලිය අමතයි.


5.35pm ‘මහ දවල් මහ බැංකුව කොල්ල කෑ පළමු ආණ්ඩුව මෙයයි.දූෂණ ගැන සොයන රංජන් රාමනායක පස් කැපීම ගැන හොයන්න ගිහින් ප්‍රාදේශීය ලේකම්වරියගේ හක්ක තලන බව කිව්වා. අපි කියනවා පුළුවන්නම් අර්ජුන ඇලෝසියස්ගේ කනේ එක මයිලක් හරි ගලවා පෙන්වන්න කියලා. ‘ - බන්දුල ගුණවර්ධන මහතා

16325373_1162806807172323_1565362049_o

(ඡායාරූපය ලහිරු හර්ෂණ)


5.30pm පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා රැලිය අමතයි.


5.20pm හිටපු ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා වේදිකාවට පැමිණෙයි.

16357412_1162806827172321_739742893_o

(ඡායාරූපය ලහිරු හර්ෂණ)


5.18pm ‘‘පූජිතගේ පොලිසියෙයි, ඇමෙරිකාවෙයි, ඉන්දියාවෙයි බලයෙන් ජන මතයට ඇහුම්කන් නොදී බලහත්කාරයෙන් ඉන්න අගමැතිවරයා හදනවා නම් මේ ජන ගඟ අරගෙන අරලියගහ මන්දිරයට එන්න අපි ලෑස්තියි.‘‘ - උදය ගම්මන්පිල


5.16pm පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රැලිය අමතයි.


5.10pm ‘ළඟ එන මැතිවරණවල අන්ත පරාජය දැක දැක මෛත්‍රීපාල සිරිසේන මහතා අපිට එකතු වෙමු යැයි කියනවා.‘ -  ජී ඇල් පීරිස් මහතා


5.08pm පොදුජන පක්ෂයේ නායක ජීඑල් පීරිස් මහතා රැලිය අමතයි.


5.05pm මහින්ද රාජපක්ෂ මහතා නොපැමිණි බවත්, ආරක්ෂක තත්ත්වය මැන බැලීමට කාර් රියේ ඩමියක් එවූ බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියයි.


5.02pm හිටපු ජනපති කාර් රියෙන් බැස්සේ නැත. කාර් රිය යලි ආපස්සට යයි.


5.00pm මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන බව කියන කාර් රිය වේදිකාව අසලට ආවේය.

16295759_1162649500521387_366757776_n

ජායාරූපය - ළහිරු හර්ෂණ


4.59pm හිටපු ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා නිවේදකයා හේතුපාට කීවේය.


4.58pm හිටපු ජනාධිපති හා වත්මන් කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා පැමිණෙන බව කියමින් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කතාව නැවැත්වීය.


4.54pm ‘එදා හිටපු ජනපති ප්‍රේමදාසට එරෙහි ජන රැලිය ඇරැඹුනෙත් නුගේගොඩින්. මෙම වසරේ ආණ්ඩුව පෙරළනවා. ‘ - ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා


4.50pm ‘වත්මන් රජය සීඅයිඩිය පාවිච්චි කරමින් දේශපාලන දඩයමේ යනවා.‘- රාජා කොල්ලුරේ මහතා


4.49pm කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලුරේ මහතා රැලිය අමතයි.


4.53pm හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා රැලිය අමතයි.


4.45pm රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් මත රිමාන්ඩ් බාරයේ සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ බිරිය ශෂී වීරවංශ මහත්මිය සහ දියණිය වේදිකාවට පැමිණියහ. පැමිණ සිටි පිරිසෙන් උණුසුම් පිළිගැනීමක්.


4.40pm ‘මහ බැංකු බැඳුම්කර වංචාව නිසාත්, එය වසං කිරීමට මහ බැංකුව ක්‍රියා කිරීම නිසාත් අපේ රටේ ආර්ථිකය ගැන ලොව පුරා අවිශ්වාසයක් ඇති වෙලා.‘- තිස්ස විතාරණ මහතා


4.38pm  ලංකා සම සමාජ පක්ෂයේ නායක තිස්ස විතාරණ මහතා රැලිය අමතයි.

16357547_1162806800505657_1727959739_o

ජායාරූපය - ළහිරු හර්ෂණ


4.33pm ‘අද මුළු නුගේගොඩම ජන ඟගක් වෙලා. අපේ පක්ෂයේ ආශිර්වාදයත් මීට හිමි වෙනවා.‘ - ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අසංක නවරත්න මහතා


4.23pm ඕෂධී හේවාමද්දුම මහත්මිය, සංජය ලීලරත්න මහතා ඇතුළු කලාකරුවන් පිරිසක් ද රැලියට එක්ව සිටිති.


4.21pm දේශ විමුක්ති ජනතා පෙරමුණේ නියෝජ්‍ය නායක ගලගම ධම්මරන්සි හිමියෝ කවියක් කියමින් රැලිය අමතති.


4.19pm පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී ලොකුගේ මහතා රැලිය අමතයි


4.15pm ප්‍රදේශයට පොද වැස්සක් ඇද හැලෙන්නට පටන් ගත් අතර පිරිස කුඩ ඉහළාගෙන රැලියට සවන් දෙති.


4.10pm ‘ගොවි පුතෙක් ජනාධිපති වී සිටියදී වැඩ බැරි ආණ්ඩුව සමස්ථ ගොවි ජනතාව විනාශ කරලා තිබෙනවා. ඒ නිසා කුඹුරු කරගන්න බැරි වෙන්න දේව ශාපය වැදිලා. ‘ - රොෂාන් රණසිංහ මහතා.


4.08pm පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා රැලිය අමතයි.


4.06pm ‘මහින්ද රාජපක්ෂට කළගුණ සලකන්න කියා සැමගෙන් ඉල්ලනවා.‘ යැයි කරුණා අම්මාන් මහතා සිංහල බසින් කීවේය.


4.05pm හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාගේ රජය සමයේ ශ්‍රීලනිපයේ හිටපු උප සභාපතිවරයකු ද වන විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් මහතා දෙමළ බසින් රැලිය අමතයි.


4.02pm ‘‘නුගේගොඩට 5000ක් ආවොත් වලන් හෝදන්න යනවා කියා එක්කෙනෙක් කිව්වා. අපි කාන්තාවෝ එකතු වෙලා වලන් හෝදන්න යන ඔහුට අමුඩ ලේන්සුවක් දෙනවා.‘‘ - ගීතා කුමාරසිංහ මහත්මිය.

4.00pm පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය රැලිය අමතන්නීය.


3.47pm ‘‘මහ දවාලේ කඩනා අපෙ මන්තිරු.. අමන රැලක් ඉන්නවා ගොන් තකතිරු.. මහජනතාව කලබල වන විට උන් මරු.. ඕවට කියන්නේ වැඩ තකතිරු..‘‘ - කලාකරු සමන් ඒකනායක මහතා.

16358650_1162649487188055_501881247_n

ජායාරූපය - ළහිරු හර්ෂණ


3.43pm ‘‘හැරවුමක ඇරැඹුම.. යමපාලනේ නැවතුම.. ලක් මවට සැනසුම.. දෙන්න ඔබගේ සුහද ඇරයුම..‘‘ - කලාකරු සමන් ඒකනායක මහතා.


3.40pm කලාකරුවකු වන සමන් ඒකනායක මහතා කවියෙන් රැලිය අමතයි.


3.37pm සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා වේදිකාවට පැමිණියේය.


3.35pm වයඹ පළාත් හිටපු මන්ත්‍රී ඩී බී හේරත් ජන රැලිය අමතයි.


3.33pm ‘මහින්ද රාජපක්ෂ නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් බෝඩ් ලෑල්ලකට පමණක් සීමා වෙනවා. - පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා.

16343747_1162664910519846_718699894_n

ජායාරූපය - ළහිරු හර්ෂණ


3.30pm බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් කුමාර මහතා රැලිය අමතයි.


3.28pm නාමල් රාජපක්ෂ මහතා රැලියට පැමිණියේය.ජනතාවගේ අත්පොලසන් මැද වේදිකාවට ගොඩවිය.


3.20pm ‘රනිල්, මංගල, චන්ද්‍රිකා කියන දක්ෂිනාංෂික ජුන්ටාව සහ ඔවුන්ට ආවතේව කරන අය අපේ රටේ ප්‍රධාන හතුරන් වෙලා.‘ - ආචාර්ය දයාන් ජයතිලක මහතා.

 

16295721_1162664940519843_238434525_n

ජායාරූපය - ළහිරු හර්ෂණ


3.18pm පැරිසියේ හිටපු තානාපති මෙන්ම දේශපාලන විචාරකයකුද වන අාචාර්ය දයාන් ජයතිලක මහතා රැලිය අමතයි.


3.16pm "මේ රටේ බහුතර සිංහල ජනතාව සමඟ අද මුස්ලිම් ජනතාවත් මේ රජය ගෙදර යැවීමට මහින්ද රාජපක්ෂ මහතා සමග එක්ව සිටිනවා." - ඒ එච් එම් අස්වර් මහතා.


3.14pm මුස්ලිම් ජනයා නියෝජනය කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් අස්වර් මහතා දෙමළ බසින් රැලිය අමතයි.


3.12pm ‘දේශද්‍රෝහී පාලකයන් අපේ නිජබිම කෑලි කිරීමට උත්සාහ කරනවා.‘ - ගෙවිඳු කුමාරතුංග මහතා

16395859_1162664903853180_1088470681_n-(2)

ජායාරූපය - ළහිරු හර්ෂණ


3.10pm යුතුකම සංවාද කවයේ සාමාජික ගෙවිඳු කුමාරතුංග රැලිය අමතයි


3.08pm රැලිය නිසා නුගේගොඩ නගරයේ දැඩි රථවාහන තදබදයක්

image-0-02-06-0e6e7f025f91-V[1]_678

ජායාරූපය - අකිල බද්දේවිතාන


3.03pm  "මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩු කාලයේ තුන්වේලම බත් කෑ මිනිසුන්ට දැන් කොස්කොළ සහ ක්‍රෝටන් කොළ කෑමට සිදුවී තිබේ." - ඩබ්ලිව් එම් පියදාස මහතා

4744574664422200344-account_id=1

ජායාරූපය - අකිල බද්දේවිතාන


3.01pm වෘත්තිය සමිති නායකයකු වන ඩබ්ලිව් එම් පියදාස මහතා රැලිය අමතයි


2.57pm ‘යහපාලනය ආණ්ඩුව අවුරුදු දෙකයි දින 19ට රටේ ජනතාවට අපමණ අගයක් දුන්නා. හම්බන්තොටදී හාමුදුරුවරුන්ට බිම පෙරළාගෙන පහර දීමෙන් අපමන අගය පෙනුනා.‘ - රෝහිත අබේගුණවර්ධන මහතා


2.50pm පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දැඩි අපහසුතවයන් විඳ දරා ගැනීමට මාධ්‍යවේදීන්ට සිදුවිය.    මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධයෙන් පසු   අසුන් කිහිපයක් ලබාදිමට සංවිධායකයෝ කටයුතු කළහ.


16295713_1162632790523058_685400358_n_7

ජායාරූපය - ළහිරු හර්ෂණ


2.48pm ඒකාබද්ධ විපක්ෂ රැස්වීමට පැමිණි බොහෝ දෙනකු අත ක්‍රෝටන් කොළ අතු තිබේ.


2.46pm "පවතින රාජ්‍ය ත්‍රස්තවාදය මෙහෙයවන්නේ පොලිස්පති." - බෙංගමුවේ නාලක හිමි

16359291_1162664987186505_398347757_n

ජායාරූපය - ළහිරු හර්ෂණ


2.42pm බෙංගමුවේ නාලක හිමියෝ රැස්වීම ඇමැතීම ආරම්භ කළහ.


2.40 pm ‘පෙරළියක ඇරඹුම‘ නමින් ඒකාබද්ධ විපක්‍ෂය විසින් නුගේගොඩදී සංවිධානය කරන ලද රැළිය වාර්තා කිරීම සඳහා පැමිණි මාධ්‍යවේදීන්ට අසුන් පනවා නැත. මාධ්‍යවේදීන් ඒ සම්බන්ධයෙන් සංවිධායකයන්ට කරුණු දැක්වා සිටි නමුත් විනාඩි 40 කට ආසන්න කාලයක් පුරා විසඳුමක් නොලැබිණ. 

16295713_1162632790523058_685400358_n

ජායාරූපය - ළහිරු හර්ෂණ


2.31pm ‘පෙරළියක ඇරැඹුම‘ රැස්වීම ආරම්භ කරමින් වටිනාපහ සෝමානන්ද හිමියෝ පැමිණි පිරිස පංචශීලයේ පිහිටුවති.


2.29pm පොදුජන පෙරමුණේ නායක ජී ඇල් පීරිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ පැමිණෙති.


2.20pm මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය පාලන කාලයේදී මහින්ද රාජපක්ෂ මහතා අගය කරමින් කළ කතාවක් පසුබිමින් විකාශය කෙරේ. රැස්ව සිටි පිරිස හූ හඬ නඟති.


2.18pm හිටපු ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැමිණියේය.


2.16pm මහින්දානන්ද අලුත්ගමගේ සහ රෝහිත අබේගුණවර්ධන මහතා  පැමිණ සංවිධායක කටයුතු සිදු කරයි.

16295890_1162664937186510_267660861_n

ජායාරූපය - ළහිරු හර්ෂණ


2.14pm ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන රැලිය සඳහා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීටය අසල සියල්ල සූදානම් කර තිබේ.

4634489024855112553-account_id=1

ජායාරූපය - අකිල බද්දේවිතාන