IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


‘පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරලා‘

(කාංචන කුමාර ආරියදාස)

නාඋල විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කර නිකුත් කරන බව වාහන හිමියෝ පවසති.

තරුණයකු බෝතලයකට පෙට්‍රල් ලබාගැනීමේදී එහි රතු මිශ්‍ර පැහැයක් ඇති බව මෙහි සත්‍ය අසත්‍ය සොයාබැලීමට ගිය අවස්ථාවේදී දක්නට ලැබිණි.එහි භූමිතෙල් ගඳ වහනය වන බවද එම තරුණයා පැවසීය.

එම අවස්ථාවේ එහි පැමිණි විවිධ සේවා සමුපකාර සමිතියේ සාමාන්‍යාධිකාරීවරයා යැයි කියාගන්නා පුද්ගලයකුගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසුවේ තමන්ට එවැනි තොරතුරක් ලැබී පරික්ෂා කළ බවත් එහෙත් පෙට්‍රල්වල භූමිතෙල් ඇතැයි තමන්ට ප්‍රකාශ කිරීමට නොහැකි බවත් ය.

ඔහුගෙන් දිගින් දිගටම ප්‍රශ්න කළ අවස්ථාවේදී එම ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු යැයි පැවසූ පුද්ගලයකු පැවසුවේ භූමිතෙල් කලවම් වී වාහන නැවතී ඇත්නම් ඒවා පෙන්වන ලෙසයි.

මෙම ඉන්ධන සංස්ථාවෙන් ලබාදෙන ඒවා බවත් බවුසර් රථයෙන් පෙට්‍රල් ලබාගත් සැනින් ගත් සාම්පල් බෝතලය පවා තිබෙන බවත් භූමිතෙල් ගඳ වහනය වන පෙට්‍රල් ලබාදෙන්නේ ඇයිදැයි ඇසිය යුත්තේ පිරවුම්හල්වලින් නොව සංස්ථාවෙන් බව කළමනාකාරවරයා වැඩිදුරටත් පැවසිය.
 
එම ස්ථානයට නාවුල පොලිස් ස්ථානයේ කණ්ඩායමක්ද පැමිණි අතර වාහන හිමියෝ මේ බව ඔවුන්ට දැනුම් දුන්හ.

එම ස්ථානයේ සිටි ත්‍රීරෝද රථ රියදුරකු බෝතලයක් ගෙන නාඋල නගරයේම පිහිටි වෙනත් ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් රැගෙනවිත් පොලීසියට සහ කළමනාකාරවරයාට පෙන්වූ අතර  එහි වර්ණය සුදු පැහැති වූ නමුත් විවිධ සේවා සමුපකාර සමිතියේ පිරවුම්හලෙන් ලබාගත් පෙට්‍රල්වල රතු මිශ්‍ර පැහැයක් දක්නට ලැබිණි.

පොලීසියේ නිලධාරීන් ද පැවසුවේ එම සමිතියේ පිරවුම්හලේ පෙට්‍රල්වලින් භූමිතෙල් ගඳ වහනය වන බවයි.පෙට්‍රල් වාහනවලට ලබාගත් රියදුරෝ එම අවස්ථාවේම තම වාහනවලින් පෙට්‍රල් ඉවත් කළහ.

පොලිස් නිලධාරීන් පිරවුම්හලේ කළමනාකරුට උපදෙස් දී සිටියේ තාවකාලිකව පෙට්‍රල් නිකුත් කිරීම නවතන ලෙසත් මේ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ය.



අදහස් (5)

‘පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරලා‘

mohomed faizel Thursday, 23 November 2017 04:14 AM

සමුපකාර පිරවුම් හල් වල ඕව වෙනවා..............

:       0       56

jiffri Thursday, 23 November 2017 05:31 AM

මෙවැනි වංචනික ක්‍රියාවල යෙදන අයට නීතියෙන් උපරිම දඬුවම් දීලා රැකියාව අත්හිටවන්න ඕනේ.

:       0       152

lanka Thursday, 23 November 2017 07:14 AM

සමුපකාර පිරවුම්හල් වල නිතරම ඔය වගේ වැඩ වෙනවා. රාවතාවත්ත සමූපකාර පිරවුම්හලේත් හැමදාම වංචනික විදිහට තෙල් ගැසීම වෙනවා.

:       0       3

Hafeel Thursday, 23 November 2017 07:28 AM

රටේ හැමතැනම වගේ අද දුෂණය, වංචා, හොරකමින් පිරිලා. රට දැන් දුෂණයෙන් ස්වයං පෝෂිත වෙලා. ඇත්තටම මේක යහපාලනයද ?

:       2       3

බද්රානි Thursday, 23 November 2017 08:32 AM

සමුපකාරය කියන්නේ එදා ඉඳලම හොර ගුහාවක්, රජය සිල්ලර වෙලදාම් කරන්න ගියාම ඔහොම තමයි. ඕවල ඉන්නේ දේශපාලන ගැත්තෝ නිසා කිසිම පියවරක් ගන්නත් බැහැ

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 12 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 74 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 389 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


චීන කොමියුනිස්ට් පක්ෂය නාමල් හමුවෙයි
2024 අප්‍රේල් මස 24 283 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සහ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍යවරිය වන සන් හෙයාන් සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී ෂෙන් හොන් මහත්ම


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ
2024 අප්‍රේල් මස 24 676 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් ද


ශ්‍රිලනිප ආරවුල විසඳන්න හෙට රැස්වෙයි
2024 අප්‍රේල් මස 24 390 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇති වී තිබෙන ආරවුල විසඳා ගැනීම සඳහා හෙට (25)පස්වරු 3.00ට කොළඹ 10 ටී බී ජයා මාවතේ පිහිටි එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රධාන කාර්යාලය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1671 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site