IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිස්බුල්ලාට අගමැතිගෙන් තරවටුවක්

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා මහතා කළ ප්‍රකාශය හෙළා දකින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

ඔහු එම ප්‍රකාශය නොකළා යැයි මෙතෙක් ප්‍රතික්ෂේප කර නැති බව කී අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලාංකිකයෙක් නම් පවතින තත්ත්වය තේරුම්ගෙන බහුතරය කවුද ? සුලුතරය කවුද? යන්න තේරුම් ගෙන සියලුම දෙනා එක්ව අයිතිවාසිකම් ඇතිකරගත යුතු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ උපාධිය දෙන ආයතන ආරම්භ කළ හැක්කේ ශ්‍රී ලාංකිකයන්ට පමණක් බව කී අග්‍රාමාත්‍යවරයා එසේ නැතිනම් එම ආයතන රජයට පවරා ගැනීමට සිදුවන බවද අවධාරණය කළේය.

සිවිල් සංවිධාන නියෝජිතයන් සමඟ කොළඹ අරලිය ගහ මන්දිරයේදී අද (11) පැවැති විශේෂ හමුවකදී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවැසීය.



අදහස් (32)

හිස්බුල්ලාට අගමැතිගෙන් තරවටුවක්

Chandima Tuesday, 11 June 2019 01:07 PM

දැන් කනවෝ කනවෝ කියල වැඩක් නැහැ.

:       28       163

පුරවැසියාTuesday, 11 June 2019 09:21 PM

ශ්‍රී ලංකාවේ සුළු ජාතියක් වුවත් ගෝලීය වශයෙන් මුස්ලිම්වරුන් මහ ජාතියක් බවත් කාගේත් බලපෑම් වලට මුස්ලිම්වරුන් යටත් නොවන බවටත් නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර එම්.ඒ.එල්.එම් හිස්බුල්ලා කර ඇති ප්‍රකාශය සියලු මුස්ලිම් ජනතාව අනතුරට පත් කරනාවූ කියමනක් පමණක් නොව සාමාන්‍ය සාමකාමී ජනතාව පවා කුපිත කරවන සුළු දේශපාලකයකු විසින් නොකියයුතු නින්දිත කියමනකි. ඔහුගේ මෙම බොලද කියමන ලංකාවේ සියලු මුස්ලිම් දේශපාලන නායකයන් විසින් ප්‍රතික්ෂේප කලයුතුය. එසේ නොකරන්නේ නම් ඔවුනුත් මොහුගේ මෙම ප්‍රකාශය අනුමත කරනවා යනුවෙන් බහුතර ශ්‍රී ලාංකිකයනට සිතා ගැනීමට සිදුවේ.

:       0       54

Chandima Tuesday, 11 June 2019 01:15 PM

ඔන්න තවත් ඉතා පහසු නොබොල් පන්දුවකට වැරෙන් පහරක්. නරබන්නෝ ප්‍රීති ඝෝෂා නගති.

:       15       82

විජිත් Tuesday, 11 June 2019 02:00 PM

(1 කොටස) හිස්බුල්ලා නමැති සර්පයාගේ ඇත්ත තත්වය හෙළිකරන වාර්තාවක් වෙනත් පත්‍රයකින් උපුටා ගත්තෙමි. මේ ඔහුගේ ප්‍රකාශයයි.."ලංකාවේ විතරයි අපි සුළු ජාතිය, නමුත් ලෝකයේ අප මහ ජාතිය බව ජාතිවාදීන් දැනගත යුතුයි. මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික කටයුතු පිළිබඳ කතාකිරීමේ අයිතිය පිළිබඳව මෛතී‍්‍ර, රනිල්, මහින්ද හෝ වෙන කිසිවකුට මැදිහත්වී තීරණයක් ගැනීමට බැරි බව හිටපු නැගෙනහිර ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා පැවසීය. ඒ මහතා එසේ අදහස් පළකර සිටියේ ආණ්ඩුකාර පදවියෙන් ඉල්ලා අස්වීමෙන් පසු කාත්තන්කුඩියේ පැවැති ජනතා හමුවකදීය... එහිදී වැඩිදුරටත් කතා කළ ඒ මහතා ලෝකයේ වෙනත් කිසිම රටකට ලබාදී නැති සහනයක් ඉරානය ලංකාවට ලබාදෙනවා. 6 මසක ණයකට බොරතෙල් ලබාදෙනවා. අරාබි රටවල් විවිධ ආධාර ලංකාවට ලබාදී තිබෙනවා. ලංකාවට ණය ලබාදෙන රටවල් අතරින් දෙවැනි තැන ගන්නේ අරාබි රටවල්... බදුල්ල - චෙංකලඩි මාර්ග සංවර්ධනය සඳහා කෝටි 2000 ක් ලබා දෙන රට සෞදි අරාබියාව. නැගෙනහිර විශ්වවිද්‍යාලයට කෝටි 200ක් ආධාර ලබාදෙන්නේ කුවේට් රට ඔපෙක් සංවිධානය ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ගේ ප‍්‍රශ්නය දිග්ගැසුණොත් ඉන්ධන ලබාදීම 23% කට සීමා කිරීමට සිදුවන බව පවසා තිබෙනවා.

:       6       1028

විජිත් Tuesday, 11 June 2019 02:07 PM

හිස්බුල්ලා (2 කොටස) "එසේ සිදු වුණේ් නම් ලංකාවේ පෙට‍්‍රල් ලීටරයක් රු. 450/- ක් වීමට ඉඩ තිබෙනවා. රටවල් 57 කින් සමන්විත ඕ. අයි. සී. සංවිධානය ඉතා බලවත් සංවිධානයක්, එහි ගන්නා තීරණ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ගන්නා තීරණවලට සමානයි. ඕ. අයි. සී. සංවිධානය මුස්ලිම් ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන ලෙස දන්වා තිබෙන අතර එසේ නොකළහොත් ආර්ථික සම්බාධක ඇතිවීමට ඉඩ ඇති බවටද අනතුරු අඟවා තිබේ. රටේ බිම් අඟලක්වත් වෙන්කර අප පාලනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍යතාවකුත් අපට නැහැ. එළඹෙන ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාවට සමගියෙන් හා එකමුතුවෙන් සිට තීන්දු තීරණ ගැනීමට සිදුවේවි. නායකයාගේ සිට ගම් මට්ටමේ සාමාජිකයා දක්වා පක්‍ෂ බේද අමතක කර එක්සත්ව කටයුතු කර ප‍්‍රජාවගේ ආරක්‍ෂාව සඳහා එක් විය යුතුය. ශී‍්‍ර ලංකා ඉතිහාසයේ අවුරුදු 90 කට පසු මුස්ලිම් අමාත්‍යවරුන් නොමැති ඇමැති මණ්ඩලයක් මේ රටේ ඇතිවී තිබෙනවා. මෙය අභාග්‍යසම්පන්නයි. මින් ඉදිරියට ඇමැති මණ්ඩලයේ හෝ තනතුරුවල හෝ අප සිටිය යුතු නම් මුස්ලිම් ප‍්‍රජාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබා දිය යුතුයි." මෙය අපට තර්ජනයක් නොවෙයිද...? මොහුට විරුද්ධව නීතිමය පියවරක් ගන්න බැරි ඇයි..?

:       2       283

අමිල දේශප්‍රිය Tuesday, 11 June 2019 02:15 PM

ඔහොම යන්න අපේ අගමැතිතුමනි, මරු මරු...

:       4       975

chandimaTuesday, 11 June 2019 04:57 PM

ඔව්, ඔව්, ඔව්, දුරබලාගෙන යන්න.

:       0       25

priyantha Tuesday, 11 June 2019 02:19 PM

ජයවේවා...!!! 

:       3       713

ඈපා Tuesday, 11 June 2019 04:56 PM

මේවා බොරු මවාපෑම් විතරයි ..

:       146       21

athuraWednesday, 12 June 2019 04:33 AM

එතකොට මහත්මයො ඔබ තුමාට මවාපෑම් නොවෙන්නෙ අර හිටපු තුමා කලොත් විතරයි නේද.

:       270       239

sinhala anvarTuesday, 11 June 2019 06:05 PM

පැත්ත ගියත් ඇත්ත නොතේරෙන ජාතියකට බය නැහැ කියලනේ ඔය කියන්නේ

:       1       1

ranjith Tuesday, 11 June 2019 02:24 PM

එහෙම කෙලින් කතා කරනවා නම් තමයි හොඳවෙන්නේ නැතුව ...

:       2       488

Rasika Tuesday, 11 June 2019 02:35 PM

දැන්වත් අගමැතිට මේවා තේරුනොත් හොදයි.

:       1       65

menna Tuesday, 11 June 2019 02:38 PM

ඉස්ලාම් අය අරාබියට ගතු කියනවා, ක්‍රිස්තියානි අය රෝමෙට ගතු කියනවා, බුද්ධාගමේ අයයි, හින්දු අයයි ඉන්දියාවට ගතු කියනවා. ලංකාව අනාතයි.

:       64       113

SenanayakeWednesday, 12 June 2019 02:02 AM

ක්‍රිස්තියානි අය කවදාද රෝමයට ගතු කිව්වේ.

:       18       54

sharm warnWednesday, 12 June 2019 04:17 AM

පොඩ්ඩක් කියන්නකෝ බලන්න රෝමෙට ගතු කියලා මේ රට ට කරපු අලාභයක් තියෙනවද කියලා ??? කටට ආ පලියට කතා කියන්න එපා .. 250ක් මැරිලත් රටේ ආරක්ෂාවයි සාමයයි ඉතුරු වුනේ කාගේ මැදිහත් වීමෙන්ද කියලා අමතක කරන්න එපා ..

:       1       34

NuwanWednesday, 12 June 2019 06:57 AM

ලන්දේසි, පෘතුග්‍රීසි, ඉංග්‍රීසි කට්ටිය ඇවිත් ලංකාවේ මිනිස්සු මරපු එක ඇති.

:       181       107

හිරාන් Tuesday, 11 June 2019 02:49 PM

අගමැතිතුමාට දැන් තරහ යනවා වගේ... මේ විදිහට හිටියා නම් හරිම අගෙයි..

:       21       246

janahitha Tuesday, 11 June 2019 03:05 PM

එක එක්කෙනාට ඕන විදිහට එක එක ආයතන පිහිටුවීමට ලංකාවේ විතරක් නොවෙයි අසල්වැසි ඉන්දියාවෙවත් එහෙම නැත්නම් ලෝකයේ විවිධ රටවල ජනතාව වෙසෙන ඇමෙරිකවෙවත් කිසිවෙකුට ඉඩක් නැහැ. මෙයා කවුද ඔය විස්ව විද්‍යාලය ලංකාවේ දාන්න. එහෙම නම් ඕන ජාතිකයෙකුට එයට ඇතුල් වෙන්න ඉඩ දෙනවද?

:       6       120

sharm warnWednesday, 12 June 2019 04:24 AM

හරියට හරි .. සිංහලයන් කියන්නේ සෞම්‍ය ජාතියක් විනා නිවට ජාතියක් නෙමේ කියලා සමහර සිංහල අයට මතක නැහැ. හිතාගෙන ඉන්නේ කාගේ හරි සල්ලි වලට ඔලුව නමලා එහෙයි කියාගෙන ඉන්න එක තමයි හරි ක්‍රමය කියලා .. ඒගොල්ලන්ට තියෙන්නේ තෙල් විතරයි කන බොන දේවල් සේරම ලංකාව ඇතුළු වෙනත් රට වලින් ගන්නේ. අපේ සිංහල මිනිස්සු දන්නේ රටින් ගෙන කුණු කන්දල් බදාගෙන ඉන්න විතරයි නේ. ආර්ථිකයේ වෙන්නේ මොනවද කියල වත් අපෙන් ආර්ථිකයට වෙන්න ඕන දායකත්වය මොකද්ද කියල වත් මෙලෝ අදහසක් නැහැ නේ.

:       0       2

Amare Tuesday, 11 June 2019 03:13 PM

ලංකාව තෙල් ගන්නේ පිනට නොවේ. එහෙම කිසිම මැදපෙරදිග රටකට බැහැ ලංකාවට තෙල් සම්බාධක දමන්න. ඒවා විහිලු කතා, ඔවුන් කරන්නේ ව්‍යාපාරයක් , ඔය ලංකාවේ ඉන්න මුස්ලිම් සමහරු හිතන් හිටියට මැදපෙරදිග රජවරු මෙයාලගේ නෑයෝකියල , එහෙ ගියාම මොවුන්ව සත පහකට ගණන් ගන්නේ නැහැ . මොකද ඔවුන් දන්නවා මෙහෙ අය බංගලි දේශයට නෑකම් කියන බව .. මේ රටවල ඉන්න අපි හොදට ඔය ගැට දන්නවා ..සත පහකට බයවෙන්න එපා ..කිසිම අරාබි රටක් ලංකාවට සම්බාධක දමන්නේ නැහැ. ඔය තර්ජන වලට බයවෙන්න එපා, ඉතිහාසේ කිසිම රටකට එහෙම කරලා නැහැ. සම්බාධක දමන්න පුළුවන් එක්සත් ජාතීන්ගේ සංවිධානෙට පමණයි.

:       1       93

sharm warnWednesday, 12 June 2019 04:19 AM

හරියට හරි මිතුරේ .. මේ කතාව හරියට අර කොටින්ට ගුවන් යානා තියෙනවා ඔවුන් අහසින් අපිට බෝම්බ දමා විනාශ කරන්න තරම් බලවත් කියපු කතාව වගේ එකක්. මොලේ පාවිච්චි කරලා තර්කානුකුලව හිතන්න සිංහල මිනිස්සුන්ව අලුතෙන් පුරුදු කරන්න වෙලා ..

:       0       2

samanWednesday, 12 June 2019 04:23 AM

ඔව් ඒක ඇත්ත. ලංකාවේ ඉන්න මුස්ලිම් මිනිස්සු සංක්‍රමණය වුනේ ඉන්දියාවෙන් මිසක් අරාබියෙන් නෙවේ. පිරිමි ගැහැණු දෙගොල්ලොම ඇවිත් තියෙනවා DNA පරීක්ෂණ වලට අනුව.

:       5       21

NihalWednesday, 12 June 2019 04:53 PM

ඔබතුමා හරි. අරාබියෙන් ආවානම් අරාබි කතා පුළුවන් වෙන්න ඕනේ. දෙමළනේ කතා කරන්නේ. අනික මුස්ලිම් ජාතියක් නොවෙයි ඕනෑම කෙනක් ඉස්ලාම් ආගමට ගියොත් ඔහු /ඇය මුස්ලිම්. උදා: දෙමළ මුස්ලිම්, සිංහල මුස්ලිම් ,ඇෆ්‍රිකාවේ ගෝත්‍රික මුස්ලිම්,යුදෙව් මුස්ලිම් කියා කියන්නේ නැත

:       0       3

NihalWednesday, 12 June 2019 04:40 PM

තෙල් සම්පත තව අවුරුදු 40කින් පමණ අවසන් වෙන බවයි..., ඒ සම්බන්ධ විශේෂඥයන් කියන්නේ. යුරෝපයේ දියුණු රටවල අති සාර්ථකව බර වාහන 100% ක් ඉලෙක්ට්‍රික් ධාවනය කරනවා. සල්ලි තියෙනවා නම් රුසියාවෙන් නොර්වෙන් ඕනේ තරම් තෙල් ගන්න පුළුවන්. ලංකාවේ ඉන්න මුස්ලිම් අරාබින් ගණන් ගන්නේ නැහැ. පලස්තීන ජාතිකයෝ ටික සෞදියේ ඉන්නවා. නමුත් හරියට අවතක්සේරු කරන තරම් ඔවුන්ගෙන්ම අහලා බලන්න. සිරියා, ඉරාක්, ලිබියා ඇෆ්ගන් අනාථ වුණු ලක්ෂ 9ට ජර්මනිය ඇතුළු යුරෝපයේ ඉන්න දීල‍ා තියනවා. ලේබනනය ටික දෙනෙක් හැරෙන්න කිසිම අරාබි රටක් ඔවුන්ව බාර ගත්තේ නැත.

:       0       3

Kriss Tuesday, 11 June 2019 04:16 PM

ඕවා ඡන්ද ගුන්ඩු බව තේරෙන්නෙ නැද්ද? අහෝ ලංකාව!

:       207       58

Daduge Tuesday, 11 June 2019 04:17 PM

වඩුවන්ට කරන තර්ජනය පිළිබඳව ඔබතුමා දරන ආකල්පය මොකක්ද?

:       0       32

prasad Tuesday, 11 June 2019 09:36 PM

හිස්බුල්ලා කියන්නේ ඔලුව ඉදිමුන මිනිහෙක් කියල පේනවා නේද? හිතේ සෞදි රජ පවුල එයාගේ නෑයෝ කියලා. මොකද්ද මේ මුස්ලිම්වරු කියන අමුතු වචනේ? (සිංහලවරු , දෙමලවරු කියල වචන නැහැනේ) ඕනෙවට වඩා උඩින් තිබ්බ පාර තමා දැන් බෝම්බ බැඳගෙන ඇගට පනින්නේ.

:       0       55

Nana Wednesday, 12 June 2019 04:49 AM

ඉරානය යනු වැදගත් මුස්ලිම් වරු ඉන්න මිත්‍රශීලී රටක්. ඉරානය අපිට තෙල් ණයට දෙනබව ඇත්ත, එසේම ලංකාව ඉරනයටත් විවිධ අවස්ථාවල උදව් කර තිබේ. එසේම ඉරානය වහබ්වාදයට විරුද්ද රටක්. හිස්බුල්ලා ඉන්නේ වහබ්වාදී සෞදිය සමග නේද ?

:       0       10

Nuwan Wednesday, 12 June 2019 06:58 AM

ඔය හිස්බුල්ලා ඕවට වැඩා දේවල් කියනකොට කොහෙද දන්නේ නැහැ ඔය අගමැති හිටියේ?

:       323       414

Sriyal Wednesday, 12 June 2019 07:40 AM

මොවුන් ගේ ක්‍රියා කලාපයන් අනුව ලංකාව ස්වෛරී රාජ්‍යයක් නොව යටත් විජිතයක් බවට හැගෙනවා. රජයේ වග වීම අවශ්‍ය වේ

:       0       7

thilakasiri Monday, 17 June 2019 12:07 PM

දෙමළුන්ට සල්ලි ඇතුළු යුද මෙවලම් එවන්න බලවත් රටවල ධනකුවේරයන් වී සිටින 1958 දී සරණාගතයන් ලෙස රටවල් 80ක විහිදුණු දෙමළ පිරිස කොටි 8 ඉක්මවයි. මුස්ලිමුන්ට සල්ලි පොම්ප කරන්න අරාබි ධන කුවේරයන් සිටිති. සිංහලයාට සල්ලි එවන්න ඉන්නේ කව්ද? ජේ.ආර් විවෘත ආර්ථිකය තුළින් ලෝක ධනවතුන් ගෙනාවේ එදා තිබුණු දෙමළ-මුස්ලිම් ආර්ථික ඒකාධිකාරයට මුහුණ දී ඊලාම් යුද්ධය දිනා රට දියුණු කරන්නයි. රනිල් ඉන්දියාව චීනය ඇමෙරිකා ගැටේ ගහලා තියෙන්නේ වත්මන් අරාබි සල්ලිවලට හා අනාගතේ දෙමලුත් එකතු වී සටනට ආවොත් ඒ දෙකටම ඔරොත්තුදෙමින් රට දියුණු කරන්න කියලා වැටහෙනවද? විවෘත ආර්ථිකේ ජරාව දෙමළ, මුස්ලිම් ආර්ථීකයට වඩා තාක්ෂණිකයි වගේ ඇමෙරිකා ජරාව අරාබි ජරාවට වඩා තාක්ෂනිකයි. අපි ඒ ඒ ජරාව පාලනය කරගත යුතුයි. අතීත ප්‍රෞඩත්වය කියා පා විතරක් අද පවතින්න බෑ. ආගම හැදියාවට බලපාන එකම සාධකය වුණාට වත්මන් ලෝක ආර්ථික රටාව සමග නොසැසදී රටක පැවැත්මක් නැත. රාජ්‍යතන්ත්‍ර ඥානය නැති ජාතයන්තර පිළිගැනීමක් නැති අය ජේ.ආර්. හා රනිල් වගේ අයට කරන්න නුදුන් නිසයි හිස්බුල්ලලා ඔහොම කියන තත්වයට පත්වුනේ...

:       10       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෞෂාලි කුසුමපාලට කෝක් සමාගමේ අධ්‍යක්ෂක තනතුරක්
2024 අප්‍රේල් මස 20 52 0

කොකා කෝලා සමාගමේ ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා නව අධ්‍යක්ෂකවරිය ලෙස කෞෂාලි කුසුමපාල මහත්මිය පත් කර ඇත.


දූපත් පහකින් රජයට කෝටි හයක පොල්ලක්
2024 අප්‍රේල් මස 20 489 0

කල්පිටියේ දූපත් පහක් බද්දට ගත් ආයෝජකයන් පස්දෙනකු රුපියල් හය කෝටියකට ආසන්න බදු මුදලක් සංචාරක සංවර්ධන අධිකාරියට ගෙවීම හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය


ජනපති අඹේවෙල ගොවිපොළේ නිරීක්ෂණයක
2024 අප්‍රේල් මස 20 912 2

ලෝකයේ අති නවීනම තාක්ෂණය සහිත අඹේවෙල කිරි ගොවිපොළ සමූහයේ සංවර්ධන කටයුතු පිළිබඳ සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) පෙරවරුවේ එහි නිරීක්ෂ


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්
2024 අප්‍රේල් මස 20 659 1

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත


ට්‍රම්ප්ට එරෙහි නඩුව අසද්දී පුද්ගලයකු ගිනි තබා ‌ගෙන
2024 අප්‍රේල් මස 20 1508 1

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විභාගවන අපරාධ නඩුව කැඳවන නිව් යෝර්ක් අධිකරණ සංකීර්ණය ඉදිරිපිට දමා තිබෙන මාර්ග බාධකයේදී පුද්ගලයෙක


ඉරානයේ යුද ගැටුමෙන් ලංකාවත් පුපුරයිද?
2024 අප්‍රේල් මස 20 3020 0

ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කෙරුණු ප්‍රහාරය සමඟ ඉදිරියටද ගැටුම්කාරී තත්වය තවදුරටත් වර්ධනය වුවහොත් එරට සමග සෘජුව සහ වක්‍රව ගනුදෙනු කරන ශ්‍රී ලංකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 237 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1551 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1455 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site