(නිමන්ති රණසිංහ)


මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් වද හිංසා දීමේ සිද්ධියට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතාගෙන් නැවත ප්‍රකාශ සටහන් කර ගත යුතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ගල්කිස්ස මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය සඳහන් කළාය.


එම සිද්ධියට අදාළව අට වැනි සැකකරු වූ හිටපු යුධ හමුදා බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් අමල් කරුණාසේකර යන අය අධිකරණ නියෝග පරිදි බන්ධනාගාරය තුළ සිට ලබාදුන් ප්‍රකාශයේ ඇතුළත් කරුණු සම්බන්ධව මේ ප්‍රකාශ ලබා ගත යුතුව ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.


මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන යාමේ සිද්ධියට අදාළ නඩුව අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් වී තිබේ.