IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හේනේ බඩ ඉරිඟු කෑ වල් අලියා මරා පුළුස්සයි

(ගලෙන්බිදුණුවැව - ජයන්ත වාසුලසේන)

උණගොල්ලෑව ගම්මානයේ බඩඉරිගු හේනකදි වල්අලියෙකු මරා කපා පිළිස්සුබව කියනුලබන උණගොල්ලෑව ගම්මානයේ පදිංචි පුද්ගලයෙකු අද (20) දින අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වල්අලියා මරා කපා පිළිස්සු බව කියනුලබන බඩඉරිගු හේනේ අයිතිකරුවන උණගොල්ලෑව ගම්මානයේ පදිංචි කොට්ටව ගමගේ නුවන්කුමාර නැමැති පුද්ගලයෙකි. සැකකරුගේ හේනට බඩඉරිගු කෑම සදහා පැමිණි වල්අලියෙකු දින කිහිපයකට ඉහතදි වෙඩිතබා හෝ විදුලිසැර වද්දවා මරා ඒ බව කිසිවෙකුත් දැනගනිවි යන අදහසින් එය වසන්කිරිම සදහා කපා පුළුස්සා එසේ පිළිස්සුණ කොටස් එම පුද්ගලයාගේ බඩඉරිගු හේනේ තැනින්තැන දමා ඇතිබවට මොරගොඩ පොලිසියට ලැබුණ තොරතුරකට අනුව මොරගොඩ පොලිස් ස්ථානයේ නිළධාරින් ඉකුත් 20 වෙනිදින පෙ.ව. 09.00 ට පමණ එම ස්ථානයට ගොස් කල පරික්ෂාකර බැළිමකින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බව මොරගොඩ පොලිසිය පවසයි.

මරාදැමුණු වල් අලියා කපා ටයර් සහා දර දමා පුළුස්සා එසේ පිළිස්සුණ කොටස් සැකකරුගේ හේනේ තැනින්තැන දමා ඇති අයුරු දැකගන්නට ලැබුණු බවත්  සැකකරු අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත්කිරිමට නියමිතබවද මොරගොඩ පොලිසිය පවසයි.

මොරගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක යු. මහින්ද ගුණරත්න මහතාගේ උපදෙස්පරිදි උපපොලිස් පරික්ෂක ප්‍රේමදාස, මහතා ඇතුළු නිළධාරින් මේ සම්බන්දයෙන් වැඩිදුර පරික්ෂන පවත්වයි. වල් අලියා මරාදමා කපා පිළිස්සු ස්ථානය සහා වල් අලියාගේ පිළිස්සුණු කොටස් බඩඉරිගු හේනේ තැනින්තැන දමාඇති අයුරු ඡායාරුපයෙන් දැක්වෙයි.

 



අදහස් (15)

හේනේ බඩ ඉරිඟු කෑ වල් අලියා මරා පුළුස්සයි

පිටිගල මිලානෝ Saturday, 20 January 2018 11:02 AM

මෙහෙමත් පව් කාරයෝ..! අඩියෙන් අඩියට බැනර් ගහලා තරඟෙට බණ මේ රටවල නෑසුනත් මෙතරම් පව්කාරයෝ නම් දකින්නට නැහැ.

:       0       31

madhu Saturday, 20 January 2018 11:11 AM

හාල් මැස්සො නම් හැමදාම අහුවෙනව. තෝරු මෝරු අල්ලන්නෙ කවද්ද?

:       1       22

naradha Saturday, 20 January 2018 11:26 AM

එතකොට, මේ ගොවි මහතාට තමන්ගේ ජීවිකාව ගෙනයාමට සහ තමන්ගේ දරු පව්ල පෝෂණය කර ගැනීමට තිබුන හේන පාලු කිරීම සම්බන්ධයෙන් කාවද අත්අඩංගුවට ගන්නේ?

:       1380       650

roshan pranandu Saturday, 20 January 2018 11:33 AM

දැන් අදහස් දමාවි තිරිසන් මිනිසෙක් කියල , නමුත් මේ මනුස්සය ගේ පවුලක් නඩත්තු කරන්න තියන එකම අදායම නැතිකරද්දී ඉවසන්න බැරුව යන්න ඇති

:       116       334

රජින්ද Saturday, 20 January 2018 11:43 AM

මේ මිනිස්සුන්ව වහාම රක්ෂිත හා අර්ධ රක්ෂිත කලාප වලින් ඉවත් කරන්න.

:       2       100

සුපුන් Saturday, 20 January 2018 12:34 PM

ආ දැන් මේ ගොවියගේ දරු පවුල නඩත්තු කරන්න සූදානම් අය අලියා මැරුවාට හෙන ඉල්ලමින් මෙතන අදහස් පල කරයි.

:       43       140

gamarala Saturday, 20 January 2018 01:14 PM

ජීවත්වෙන්න තියෙන හේන කෑවහම මොනවා කරන්නද?

:       112       192

Darshana Saturday, 20 January 2018 01:19 PM

මෙහෙමත් වල්අලි ඉන්නවනේ මේ රටේ..

:       1       2

de silva Saturday, 20 January 2018 01:31 PM

අලියකු මර දැමීම විශාල අපරාධයක් නමුත් මේ ගොවියා මහන්සිවී බඩඉරිඟු වාවගෙන තම ජීවිතය ගැට ගහගන්න මනුස්සයෙක් බව තමා පෙනී යන්නේ , මොහුට දඩුවම් කරනකොට අර දල විකුනන්න කැලේ ඉන්න අලි මරණ ජාවාරම් කාරයන්ට දෙන දඩුවමම දෙන්න එපා .

:       88       237

sena Saturday, 20 January 2018 02:55 PM

අලි මිනිස් ගැටුම්වලට ස්තිර විසදුමක් නොදී, මේ ප්‍රශ්නය නීතිමගින් විසදන්න යාම වැරදියි අලියා හේන කාලා දැම්මම ඒ මනුස්සයා ජිවත් වෙන්නේ කොහොමද? අලියාද මමද ජිවත් වෙන්නේ කියන ප්‍රස්නේදී මනුස්සයා තීරණය කරනවා මම ජිවත් විය යුතුයි කියලා.

:       77       165

Nayani Saturday, 20 January 2018 08:58 PM

මේ මනුස්සයාට දැන් ඉතින් දැඩි දඬුවම් ලැබෙයී. කොහොමත් පහත් තැනින් තමා ජලය ගලන්නේ... මේ ඉරිඟු යාය වෙන්න ඇති මේ මනුස්සයගේ පවුලේ ආදායම... කන්න බොන්න , ළමයි ඉන්නවනම් ඒ ලමයින්ගෙ වැඩ කරන්න. ඔක්කොම ඒක විතරක් වෙන්න ඇති....සමහර විට ණය අරගෙනත් ඇති පලදාව ලැබුනම ගෙවන්න. එහෙම වෙලාවට අලියා නෙවෙයි මිනිහෙක් ඔය වගේ පාලුවක් කලොත් එන තරහා ඉතින් ඔහොම පිට වේවි.

:       79       282

turny anupama Sunday, 21 January 2018 01:17 AM

මේවට වන නිලදාරීන් වග කියන්න ඕනේ අලි වැටක් තිබුනානම් ඔය දේ වෙන්නේ නැහැනේ .ගොවියෙක් තම දරු පවුල රැක ගන්න ගොවිතැනක් කරන්නේ. තමන්ගේ ගොවිතැනට හානි කරනකොට ඕනෙම කෙනෙකුට කේන්තියක් එනව.

:       0       85

akila Sunday, 21 January 2018 02:11 AM

මෙම බඩ ඉරිගු හෙනත් අනවසරයෙන් කල එළිකිරීමක් වගේ පෙනෙන්නේ

:       12       205

jabos alahapperuma Sunday, 21 January 2018 09:11 AM

මව්බිම පාවා දෙනවා නම් සම්පත් විකුණගෙන කනවා නම් දුගී දුප්පත් ජනතාවගේ සම්පත් සූරා කනවා නම් වෙන විකල්පයක් නැති නිසා ගත්තු පියවරක්...

:       12       39

janabala asamagiTuesday, 05 January 2021 11:33 AM

ඇයි මෙහෙම දඬුවමක්... ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 235 0

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 403 0

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1159 0

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 2612 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 1735 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 1017 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1449 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site