විනිතා එම් ගමගේ

 

මොළේ කළදක් ඇති කෙනෙක් නම්  හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා  අද (17) ප්‍රකාශ කළේය.

කීත් නොයාර්ට පහර දුන්නේ ජනාධිපතිවරයා නොවන බවත්  සීඅයිඩිය ජනාධිපතිවරයා  හමුවී ප්‍රකාශ සටහන් කර ගැනීම විහිලුවක් බවත් කී දිසානායක මහතා මෙය නාටකයක් යැයි ද එහි තිර පිටපත රනිල් වික්‍රමසිංහ මහතා ලියා ඇතැයි ද පැවසීය.

කෙසේ වෙතත් මේ වැඩෙනුත් සිදුවන්නේ යහපතක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයකු ද වන එස් බී දිසානායක මහතා මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ සිට පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.