IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරනවා‘

රටේ ජනාධිපතිවරයා ලෙස   ලැබී  ඇති  විධායක බලතල රටේ යහපත වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට කිසි විටෙක පසුබට නොවන බව   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  පැවසීය.
 
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුරාධපූර රුවන්වැලි සෑ රඳුන්  අභියසදී  දිව්රුම් දීමෙන් අනතුරුව අද (18) ජාතිය අමතමින් ජනාධිපති  ගෝඨාභය රාජපක්ෂ මහතා  මේ බව ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව  සමඟ ගනුදෙනු කිරීමේදී  රටේ ඒකීයත්වයට, ස්වාධීනත්වයට ගරු කරන ලෙස සියලු  විදෙස්  රටවලින් ඉල්ලා සිටින බවද එහිදී ජනාධිපතිවරයා පැවසීය.
 
වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.
 
‘රටේ සිංහල ජනතාවගෙන් පමණක් මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබුණත් දමිල හා මුස්ලිම් ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කළා. අපේක්ෂා කළ අයුරින් ඒ සහය ලැබුණේ නැහැ. නමුත් ජනාධිපතිවරයා ලෙස නැවතත් මා  ඉල්ලා සිටිනවා රටේ අභිවෘද්ධිය උදෙසා  සියලු දෙනාට එකතුවන ලෙස.
 
වසර ගණනක ඓතිහාසික දේවල්, අපේ කම , ආරක්ෂා කිරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දීමට  කටයුතු කරනවා. ආගමික හා ජාතික අනන්‍යතාව රැකගෙන ජීවත් වීමේ අයිතිය සුරක්ෂිත කරනවා . ප්‍රතිපත්ති ප්‍රකාශය හරහා ගෙන ආ යෝජනා ඉටු කරමින් රටේ අනාගත පරපුරට ආඩම්බරයෙන් ජීවත් විය හැකි රටක් නිර්මාණය කරනවා. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීම රජයේ මූලික වගකීමක්. ප්‍රතිපත්ති ප්‍රකාශයේ සියලු දේ ඉටු කිරීමට ධූරකාලයේදී  කැප වෙනවා. 21 වැනි ශත වර්ෂයේ අභියෝගතාවලට ජනතාවට මුහුණ දීමට තමා සෑම ක්ෂේත්‍රයක තාක්ෂණිත්වය පුළුල් කරනවා .‘ යනුවෙන් පැවසීය.

ජනාධිපතිවරණ ජයග්‍රහණය සඳහා සහය ලබාදුන් මැති ඇමැතිවරුන්, පාක්ෂිකයින් ඇතුළු සියලු දෙනාට ස්තූතියද පිරිනැමීය . අනතුරුව  එහිදී  විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සුබ පැතීමද සිදු  කළේය.

සබැඳි

හත්වැනි විධායක ජනපති දිව්රුම් දෙයි

( ඡායාරූප -දයාරත්න ඇඹෝගම)

( ඡායාරූපය ලහිරු හර්ෂණ) 



අදහස් (52)

‘රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කරනවා‘

max Monday, 18 November 2019 06:59 AM

පළමු ජාතිය ඇමතීම විශිෂ්ටයි. ඔබතුමා වෙනුවෙන් ලබා දුන් ඡන්දය පිලිබඳ ආඩම්බරයි. චිරං ජයතු ජනපති තුමනි.

:       3670       7701

maalaka Monday, 18 November 2019 07:04 AM

මොන විධායක බලතල ගැනද මේ කියන්නේ? 19 සංශෝදනයෙන් පසුවද ?

:       3826       511

janahitha Monday, 18 November 2019 09:01 AM

19 නැතුව වැඩ කරන්න පුළුවන් ජනපති බලතල තියෙනවා... අගමැති වෙනස් කළ යුතුය. ජනතා බලය සියලු දෙයට වඩා බලවත් ගෝඨාභයලා බැරිවැඩ කරන්න පුළුවන් බව පෙන්නලා තියෙනවා මාස තුනකින් 19 අවලංගු වෙනවා ජනබලයෙන්...

:       101       3127

chamalMonday, 18 November 2019 10:02 AM

බඩු මිල අඩු කරන කෙනෙක් වේ නම් ඒ තමයි අපේ ගෝඨා. ජයෙන් ජයම වේවා මැතිදුනි !

:       8       137

MaheeTuesday, 19 November 2019 03:49 PM

19 වැනි සංශෝධනයෙන් තමයි ස්වාධීන කොමිෂන් සභා පිහිටෙව්වේ. උදාහරණයක් හැටියට, මැතිවරණ කොමිෂන් සභාව නිසා මේ පාර බැනර්, කටවුට්, ජයග්‍රහණ පෙළපාලි, මාධ්‍ය හැසිරීම ආදිය වෙන මැතිවරණවලට වඩා පාලනයක් තිබුන බව දැක්කා නේද? කවුරුත් පිළිගන්න පරිදි සාධාරණ ජනපතිවරණයක් පැවැත්වුනා නේද? අනිකුත් කොමිෂන් සභාවලිනුත් විනිසුරන් හා ඉහල තනතුරුවලට රාජ්‍ය නිලධාරීන් පත්කිරීම වැනි දේ බොහෝදුරට දේශපාලන බලපෑම්වලින් තොරව කරගන්නට හැකිවුනා නේද? ඔබට අවශ්‍ය ඒ ස්වාධීනත්වය නැති කරලා මැතිවරණ පැවැත්වීම, විනිසුරන් පත්කිරීම වැනි දේ නැවතත් දේශපාලුවන්ට යටත් කරන්නද? "නිදහසේ අගය දැනෙන්නේ නිදහස් මනසකට පමණකි."

:       2       17

chandimaTuesday, 19 November 2019 03:25 AM

දැන් තමයි යලි ඉපදුනු දුටුගැමුනුගෙයි, යලි ඉපදුනු එළාරගෙයි සටන තියෙන්නේ. රුහුණේ කුමාරයෙක් තමයි සිංහල ජාතියේම රජෙක් වෙලා සිංහල ජාතිය විනාස කරන බවට සපත කල එළාරගෙන් රට බේරාගන්නවා කියලා ඉතිහාසයේ කියන්නේ.

:       40       52

GuneTuesday, 19 November 2019 06:05 AM

එළාර කියන්නේ ඉතාම සර්ව සාධාරණ රජෙක්. දුටුගැමුණු මහා රජතුමා රට එක්සේසත් කිරීම සඳහා එළාර අවසානයක් කලා. නමුත් දුටුගැමුණු රජතුමා එළාර රජුට කොතරම් ගෞරව කලාද කියා පොඩ්ඩක් ඉතිහාසය කියවා දැනගන්න. ද්‍රවිඩ සෙන්පතියන් පවා දුටුගැමුණු රජතුමාගේ හමුදාවේ සේවය කළා.

:       2       12

රජින්ද Monday, 18 November 2019 07:05 AM

මගේ ජීවිතේ දැකපු අද්විතීයම ජාතිය ඇමතීමයි. රටත් ජාතියත් ආගමත් ගැන කිව යුතු සත්‍ය එලෙසින්ම කියා ඇත. සිංහලයින් දැනගත යුතුයි තමන්ගේ නායකයා ලෙහෙසි පහසු අයෙක් නොවන බව. එය සැබවින්ම අපට ආඩම්බරයකි.

:       3797       7670

YapaMonday, 18 November 2019 07:36 AM

සහතික ඇත්ත. විශිෂ්ට ජාතිය ඇමතීමක්. චිරං ජයතු ජනපතිතුමනි.

:       790       3636

ලියනගේMonday, 18 November 2019 04:54 PM

කැබිනට් මණ්ඩලයක් පත්කර ගැනීමේදී ඔබගේ මැතිවරණයේදී ඔබ දිනවීමට විශාල කැපවීමක් කළ වීරවංශ, ගම්මන්පිල, මහින්දානන්ද, ජොන්ස්ටන් වැනි අයට ප්‍රබල තනතුරු ලබාදීමට ඔබ කටයුතු කළ යුතුයි. නමුත් ඔබ නීතියට ගරුකරන පුද්ගලයකු නම් ඒ ආකාරයට කටයුතු කිරීමටත් එම ආයතනවල නිලධාරීන් හට යුතු බලපෑම් නොකර සිටීමටත් හැකිද කියා රටට පෙන්වන්න..

:       1       0

GuneTuesday, 19 November 2019 06:17 AM

ඇත්ත, හොඳ කතාවක්. එත් ඔබේ වචන දැක්කහම මට මතක් වුනේ කුඹියාට උගේම සුළුදියත් ගංගාවකි කියන උපහැරනයයි.

:       111       3

චන්දා Monday, 18 November 2019 07:08 AM

දේවෝ වස්සතු කාලේන - සබ්බ සම්පත්ති හේතුච පීතෝ භවතු ලෝකෝච - රාජා භවතු ධම්මිකෝ.

:       606       3219

nimal Monday, 18 November 2019 07:21 AM

ආඩම්බරයි ඔබට ජයෙන් ජයම වේවා !

:       473       3463

amila Monday, 18 November 2019 07:27 AM

සිංහයෙක් දුටුවෙමි.

:       1538       3944

ජෙමා Monday, 18 November 2019 10:20 AM

නයි අරින සිංහයෙක් දුටුවෙමි.. පෙත්ත අමතකවුණු දවසක නියම කෙනා බලාගන්න පුළුවනි.. ඔහොම යං...

:       3648       1717

Sriniwasan Monday, 18 November 2019 07:28 AM

රජෙකුගේ කතාවක් වගේ. සැබෑ සිංහල රජවරු සියලු ජාතීන්ට සාධාරණව සැලකුවා. මම දමිළ වුනත් ඉගෙන ගත්තෙ ආනන්දේ. මම දන්නවා ජාතින් අතර ත්‍රස්ත අදහස් නෑ. ඒවා ඇත්තේ දේශපාලනයේ. අපිට වෙනම රටක් වෙනම පාලනයක් ඕන නෑ. ඒක ඕන අපි වෙනුවෙන් කියල පෙනී ඉන්න නායකයන්ටයි. සාධාරණ සාමයට ඒකීයත්වයට කැමති දමිළ නායකයින් අපේ පළාත් වලට පත් කරන්න කියන එක හඩ නගා නොකීවත්..... අපේ පැතුමයි. කතෝලික සහෝදරයින් වගේ අපිටත් රටේ ඕනම තැනක නිදහසේ ඉන්න පුලුවන්නම්... අනිත් ඕනම කෙනෙකුට අපේ පැතිවලත් නිදහසේ ඉන්න පුලුවන්නම් තව මොනවද ඕන ? අන්න ඒ ඒකීය රාජ්‍යය හදන්න කියල අපි නව ජනපතිතුමාගෙන් ඉල්ලා හිටිනවා. දෙවි පිහිටයි !

:       2387       5308

NathMonday, 18 November 2019 07:51 AM

සිරිනිවාසන් සහෝදරයාගේ කතාවට අප හිසනවා ආචාර කරනවා. දමිළ දේශපාලකයන් අප ඈත් කොට දමිළ සාමාන්‍ය ජනතාව අපේම සහෝදරයන් කර ගත යුතුය.

:       331       2123

RaveendraMonday, 18 November 2019 08:02 AM

ඔබගේ අදහස් අප හදවතින්ම අගය කරන්නෙමු.

:       327       2013

Rasika Pradeep Monday, 18 November 2019 07:29 AM

රටටත්, ඔබටත් යහපතක්ම වේවා. ලෝකය ඉදිරියේ අභිමානයෙන් මගේ රට කියන්න පුළුවන් තැනකට මේ රට ගෙනියන්න ඔබට රුවන්වැලි මහා සෑ රජුන්ගේ අාශිර්වාදය රැකවරණය ලැබෙත්වා !!!!!

:       345       1721

Jana Monday, 18 November 2019 07:39 AM

ඔබගේ අදහසට ගරු කරනවා. මොහු දේශපාලන සංස්කෘතිය වෙනස් කරාවි කියලා හිතනවා.

:       73       1427

පිටිගල මිලානෝ Monday, 18 November 2019 07:50 AM

අයියලා, බෑනලා සහ හොර රංචුව එලවලාම රට හදන වැඩේට අතගහන්න. නැත්නම් පරණ හොරකම් සහ කොමිස් ගැහිලි නැවත සිදුවෙයි.

:       1252       583

වෑන් සුදා Monday, 18 November 2019 10:30 AM

."ඒවා නවත්වලා කොහොමද අපි ජීවත් වන්නේ...? මම පොරොන්දු වුනේ රටේ ආරක්ෂාව සහතික කරනවා කියලා බව ඔබට අමතක වුණාද..? ඒ සඳහා රටට අවශ්‍ය මිග් යානා 25ක් වහාම මිලදී ගන්න නව රජයේ කැබිනට් එකට ඉදිරිපත් කරන්න කැබිනට් පත්‍රිකාවක් ඊයෙම මම පිළියෙළ කළා. තව මල්ටි බැරල්, යුධ වාහන, වැනි සුළු සුළු දේවලුත් මුලින්ම මිලදී ගන්නවා. ඒ සඳහා මම මුලින්ම චීනෙට සහ යුක්රේනයට යා යුතුයි. ඉන්පසු මුදල් ඉතිරිවෙලා තිබුණොත් ඔබලාට අවශ්‍ය ආහාර වර්ග ඒ කියන්නේ කැරට්, පුන්නක්කු, අමු තණකොළ ආදිය අනිවාර්යයෙන්ම ලබාදෙනබව මෙයින් පොරොන්දු වෙමි.. මම පෙත්ත ගන්න වෙලාව හරි වගේ.. ඒක ගන්න වෙලාව වැරදුණොත් මම යකා වෙනවා.... අපි නැවත හමුවෙමු."

:       3267       1854

Rasika PradeepMonday, 18 November 2019 11:04 AM

මතක් කරලා ඒ එනගමන් ඔයාට පුන්නක්කු ටිකකුත් ගෙන්න ගත්තොත් නරකද? ඔය කියවන එක අඩුවෙයි එතකොට....

:       264       525

නන්දෙ Monday, 18 November 2019 02:12 PM

"..තමා කාටද ඔය කතාකරන්නේ කියලා දන්නවද...? මාව පත්කරගත්ත කට්ටියට දෙන්න තමයි මම ඒවා ලැහැස්ති කරන්නේ... ආයේ වෙන මොකවත් එහෙම මගෙන් ඉල්ලනවා නොවෙයි. හරිද..? නඩුත් නැහැ.. බඩුත් නැහැ... අනවශ්‍ය හැප්පීම් ඇතිකරගන්නේ නැතිව සමාදානයෙන් ජීවත්වන්න.

:       1068       312

Thilina Monday, 18 November 2019 08:10 AM

ජීවිතයේ මම අහපු විශිෂ්ඨතම ජාතිය ඇමතීමෙ කතාව.. ජාතිය කෙළින් සිටවන්න සිංහයෙක් ලැබුණා වගේ හැඟීමක් දැනුණා. චිරං ජයතු ජනාධිපතිතුමණි.

:       473       1771

asha Monday, 18 November 2019 08:11 AM

ඔබතුමා රජෙක් වගේ නායකයෙක් වේවා , එමෙන්ම ඔබට ඡන්දය නොදුන් මිනුසුන් ඔබ වෙත නැඹුරු කර ගැනිමයි නියම සාර්ථකත්වය විය යුත්තේ. මුලු රටම ඔබ දෙස දෑස් දල්වා බලා සිටින්නේ මේ පින් බිම සාරවත් දේශයක් කරන තෙක්ය. ඔබට ඡන්දය නොදුන්නත් ඔබට සියලු ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබී මේ රට දියුණු කිරීමට හැකි වේවා.

:       33       1145

Raveendra Monday, 18 November 2019 08:15 AM

ශ්‍රීලංකා මාතාවගේ නව ජනාධිපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂට අපගේ උණුසුම් සුබ පැතුම් !!! නවතම මුල් පුරවැසියා වූ ඔබ ඉදිරියේ අතිමහත්වූ ගැටලුවලට අවංකව පිළිතුරු සෙවීමට හැකිවේවා යන්න අපගේ එකම බලාපොරොත්තුවයි.

:       264       1294

sudelmi Monday, 18 November 2019 08:43 AM

ඔබතුමා ගැන සහ රාජපක්ෂ පවුල ගැන විශ්වාසයක් නැති වුණත්... 1. විධායක බලතල පවුල වෙනුවෙන් අවභාවිතා නොකරොත් 2. අඩුම ගානේ මහ බැංකු හොරු ටිකවත් ඉතාම ඉක්මනට හිරේට දැම්මොත් 3. රටේ දේපල බුදුදහම අනුව හොරා නොකෑවොත් (මොකද ඔබතුමාට තව අඩුමගානේ වසර 10 කින් මේ සියල්ල හැර යන්න වෙන නිසා - හදවත් රෝගය අනුව- පරලොවට වැඩක් කරගන්න හොඳම අවස්ථාව - මෙය නපුරු සිතින් කියන්නක් නොව බුදුදහම අනුව අපි වැඩියෙන්ම සිහිපත් කළ යුත්තේ පුරුදු කළ යුත්තේ හොඳ මරණයකට මුහුණදීම මිස ජීවත්වීමට හොරකම් මැරකම් කිරීම නොව) 4. පැවැති සාමකාමී මැතිවරණ ක්‍රියාදාමය වෙනස් නොකළොත් මේ රටේ වීර පුරන් අප්පුලා කැප්පෙටිපොල වැන්නවුන් අතර ඔබේ නමත් මිනිසුන් හොඳ විදිහට කියාවි. බලන්න සිරිසේනට මිනිසුන්ගෙන් ලැබුණු බාල තැන ඔබට හා මහින්දට නොලැබුණේ මොනවා වුණත් යුද්ධයට ඔබලා දුන් දායකත්වය නිසා. මේක තමයි ඔබ ඉපදුණු රටට හොඳ දෙයක් කරන්න ලැබෙන අන්තිම අවස්ථාව..., එහෙම කළොත් ඔබ තව වරක් මේ රටේ ජනාධිපති වෙනවා.

:       1163       1032

පිටිගල මිලානෝ Monday, 18 November 2019 08:58 AM

හිරේ ඉන්න මිනීමරුවෝ, කුඩුකාරයෝ නිදහස් කරන්න ගිහින් නිකන් කළු පැල්ලම් නම් ගාගන්න එපා. අපි ඡන්දෙ දුන්නේ ඒවාට නෙවෙයි.

:       172       390

බණ්ඩාර-(කැකිරාව) Monday, 18 November 2019 09:17 AM

සිංහල, දමිල, මුස්ලිම් යනවචන වෙනුවට "ශ්‍රී ලාංකික" කියන තනි වචනයෙන් ජාතිය ආමන්ත්‍රණය කරන්නට ඔබතුමාට හැකිවේවා..!!!.

:       1       225

Ruwangi Monday, 18 November 2019 09:19 AM

මැතිඳුනි, කලින් අය නටපු සාටක කෝළම මෙතනින් නවත්වලා බුද්ධිමත් දේශපාලනයක යෙදෙමු.

:       65       171

beau Monday, 18 November 2019 09:29 AM

බොහොම ආඩම්බරය අපට ජනාධිපති තුමනි ඔබ චිරාත් කාලයක් වැජබේවා.

:       1       159

P.Thangarajah Monday, 18 November 2019 09:45 AM

ඔබතුමාගේ ප්‍රකාශනයේ ඔබතුමා දක්වන අදහස් ඉතාමත්ම අගයකොට සලකමි. ඔබතුමා ගැන වපර ඇහෙන් බලා සිටි මම වගේ අය ඔබතුමාව තේරුම් ගත යුතු කාලය ඇවිත් තිබේ. ජාතික සමගිය උදෙසා ඔබතුමා දරන උත්සාහයට දෙමළ ජනතාවත් එක්වෙමු. ඔබතුමාට දේවාශිර්වාදය ලැබේවා...!!!

:       108       1326

Jehaan Monday, 18 November 2019 10:09 AM

අර බේබිලා ටික නම් කිට්ටු කරගන්න එපා. දේශපාලනයේදී ඔබතුමා කිට්ටුවටවත් ගන්නේ නැතිව ඉන්නතාක් කල් ඇඟට ගුණයි...

:       40       217

isurandi Monday, 18 November 2019 10:09 AM

මෙය කදිම අවස්ථාවක්... ඔබගේ නාමය සදා රැකගන්න මේ දෙරණේ... ජනතාව ඔබ කෙරෙහි තිබ්බ විශ්වාසය, සිහිනය මල්ඵල ගන්වන්නට හැකිවේවායි පතමි...

:       1       120

siri Monday, 18 November 2019 10:59 AM

මම දැක්කා මහාචාර්ය නලින් සිල්වා ඔහුගේ " කාලය" අඩවියේ මෙහෙම ලියල තියෙනවා. උපුටා ගැනීම " ජාතික ජනාධිපතිට මෙරට ජාතියක් ගොඩනැගීමේ ප්‍රශ්නයක් නැහැ. එය පළමුවැනි ගෝඨාභය රජුගේ මුණුබුරකු වූ ගැමුණු රජු විසින් කෙරී අවුරුදු දෙදහසකට වැඩියි. ගැමුණු රජු මෙරට සිංහල බෞද්ධ රාජ්‍යයක් ගොඩනැගුවා. ගෝඨාභය රාජපක්‍ෂට ඇත්තේ ඒ සිංහල බෞද්ධ රාජ්‍යය යළි ගොඩනැගීමේ කාර්යයට මුල පිරීමයි. තමාට ඡන්දය නුදුන්නත් ගෝඨාභය දෙමළ කතා කරන ජනයාත් මුස්ලිම් ජනයාත් තම දරුවන් සේ රකීවි. ඔවුන්ට ආරක්‍ෂාව ඇත්තේ සිංහල බෞද්ධ රාජ්‍යයක් පමණයි. ඒ ගැනත් අනෙක් ප්‍රශ්න ගැනත් අපි පසුව සාකච්ඡා කරමු." උපුටාගැනීම අවසන්. හිස්බුල්ලා, තොණ්ඩමාන්, වීරවංශ, ගම්මන්පිල, මහින්දානන්ද, ජොන්ස්ටන් වැනි කට්ටිය ලංකර ගත්තොත් ඔය වැඩේ හරියට කෙරෙයිද ?

:       24       179

sampath Monday, 18 November 2019 11:17 AM

ඔබතුමාට දැන් තියෙන අභියෝග තමයි නිරර්ථක වැඩ වරජන නිදහස් අධ්‍යාපනයට බාධාකරන අවස්ථාවාදී ශිෂ්‍ය කණ්ඩායම් පුද්ගලික බස් මාෆියාව පාරිභෝගිකයා ගසා කන කළු කඩ සකලවිද ජාවාරම් කරුවන් තරුණ ජනතාවගේ අසහනය මේ ටික සාර්ථක කරගන්න ඔබතුමාට ඕනෑවටත් වඩා ශක්තිය ධෛර්යය තියෙනවා.. ඔය බලතල නිසි පරිදි යොදාගෙන...

:       0       62

indra Monday, 18 November 2019 12:27 PM

චිරං ජයතු ජනාධිපතිතුමනි, ලැබූ 5 වසර ගැනද සිතන්න... ඉදිරියට ඇති පස්වසර නැවත ලබන්නට රටට වැඩදායක රජෙක් වෙන්න.

:       0       16

Rata Perata Monday, 18 November 2019 12:50 PM

කතා වැඩක් නෑ. අපි වැඩ ගැන බලාගෙන ඉන්නවා.

:       2       63

රෝහණ Monday, 18 November 2019 01:18 PM

යුද්ධය නිමාකරන්න බෑ කියලා කිව්වා. කලා, සිංහල ඡන්ද වලින් විතරක් ජනාධිපති කෙනෙක් පත් කරන්න බෑ කිව්වා.

:       46       1037

aruna Monday, 18 November 2019 01:40 PM

ජයෙන් ජයම වේවා ගෝඨාභය මැතිදුනි, සිංහල ජාතියට ඔබතුමා නිසි තැන දෙන බව විශ්වාසයි. ඔබතුමාගේ කතාව විශිෂ්ටයි .

:       32       938

Freedom wanted Monday, 18 November 2019 02:14 PM

අපි ඇබිති කාලයේ අහපු කවියක් තියෙනවා.. අනේ කුහුඹියනේ කියලා, මේක අහල අහලාම අපේ මිනිස්සුන්ගේ මොළේට වැටිලා තියෙන අදහසක් තමයි රජෙක් ඕනෑ කියන එක, රජකමට කිට්ටු විධායක ජනාධිපති ක්‍රමයට සිංහලයෝ ඔච්චර ලැදි එකයි... කණගාටුව කියන්නේ අපේ මිනිස්සු තරම් දීන, වහල් ජාතියක් තවත් නැහැ කියලයි. බලන්න අපේ ඇමරිකන් ජනාධිපතිගේ රටේ.. නිදහස දිනාගත් හැටි, පළමු ජනාධිපති රාජාණ්ඩු ක්‍රම ප්‍රතික්ෂේප කරලා මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් වැඩ කළ හැටි, මිනිසුන්ගේ අයිතිවාසිකම් නිදහස, කතා කිරීමේ නිදහස වෙනුවෙන් ව්‍යවස්ථාවක් හැදූ හැටි, අවුරුදු 300කට අතීතේ සිටි ඇමරිකන් මිනිස්සුන්ට වඩා අන්ත පසුගාමී දීනයන් ටිකක් තමයි අද අපේ රටේ ඉන්නේ... මට කියන්න තියෙන්නේ අනේ මිනිසුනේ නුඹලාට කොන්දක් ලැබෙන්නේ කවද්ද කියලයි. විධායක ජනාධිපතික්‍රම අහෝසි කරන්න. දේශපාලකයන් පස්සේ යාම නවත්තන්න.. මිනිස්සුනේ මොලේ පාවිච්චි කරන්න..

:       167       1002

Chanak los angeles Monday, 18 November 2019 03:03 PM

ව්‍යවස්ථාවට බොරු කරලා පත්වුණු පත්වීමක්.

:       1039       56

විජිත් Monday, 18 November 2019 07:39 PM

මටත් ඒක දැනගන්න ලැබුනා. 19 වෙනි සංශෝධනය අනුව සිරිසේන මහත්මයාගෙන් පසුව එන ජනාධිපතිට ආරක්ෂක ඇමතිකම දරන්න බැරිලු.

:       77       97

janahitha Monday, 18 November 2019 09:11 PM

කොස්ගස් හන්දියේ ලොස් ඇන්ජලිස් හීනයක් දැකලද ?

:       0       50

vidya Monday, 18 November 2019 05:46 PM

කතාව ඉතාම අගෙයි. අපි බලාපොරොත්තු වෙනවා, දළදා මාලිගාව ඉදිරිපිට හෝ කිසිම තැනක මිනිසුන්ට හිරි හැර වෙන සේ කාර් රේස් පැදීම, බදු වංචාව සඳහා කාර් ගෙන්න වීම, නෑ දෑ යන්ට තනතුරුදී හිතුමතේ වැඩ කිරීමට ඉඩ දීම, පාර්ලිමේන්තුවේ කුණු හරුප කියන මිරිස් කුඩු ගසා සන්ඩුවීම් කරන නුගත් පත් කිරීම වැනි වැදගත් දේවල් නැවත්වීමට පියවර ගැනීම. ඔබතුමාට , දැන් වටේ ඉන්න පිරිසගෙන් කොටසක් හලන්නට වෙයි.

:       0       5

Nimal Monday, 18 November 2019 06:09 PM

අපේ මහපාරවල සාමාන්‍ය මගියෙකුට ගමන් කරන්න බැරි වී තිබෙන, නීති ගරුක රථ වාහන හිමියෙකුට තම වාහනය නිදහසේ ආරක්ෂිතව මහා පාරක පදවන්නට අසීරු වී තිබෙන මහා මාර්ගවල විනය උල්ලංගනය කිරීම ගැනත් සැලකිලිමත් වුනොත් අගෙයි ජනාධිපති තුමෙනි. එතරමට මහා මාර්ගවල විනය අද පිරිහිලා.

:       6       3

සමන් ඔස්ට්‍රලියා Monday, 18 November 2019 11:26 PM

සුදෙල්මිගේ කතාව දැකලා මට ලියන්න හිතුනා. හදවත් රෝග එතරම් ලොකු ප්‍රශ්න නෙවෙයි හරියට ප්‍රවේසම් වුනොත්. මම බයිපාස් එක කලේ 1993. දැන් අවරුදු 26 ක් වෙනවා. මගේ වයසේ ඕන කෙනෙක් එක්ක මම අද වුනත් තරගෙට දුවන්නම්.

:       4       8

Bamunuarachchi Tuesday, 19 November 2019 04:22 AM

අපි ඔබෙන් බලාපොරොත්තුවෙන්නේ එයයි. ආරක්ෂාව කියන එක ත්‍රස්තවාදයටම සීමා වෙලා නැත.අපිට ආර්ථික ආරක්ෂාවත්, රටේ සිදුවන අල්ලස හොරකම් වලින්ද ආරක්ෂාව සපයා දෙන්න. පළාත් සභාවල සිදුවන අල්ලස් ගැනීමෙන් වෙනත් දූෂණ වලින් ජනතාව ආරක්ෂා කරන්න.

:       12       2

Namal Tuesday, 19 November 2019 04:22 AM

රට සිංගප්පුරුවක් කරන්න යන්නේ අධිකරණෙ නඩු තියන ජයසුන්දර ජනාධිපති ලේකම් කරලා, කමල් ගුණරත්න ආරක්ෂක ලේකම් එක්කද? ලංකාව සිංගප්පුරුවක් කරනවා කියල නේද කිව්වේ. ලංකාවේ ලී ක්වාන් යු අඩුම තරමේ සිංගප්පුරුව ගොඩනැගු අසහාය නායකයාගේ චරිතාපදානයවත් කියවලා තියනවද කියලා සැකයි.

:       0       53

bul Tuesday, 19 November 2019 04:27 AM

දකුණේ සංහලයෙක්. අති විශිෂ්ඨයි කතාව. මෙතෙක් දැකපු, හදවතට දැනුණු විශිෂ්ඨ කතාවක්. තෙරුවන් සරණයි !

:       10       13

GuneTuesday, 19 November 2019 07:12 AM

මහත්තයා වැඩිය කතා අහල නැතුව ඇති නේද?

:       0       33

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වැටුප් ප්‍රශ්නය විසදන්න ගුරු බලය සංවිධානයට ලිපියක්
2024 අප්‍රේල් මස 24 81 0

ගුරු විදුහල්පති සේවයන්හි වැටුප් විෂමතාවක් නැතැයි පවසමින් ගුරු බලය සංවිධානයට ලිපියක් යැවූ ගුරු ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරියගෙන් ඒ සම්බන්ධයෙන් ක


ෆොක්ස්හිල් අනතුරේ රියදුරන්ට ඇප
2024 අප්‍රේල් මස 24 142 0

දියතලාව නරියාකන්ද ෆොක්ස්හිල් මෝටර්රථ අනතුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි තරගකරුවන් දෙදෙනා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත්


’’ගෝඨාභය පොත ලිව්වේ පව් සෝදා ගන්න’’
2024 අප්‍රේල් මස 24 170 0

ගෝඨාභය පොත ලියා ඇත්තේ ඔහු විසින් කළ පව් සෝදා ගන්නට යැයි සමගි ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් මන්ත්‍රී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.


ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 435 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 390 3

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රීලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 1659 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1666 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1525 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site