IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


‘රටට ජාතිකවාදී නායකයෙක් අවශ්‍යයි‘

(විනීතා එම්  ගමගේ)
ආණ්ඩුව කටයුතු කරන ආකාරය නිසා සිදුවන්නේ මේ වනවිට සමාජය ඉදිරියේ සළුපිළි ගැලවී නිරුවත් ව සිටින අන්තවාදි මුස්ලිම් දේශපාලඥයින්  වටා යළි මුස්ලිම් ජනතාව එක් රොක් වීම යැයි පැපිලියාන සුනේත‍්‍රාදේවී මහ  පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවැසූහ.

ගොඩනැගෙන බෞද්ධ බලවේග වෙනතකට හැරවීමේ දේශද්‍රෝහී වැඩ පිළිවෙලක් ක‍්‍රීයාත්මක වනබවත් එයට කිසිසේත්ම ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ කීහ. පවතින තත්ත්වයට සියලූ දෙනා සබුද්ධිකව මුහුණ දිය යුතු බවත් ජාතිකවාදි බලවේග හොරුන්ගේ ග‍්‍රහණයට අසුවන්නට ඉඩ දිය යුතු නැති බවත් මැදගොඩ හිමියෝ කීහ.

සිංහල බෞද්ධ බලවේගයක අවශ්‍යතාවය ජනතාව පෙන්වා දෙන්නේ  යැයි ද සිවුර පාවඩයක් කරගෙන දේශපාලනයට එන්නටත් ජාතික බලවේග අතට ගන්නටත්  පිරිසක් සුදානමින් සිටින්නේ යැයි ද කී උන්වහන්සේ ජාතික සළු පිලි දවටා ගෙන යලි දේශපාලනයට එමින් සිටින මේ පිරිස හෙළි කළ යුතු යැයි ද පැවැසූහ.

මොවුන් අතරින් සමහරු සිවුරේ ගෞරවය විනාශ කළ අය බවත් තවත් සමහරු ආරක්ෂක හමුදා බුද්ධි අංශ අකර්මණ්‍ය කරන්නේ නැතැයි පවසා බලයට ආ අය බවත් කී අභයතිස්ස හිමියෝ මේ ගැන සහතික වෙමින් බලයට ආ ඔවුන් දැන් කරන්නේ කුමක් දැයි ප‍්‍රශ්න කළහ.

රටට විප්ලවයක් අවශ්‍ය බවත් ලී ක්වාන් යූ වැනි නායකයෙක් රටට අවශ්‍ය බවත් පැවැසූ මැදිගොඩ හිමියෝ පක්ෂ දෙකේම ඇති දූෂිත නායකයින් නැති කළ යුතු බව ද කීහ.මේ ත‍්‍රස්තවාදය තුරන් කරන්න අවම වශයෙන් වසර දෙකක් වත් යනු ඇතැයි සරත් ෆොන්සේකා මහතා දෙතුන් වතාවකම කීවේ යැයි ද ඒ අන්තර්වාර ආණ්ඩුවක් ඇති කිරිමේ ආණ්ඩුවේ උවමනාවට විය යුතුයැයි ද පැවසූ උන්වහන්සේ අන්තර්වාර ආණ්ඩු ඇති කරන්නේ බටහිර වුවමනාවට යැයි ද පැවසූහ.

වහබ්වාදය පවා එංගලන්තය ඇතුළු බටහිර රටවල උවමනාවට ආරම්භ කළේ ඉන්දියාවේ හින්දුන් හා ඉස්ලාම් භක්තිකයන් අතර ගැටුම් ඇති කිරීමට බව පෙන්වා දුන් අභයතිස්ස හිමියෝ ඉන් අනතුරුව විවිධ රටවල දේශපාලන මැදිහත්වීම් ඇති කර ගන්නට යුද්ධ ඇති කල බවත් අපේ රටෙත් මේ තත්ත්වය ක‍්‍රමාණුකූලව ඇති කරන්නට සුදානම් වෙමින් සිටින බවත් කීහ.

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය එල්ල කළේ මුස්ලිම් අන්තවාදින් බව ද  පහර කෑවේ කිතුණු ජනතාව බවද එසේ වී නමුත් විවිධ පාර්ශව උත්සාහ කරන්නේ බෞද්ධ ජනතාව කුපිත කරන්නට බවත් කී උන්වහන්සේ බෞද්ධ නිවාස පරික්ෂා කරන්න ආයුධ අසුවේවි යැයි බදුර්දීන් ඇමතිවරයා කියනු ඇසුණු බවත් පැවැසූහ

ආණ්ඩුවේ උවමනාවත් ගැටුම් නිරාකරණය නොව ගැටුම් ඇවිලවීම බව පෙන්වා දුන් මැදගොඩ හිමියෝ මේ අවස්ථාවේ මහා සංඝරත්නය පාවඩ එලන්නා විය යුතු නැති බවත් ගැල්කරුවා වී ආණ්ඩුව නිසි තැනට දැක්කීමට කටයුතු කළ යුතු බවත් කීහ. දැන් කඩු අල්ලන ඒවා පෙන්නන්න එපා කියන්නේ පපුවේ අමාරුව තිබෙන කෙනෙකුගේ පපුවේ අමාරුව තිබුණට කමක් නැහැ. ඊසීජී ගන්න එපා කියන්නා වගේ වැඩක් යැයි ද උන්වහන්සේ ප‍්‍රකාශ කළහ.

මේ ප‍්‍රහාරවල සබදතා පෙනෙද්දිත් දේශපාලඥයින්ගේ උවමනා මත කටයුතු කරන ආණ්ඩුව සියල්ලට වගකිව යුතුයි යැයි පෙන්වා දුන් උන්වහන්සේ කාතන්කුඩි පල්ලි පරික්ෂාවට හමුදාවට නීතිමාලාවක් පවා දමා තිබෙන බව හමුදා නිලධාරින් කියන්නේ යැයි ද ඔවුන්ට පල්ලි පරික්ෂාවට යන්නට සිදුව ඇත්තේ දැනුම් දීමෙන් පසුව යැයි ද පැවැසූහ.

අභයතිස්ස හිමියෝ මේ අදහස් පළ කළේ ජාතික විද්වත් භික්ෂු සංසදය පැපිලියාන සුනේත‍්‍රාදේවි මහ පිරිවෙණේ අද(12) පැවැත්වූ මාධ්‍ය හමුවක දීය.

ජාතික විද්වත් භික්ෂු සංසදයේ සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අදහස් දැක්වූ ආචාර්ය මාදුරුඔයේ ධම්මිස්සර නාහිමියෝ රටට වේ අවස්ථාවේ අවශ්‍ය මැතිවරණයක් මිස සභාග ආණ්ඩු හෝ අන්තර්වාර පාලනයක් නොවන බව පැවසූහ. 



අදහස් (56)

‘රටට ජාතිකවාදී නායකයෙක් අවශ්‍යයි‘

Pradeep Sunday, 12 May 2019 12:49 PM

දැන්වත් කඩේ යන එක නවත්වන්න.. නැතිනම් ඔය සුර ගලවන්න..

:       4847       5118

ඈපා Sunday, 12 May 2019 01:42 PM

ඊට කලින් තමුන් ඔය කඩේ යන එක නවත්තලා ඇස් ඇරලා බලන්න මේ වෙන දේවල් දිහා..

:       1580       1482

ධනුෂ්කSunday, 12 May 2019 02:57 PM

නොකියා කියන දේ අපි දන්නවා. නමුත් ඔබ වහන්සේ කියන එතුමා අැත්තටම ජාතිවාදී කියන්නේ කොහොමද? එතුමා විසින් වැළඳගත් නමුත් සමාජයට පෙන්වන බටහිර විරෝධය... නව ලිබරල් විරෝධය අැත්තමයි කියන්නේ කොහොමද? එතුමා ලිබරල් චින්තනයත්, වාමවාදී චින්තනයත් බැහැර කරනවා. හැබැයි සියුම්ව ෆැසිස්ට් චින්තනය විචාරනවා. මේ පරස්පරයන් නොදන්න නොතේරෙන කට්ටිය පැනලා කතිරය ගසයි. නමුත් මේ පරස්පරයන් තේරෙන අපි කොහොමද කතිරය ගහන්නේ? අවසානයේ හැමදාම වෙන්නේ එක් පරපෝෂිතයෙක් නසන්න තවත් පරපෝෂිතයෙක් භූමියට මුදාහරින්නයි. ගැටලුව එන්නේ තවදුරටත් පරපෝෂියන් නොමැති වූ දාටයි...

:       458       888

BamunuarachchiSunday, 12 May 2019 04:48 PM

එහෙනම් ඉන්න පරිපෝෂිතයාට සිංහල ජාතිය කෑ මුසල්මානුවන් සමග සැතපෙන්න කියන්න. පරලොව ගිය ප්‍රමාණය මදිවගේ. එල්.ටී.ටී.ඊ. කාලයේ වගේ තව කාලයක් බෝම්බ පිපිරෙන්න ඕනේ මොවුන්ගේ මොලය පෑදෙන්න....

:       1318       532

BamunuarachchiSunday, 12 May 2019 04:41 PM

හරියට හරි අපේ හාමුදුරුවනේ, මේ ගොබ්බයින්ට මේක තේරෙන්නේ නැත. කාරණය මෙතන ලියන බොහෝ එවුන් සුද්දන්ගේ වැසිකිලි සෝදන එවුන් නිසාය. කඩේ යන්නේ සිංහල බෞද්ධයා වෙනුවෙන් කියලා මේ ගොබ්බයාට කියන්න... මෙයා සිංහල බෞද්ධයෙක් නොවෙයි, රනිල්ගේ වර්ගයේ කෙනෙක්...

:       1484       800

Ajith NissankaMonday, 13 May 2019 02:20 PM

හරියට හරි හාමුදුරුවනේ

:       0       0

NishanMonday, 13 May 2019 01:57 AM

කඩේ යනවා කියන සරල දෙයින් හාමුදුරුවන්ගේ අභිප්‍රාය ලඝු කරන්න අකමැති වුණත් උන් වහන්සේගේ විග්‍රහය සමඟ එකඟ වෙන්න බෑ. උන් වහන්සේ ස්ථීරව පවසන දේවල් කුමන මුලාශ්‍ර පදනම් කරගෙනද, කුමන විශ්ලේෂණ මත පදනම් වෙලාද කියන දේවලුත් කිව යුතුයි. කටට එන එන දේ නොකියා...

:       0       0

sirimal Sunday, 12 May 2019 12:50 PM

පිණ්ඩපාතේ වැඩලා නම් ඔය කියන නායකයා හොයාගන්න ලැබෙන එකක් නැහැ අපේ හාමුදුරුවනේ... තව ටිකක් උනන්දුවෙලා ප්‍රචාරක කටයුතු කරන්න වෙයි. දැන් ඉතින් පුරවැසිභාවය පිලිබඳ ගැටළුවත් නිරාකරණය කර ගත්තා කියලනේ කියන්නේ...

:       427       1400

චමින්ද Sunday, 12 May 2019 01:02 PM

හාමුදුරුවනේ මේ රටට ජාතිකවාදී නායකයෙක් හිටියටම මදි. රටට ජාතික ප්‍රතිපත්තියකුත් ඉතාම අවශ්‍යයි. මෙරටේ සිදුවන සියලු විනාශයන්ට මුල වන්නේ ජාතික ප්‍රතිපත්තියක් නැතිකමයි. එක් කලෙක රටට අහිතකර පණතක් සෙනේට් සභාවෙන් පරාජයවීම නිසා සෙනේට් සභාව අහෝසිකලා. එනිසා නැවත නිර්පාක්ෂික උගතුන් හා බුද්ධිමතුන්ගෙන් නැවත සෙනේට් සභාවක් ඇතිකල යුතුයි

:       1       335

ravi Sunday, 12 May 2019 01:04 PM

අනේ නිකන් ඉන්නවා.. කට වහගෙන ..!

:       1401       1013

අනිල් Sunday, 12 May 2019 02:21 PM

එහෙමයි.. කතා කරන්න අපි ඔබතුමාගෙන් අවසර ගන්නම්. අනේ යන්න. ලංකාව තවම ප්‍රජාතන්ත්‍රවාදී රටක්. හාමුදුරුවන්ගේ කට වහන්න ඔයා කවුද?

:       646       704

nandanaSunday, 12 May 2019 03:27 PM

අවුරුදු 70 ක් තිබුණු ප්‍රජාතන්ත්‍රවාදය තමයි අපි දැන් අත් විඳින්නේ...

:       85       132

raviSunday, 12 May 2019 04:47 PM

කවුද ? ලොකු හාමුදුරුවෝද ... නැත්තම් අැබිත්තයද?

:       121       283

BamunuarachchiMonday, 13 May 2019 04:28 AM

හාමුදුරුවරුන්ගේ කට වහන්න අපිටවත් බැරිය. ඒක මතක තියා ගත්තොත් හොන්දයි නේද?

:       168       191

jagath Sunday, 12 May 2019 01:10 PM

මට ප්‍රශ්නය වී ඇත්තේ දැන් ඡන්දය කාට දිය යුතුද යන්නයි. කලින් ආණ්ඩුවේත්, මේ ආණ්ඩුවේත් ගොඩක් වැරදි තියෙනවා. ජවිපයත් විශ්වාස නැහැ. දැන් තියෙන්නේ ප්‍රසිද්ධ වැරදි නැති හොඳ මිනිස්සු ටිකක් එකතු වී දූෂිතයන්ගෙන් තොර සංවිධානයක් ගොඩනගාගෙන ඡන්දයකට යාමයි. සිංහල මිනිස්සුන්ට එකතු විය හැකි විය යුතුය. නැතිනම් වනුයේ තවතවත් බෙදීම පමණයි. බෙදෙන්න බෙදෙන්න සිංහල ජාතිය නැතිවන බව පැහැදිලි කළ යුතු නොවේ.

:       15       507

AmalSunday, 12 May 2019 02:39 PM

ඇයි නාගනන්ද මහතා?

:       14       1561

kamaniSunday, 12 May 2019 03:25 PM

අනේ මං එයාගේ නමට කැමති නෑ මෙයා...

:       29       19

AmilaSunday, 12 May 2019 04:22 PM

ලෝයර් පට්ටම ගැලවෙනකන් දන්නේ නැති මනුස්සයෙක්... රටේ නායකත්වයට තියා ප්‍රාදේශීය සභාවකටවත් සුදුසු නෑනේ. ඒ මනුස්සයාට පොඩි මානසික අවුලක් තියෙනවද කියලත් සැකයි දැන් එයා කරන වැඩ බැලුවහම...

:       1061       193

GaminiSunday, 12 May 2019 08:28 PM

මට විතරද හිතෙන්නේ.. කමනිට අර පෙත්ත ගන්න අමතක වෙලා කියලා..?

:       0       0

අනුර පැස්කුවල් Sunday, 12 May 2019 01:10 PM

දේශපාලන නිරුවත පෙන්වා දැන් බොහෝ කල් බව අමතක වී ඇත. එක් දේශපාලකයෙකුට රෙදි නැතුව කඩේ යන විට රටේ මිනිස්සුන්ට තමා ගැන ඇති තක්සේරුව බින්දුවට වැටෙන බවට ජීවමාන සාක්ෂියක්....

:       379       865

ගල්කටස් Sunday, 12 May 2019 02:05 PM

හාමුදුරුවනේ මේ අාණ්ඩුව කරන මහ එවුන්ටයි. එ්කට තවම සහයෝගය දෙන උන්ටයි ඔවා කියලා ඵලක් නැහැ. උන්ට රට ගැනවත්, අනිත් මිනිස්සු ගැනවත් හැඟීමක් නැහැ. අනිත් අය ඔක්කොම මැරුවත් රටක් නැති වුණත් කමක් නැහැ. තමන්ගෙ හතර රියන බේරෙනවා නම්... ඔවුන්ට මේක තෙරෙන කොට රටත් නැහැ. උනුත් නැහැ.. අපිත් නැහැ...

:       570       603

Vipula Sunday, 12 May 2019 02:09 PM

ඔබ වහන්සේ හිතා ඒ ගැන කරුණු කිහිපයක් පෙන්වා දී තිබෙනවා. බුද්ධියෙන් විමසා කටයුතු කරන්න අප වදිවිය යුතුයි.

:       167       21

මහකන්දේ විජිත සිරි හිමි Sunday, 12 May 2019 02:25 PM

උඩ මනුෂ්‍යයෝ නොවන අමනුෂ්‍ය සතුන් අදහස් දක්වා ඇත. හරි දෙය හරි කියන්න හා වැරදි දෙය වැරදි කියන්න සෑම දෙනාටම අයිතිය ඇත. එය අවංක සෘජු බව. අන්තගාමී නොවන කරුණාව. මිතුරු බව. බුදුරජාණන් වහන්සේ පවා එලෙස ධර්මය/සත්‍ය දේශනා කර ඇත. ගිහි අන්තගාමී මිනිසුන් එය පක්ෂ, පාට කණ්නාඩිතුලින් දැකීම දේශකයාගේ වරද නොවේ. මෙවැනි වසල පව්කාර අය නිසා තමන් පමණක් නොව තම දෙමාපියන් අඹු දරුවන් පවා ශාපයට විනාශයට යාම ගැන කණගාටුයි. කිරි දොවපු ගමන් මිදෙන්නේ නැත. සෙරෙප්පු දාපු ගමන් නොපෙනේ. තමා කරන කියන සිතන දේ අනුව ජනිතවන කර්මය බලපාන අයුරු වර්තමාන රට දෙස බලාවත් තේරුම් ගන්න. (යහපාලන) තවත් අවශ්‍ය නම් ධම්ම පදයේ දණ්ඩ වර්ගය කියවා තේරුම් ගන්න. දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැන.

:       1086       983

sirimalSunday, 12 May 2019 08:07 PM

මජර දේශපාලුවන් පස්සේ යනඑක ස්වාමීන් වහන්සේ කෙනෙකුට තරම් නොවේ කීවහම අපේ විජිත හාමුදුරුවන්ට හොඳටම තරහ ගිහිල්ලා වගේ. ඕවට තමයි අපේ ගමේ මිනිස්සු කියන්නේ " ශාසනෙත් නැහැ පඬු හැලියත් නැහැ " කියලා...

:       0       0

ranjith Sunday, 12 May 2019 02:59 PM

අලුත්ම නායකයෙක් මිස මේ ඉන්න හෝ හිටපු නායකයන්ගේ වැඩක් රටට වෙයිද?

:       136       547

saliya Sunday, 12 May 2019 03:29 PM

සැබවින්ම රටට ආදරය කරන පටු අභිමතාර්ථ වලින් තොර නායකයින් දෙමළ, මුස්ලිම් මෙන්ම සිංහල ජාතියටද අවශ්‍යයි. ආගම් ජාතිවාදය හැම ජනතාවම පිටු දැකිය යුතුය. රටේ දියුණුවට හැමෝම දායක කරගත හැකි නායකත්වයක් අවශ්‍යයි. අපි දැන් කරන්නේ බේද භින්න ඇති කරමින් රට විනාශ කිරීමයි..

:       0       204

mahinda Sunday, 12 May 2019 03:41 PM

පාත්තරයක් අරන් ගියා නම් කවුරුහරි හම්බවෙයි. මහත්තයෝ ශික්ෂණය හා විනය අතිගරු කාදිනල්තුමාගෙන් ඉගෙන ගත්තොත් හොඳයි.

:       714       753

Kamal Sunday, 12 May 2019 03:41 PM

ඇමරිකානු නියෝජිතයෙක් ජාතිවාදය මුවාවෙන් එන ලකුණු..

:       139       754

සෙනෙවි Sunday, 12 May 2019 03:53 PM

මේ කියන්නේ අැත්තක් වුනත් බොක්කේ තියෙන්නේ රාජපක්‍ෂ දඩමස්! එ්ක නිසා මේවා වැදිබණ...

:       708       740

BamunuarachchiSunday, 12 May 2019 04:56 PM

මුසල්මානුවෝ කැමතී හරක් මස් වලට. මෙතන අය සිටින්නේ පිටරටවල... මොවුන්ට ලංකාව තුළ සිදුවන දෙවල් ගැන අවබෝධයක් නොමැත. අපි ඕනෑම වෙලාවක ඔබ වහන්සේලා සමගයි. අපේ වර්ජන ක්‍රියාවලිය හොඳින් කෙරීගෙන යනවා.

:       523       485

BamunuarachchiMonday, 13 May 2019 02:41 AM

වර්ජනය කලයුතු ස්ථාන කඩ සාප්පු ලිස්ට් එකක් අන්තර් ජාලයේ තිබෙනවා.

:       0       0

athuraMonday, 13 May 2019 04:15 AM

මම ඉන්නෙ ලංකාවේ. හැබැයි පහුගිය ආණ්ඩුව පෙරලුනා කියල අහේනිය ගැහුව කෙනෙක් නෙමෙයි. මේ වගේ අයට කඩේ යන සමහරු කඩේ යන්නෙ තමන්ගේ වාසියටයි කියන එක නම් ලංකාවේ ඉන්න මම හොදට දන්නවා.

:       0       123

BamunuarachchiMonday, 13 May 2019 04:29 AM

වර්ජන ලිස්ට් එක අන්තර්ජාලයෙන් ලබා ගත හැක.

:       173       0

BamunuarachchiMonday, 13 May 2019 11:03 AM

පහුගිය ආණ්ඩුව පෙරලුනාම අහේනිය ගැසුවේ රටට, රටේ ආර්ථිකයට හා රටේ මිනිසුන්ට මිස බැංකු කොල්ල කරුවන්ට හෝ උන්ගෙන් යැපුන එවුන්ට නොවේ.

:       0       0

සාගර Sunday, 12 May 2019 04:15 PM

කීදෙනෙක් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලේ දේශපාලකයින් කීදෙනෙක් කඩේ යනවද? තනතුරු ලබා ගැනීමේ පරමාර්ථයෙන් කථා කරන බව දන්නෝ දනිති. රට වැසියනුත් මේවා දැන ගතයුතුයි. ඔබ වහන්සේගේ රියදුරාගෙන් අලුතෙන් ගත්තු වාහනයේ නොම්බරය ගන්නේ නැතුව පදින්නේ මොකක්ද කියලා ඇහැව්වාම දුන් උත්තරය දන්නවද? පස්සේ විකුණගන්න වටිනාකම වැඩිවෙන නිසා කියූ බව මතක් කර දෙන්න කැමැතියි. ඒ නිසා සැබෑ ස්වරූපය රටවැසියා දැනගත යුතුයි. ඔයිට වඩා නූගත් යැයි කියන අයට ඕනෑතරම් ඉන්නවා. ඒ නිසා දේශපාලනය කරන්නේ නැතුව ඔය විශ්වවිද්‍යාලයේ පීඨය දියුණු කරන්න. ලොකු වැටුපක් ගන්න නිසා දවස ගානේ ගිහිල්ලා වැඩකරන්න.

:       3       724

Amila Sunday, 12 May 2019 04:27 PM

බුද්ධිමත් නායකයෙක් මිසක් වෙන වෙන නායකයෝ නම් රටට වැඩක් වෙන්නේ නෑ. හිටපු අයත් වැඩක් නෑ මොකද ඉන්න අයගෙයි, එයාලගෙයි ලොකු වෙනසකුත් නෑනේ. 2015 සිරිසේන දිනපු ගමන් තුනෙන් දෙකක් හිටපු මහින්දගේ අය මේ ආණ්ඩුවට ආපු හැටි දැක්කනේ බල පේරේතකමට. ඊළඟ ඡන්දයෙන් විපක්ෂයේ අපේක්ෂකයා දින්නොත් මේ ඉන්න ආණ්ඩුවේ කොතෙකුත් ඒවී බලපෙරේතකමට... ඉතින් අලුත් කණ්ඩායමක් රටට ඕනෑ..

:       2       669

Thilina Sunday, 12 May 2019 04:39 PM

ඉතාමත් කණගාටුයි. සමහරුන්ගේ පහත් අදහස් දැක්කම ..මේ හාමුදුරුවරු කියපු සියළු දේම ඇත්ත වුණා.. ඒත් රට මේ තැනට ඇදල දාපු දේශපාලන කුහකයෝ තවමත් තමන් කරපු විනාශය ගැන පසුතැවීමක්වත් නැතුව කරන්නේ ඇත්ත පෙන්වන හාමුදුරුවන්ට හරහන එකයි..

:       529       659

athuraMonday, 13 May 2019 04:18 AM

අර පිණ්ඩපාතේ වැඩියෙත් ඇත්ත පෙන්නනද?  මහත්තයා

:       156       243

රොමේෂ් Sunday, 12 May 2019 04:48 PM

දැන් අපේ රටේ මිනිස්සු අලුත්ම නායකයෙක් හොයනවා. ඒ උලුප්පන්න හදන නායකයත් පරණ වල්ලේම අලුත් ඇට්ටියක් විතරයි. කරුණාකරලා නායකත්වයට පිපෙන්න දෙන්න. එක එක්කෙනා ඒ ඒ අයගේ වුවමනාවන්ට හරියන විදිහට පුප්පවන්න ගියාම වෙන්නේ නිවැරදි මල හඳුනාගත නොහැකිවීම පමණයි. මේ කරන්නේ රටට මහා අපරාධයක්...

:       20       505

chutta Monday, 13 May 2019 12:00 AM

මේ දේශපාලන හොරු මැද පෙරදිගට එක්ක ගිහින් කප්පම් දීලා දැන් ඒවා වමාරන්න බැරිව කිතුල් ඇට කාපු උගුඩුවෝ වගේ මුනිවත රකිනවා. රට බදියුර්දීන්ට කන්න දීලා...

:       0       0

sadis Monday, 13 May 2019 01:02 AM

ඔය 4 වැනි ඡේදයේ තියන කාරණය ඒ වන් අභි සං හරති කියන බුදු වදනට දාලා බැලුවොත් හොඳයි නේද උන්නාන්සේ..?

:       0       0

vidya Monday, 13 May 2019 02:20 AM

මැදගොඩ සුමනතිස්ස හාමුදුරුවන්ටත්, විදුදය සරසවියටත් නිගාදෙන්නකි ...

:       0       0

charles Monday, 13 May 2019 02:23 AM

දැන් කාටද කඩේ ඕනේ...?

:       0       0

Upali Monday, 13 May 2019 03:06 AM

කව්ද ඔය කියන නායකයා. අනේ කියල වැඩක් නෑ. මේ සියළුම සිංහල නායකයො අවස්ථාවාදී බලලෝභී අයයි. එයාලා ඔක්කොම සුළු ජාතික ඡන්දයෙන් බලයට එන්න බලාගෙන ඉන්න අය.

:       0       0

jim kuru Monday, 13 May 2019 04:26 AM

එහෙම නායකයෙක් මේ රටේ හොයාගන්න පුලුවන්ද? ඔක්කොම ඉන්නේ හොරු තමයි

:       0       26

රාහුල හිමි Monday, 13 May 2019 05:24 AM

ශාසනයට විනයවාදී ධම්මවාදී හිමිවරුද අවශ්‍යයි.

:       0       35

buddi Monday, 13 May 2019 05:29 AM

ඇමරිකානු නියෝජිතයෙක් ජාතිවාදය මුවාවෙන් එන ලකුණු.. බොක්කේ තියෙන්නේ රාජපක්‍ෂ දඩමස්! ඒක නිසා මේවා වැදිබණ...

:       1       123

senalika Monday, 13 May 2019 05:38 AM

ජාතිකවාදී නායකයා ගෝඨාභය නම් නෙවෙයි....

:       1       24

ABDUL RAHEEM Monday, 13 May 2019 05:45 AM

ජාතිවාදී නායකයෙක් මොනවටද හාමුදුරුවනේ..... රට ගිනි තියන්නද?

:       234       104

Chanak los angeles Monday, 13 May 2019 05:55 AM

පාඩුවේ ඉන්න ..

:       14       108

Perakum Monday, 13 May 2019 06:35 AM

පැපිලියාන සුනේත‍්‍රාදේවී මහ පිරිවෙනේ පරිවේණාධිපති ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියනි. අපට ඔය "ජාතික වාදී" නායකයෝ කව්ද කියල නම් කරන්න බැරිද? එතකොට අපට ඊළඟ ඡන්දෙදි කතිරේ ගහන්න පුළුවනි.

:       0       18

Nimal Monday, 13 May 2019 08:38 AM

ඉතින් රටේ ආරක්ෂාව සම්බන්දයෙන් අද සිටින ඉහලම සුදුසුම පළපුරුදුම නායකයාට ආරක්ෂාව බාර දෙන්නේ නැතිනම් මොන වගේ නායකයෙක් ගැනද මේ කියන්නේ? නායකයෝ නැතිකමම නොවේ නායකයින්ට වැඩ කරන්න ඉඩ නොදීමයි ප්‍රශ්නේ.

:       0       18

Jehaan Monday, 13 May 2019 08:47 AM

අවසර, ඔයිට කලින් ඔබවහන්සේලා ශාසනයට මොකද වෙලා තියෙන්නේ කියලා බැලුවොත් නරකද? එහෙම නැතිනම් අර කාදිනල්තුමාගෙන්වත් ඉගෙන ගන්න. දේශපාලකයින්ට ගැති නොවී ආගමික කතිකාවතක් ඇති කරන්නේ කොහොමද කියලා...

:       2       223

BamunuarachchiMonday, 13 May 2019 10:57 AM

හාමුදුරුවෝ මෙහෙම කියන්නෙත් අපි ඒ කියමන අනුමත කොරන්නෙත් සාසනයට වෙලා තිබෙනදේ දැකලා තමයි...

:       1       0

Bamunuarachchi Monday, 13 May 2019 11:12 AM

මුසල්මානුවෝ සිංහලයාගේ රටේ කැකුණ තලනකොට රටේ මුර දේවතාවුන් වන බෞද්ධ භික්ෂුවට "පාඩුවේ ඉන්න" කියන්නේ මොන පින්ගුත්තරයාද? අතිගරු කාදිනල්තුමා කීවෙත් බුද්ධාගම නිසා අනික් ආගම් රැකෙන බවයි. අවුරුදු 2600ක බුද්ධාගම මේ රටේ නිකන් රැකුණේ නැත. මෙවන් භික්ෂූන් එය රැකදුන්නා.

:       0       1

vidya Tuesday, 10 December 2019 04:16 AM

හාමුදුරුවෝ මොන බන කීවත් වැඩක් නැත . පාර්ලිමේන්තුවට උගතුන් යවන්නේ නැතිව . හාමුදුරුවෝ ලබන ඡන්දෙට වැඩ කරනවනවානම් පළමුවෙන්ම නාමයෝජනා දෙනකොට අධ්‍යාපන සුදුසුකම් බලල දෙන්න කියල ජනාදිපති තුමාට කියන්න. අගමැති තුමාටත් කියන්න. නැතිනම් පරණ තත්වයටම වැටෙනවා. අනිත් එක සිවුරට නොගැලපෙන වැඩ වලින් අයින් වෙන්න . .

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 191 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 81 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1430 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 3437 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 1378 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 231 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site