IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හිටපු ජනපති මහින්ද ඉත්තෑපානේ හිමි හමුවෙන්න යයි

(මොරගහහේන කේ බුද්ධික කුමාරසිරි)

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් කල්‍යාණි ධර්ම ශ්‍රී මහා සංඝ සභාවේ කෝට්ටේ පාර්ශවයේ මහා නායක ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමිපාණන් වහන්සේගේ සුවදුක් විමසීමට සහ රටේ වර්තමානය තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (08) පන්නිපිටිය රුක්මලේ ශ්‍රී ධර්මවිජයාලෝක විහාරස්ථානයට පැමිණියහ.

එහිදී නාහිමිපාණන් වහන්සේ සඳහන් කළේ ’‘අපි බොහොම ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තියෙන පිරිසක්... එහෙම රටක වැදගත්ම ස්ථානයක් වන පාර්ලිමේන්තුවේදී සිදු වූ ක්‍රියාකාරකම් අපිට කොහෙත්ම අනුමත කරන්න බැහැ. ඒවා පහත් මට්ටමේ වැඩ කවුරු කළත්. ඒ නිසා පාර්ලිමේන්තුවේදී සිදු වූ දේවල්වලට සම්බන්ධ හැමදෙනාම ඊට වගකිව යුතුයි” යැයි නාහිමියෝ පැවසූහ.

මෙහිදී මහින්ද රාජපක්ෂ මහතා පැවසූවේ පාර්ලිමේන්තුවේදී සිදු වූ සියලු දේ සදහා කථානායකවරයාගේ ක්‍රියා කලාපය බලපෑ බවයි.  මෙවැනි අවස්ථාවක කල යුතු හොදම දෙය වන්නේ රටේ ජනමතයට අවස්ථාව ලබා දීම වන බවයි.



අදහස් (38)

හිටපු ජනපති මහින්ද ඉත්තෑපානේ හිමි හමුවෙන්න යයි

ලුම්බිණි Saturday, 08 December 2018 08:21 AM

කථානායකවරයාගේ ක්‍රියා කලාපය නිසාද මැර විදියට හැසුරුනේ? ඔබතුමාට තිබුණා නේද ඒ කට්ටිය මෙල්ල කර ගන්න...

:       0       0

Nimal Saturday, 08 December 2018 09:01 AM

කතානායක වරයාගේ ක්‍රියා කලාපයද මිරිස් වතුර ගහන්න, පාර්ලිමේන්තුවේ පුටු කඩන්න, කතානායක තුමාගේ මේසේ ටෙලිෆෝන් කඩන්නත් හේතුවුනේ? එතුමාගේ පුටුවේ රස්තියාදු කාරයෙක් වාඩි වුනෙත් කතානායකතුමන්ගේ ක්‍රියා කලාපය නිසාද? අති පූජනීය මහානායක ස්වාමින් වහන්සේටත් මේ වගේ කිතුලේ ගිය මිනිහාගේ කතාවත් කියන්න පිළිවනි නම් මෙයාලගේ තත්වේ අපිට තේරුම් ගන්න පිළිවනි. කෙසේවෙතත් අති ගරු මහනායක ස්වාමින් වහන්සේ හොඳ පාඩමක් උගන්නලා තියෙන වග පේනවා කට්ටියටම...

:       16       306

නිමල් Saturday, 08 December 2018 09:05 AM

"මෙවැනි අවස්ථාවක කළයුතු හොඳම දෙය වන්නේ රටේ ජනමතයට අවස්ථාව ලබා දීම වන බවයි". කාටද මේ කතාව කියන්නේ? ජනමතය තමා 2015 ජනවාරි, අගෝස්තු මාසවල ප්‍රකාශ වුනේ? ආයෙත් 2020 දී ජනමතයට ඉඩ දිය යුතුවෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව නියම කර ඇත්තේ එයයි. ජනතාව කිව්වේ නැහැනේ අවුරුද්දෙන් අවුරුද්දට ජනමතය විමසන්න කියාලා. මේ වෙන මොනවත් නොවේ... බලයට ඇති කෑදර කමයි

:       8       305

d.upul Saturday, 08 December 2018 09:06 AM

මෝඩ කතා කියන්න එපා... අපේ ස්වාමින් වහන්සේලා ඉදිරියේ... කතානායක වැරැද්දක් කළා නම් ඒ සඳහා කටයුතු කළයුතු විදිහක් තියනවා. සත්තු වගේ හැසිරිලා හරියන්නේ නැහැ...

:       5       115

Rata Perata Saturday, 08 December 2018 09:08 AM

මහින්ද හිතාගෙන ඉන්නවා ඇති එයා වගේ හාමුදුරුවොත් එහෙමයි කියලා.

:       13       849

BamunuarachchiSaturday, 08 December 2018 05:59 PM

95000 ට කුලියට කහින්නේ නැතිනම් මහින්ද වගේ තමයි...

:       162       2

SiriTuesday, 11 December 2018 05:22 PM

පිස්සුද? හාමුදුරුවෝ ඕවා මේ කනෙන් අහල, අනිත් කනින් පිටකළා...!

:       0       0

jayantha Saturday, 08 December 2018 09:11 AM

ලංකාවේ වෙසෙන ග්‍රාමීය වැසියන් විශාල ප්‍රමාණයක් පමණක් නොව නගරයේ ජීවත් වන විශාල පිරිසක්ද "ෆෙඩරල්" යනු කුමක්දැයි නොදනී. සියලුම කතෝලික සහ බෞද්ධ ආගමික මද්‍යස්ථාන මගින් ජාතික සහ ආගමික සන්හිදියාවට බලපාන "ෆෙඩරල් ආණ්ඩු ක්‍රමය" යනු කුමක්දැයි මහජනතාව දැනුවත් කල යුතුය. එය හරි හැටි වටහා ගතහොත් පක්ෂ පාට භේදයකින් තොරව රටට ආදරේ සියලුදෙනා එක් අයෙකු වටා එකතුවනු ඇත.

:       5       5

කර්තිනි Saturday, 08 December 2018 09:55 AM

ඉත්තෑවත් කැබැල්ලෑවෙක් වෙයිද දන්නේ නැහැ !

:       128       178

wasantha Saturday, 08 December 2018 10:31 AM

මහින්ද හිටපු අගමැතිතුමනි, ඕනේ නෑ ගෝල බාලයින්ගේ අඳබාල වැඩ... ගරු කතානායකතුමා පිටින් ඇරීමට උත්සාහ කිරීම වැනි දේ ගරු කටයුතු පුද්ගලයින්ට නොහොෙඹිනා වැඩකි. කසිප්පුකාරයින්ට, දුෂණ චෝදනා ඇති පුද්ගලයින්ට නාම යෝජනා නොදිය යුතුයි.

:       137       1011

Buddika Saturday, 08 December 2018 10:40 AM

අමුතුවෙන් දැනුවත් නොකළාට ඔය ගැන රටම දන්නවා. කොහොමත් වැරැදි කරපු මිනිස්සු සුදු ඇඳගෙන වැඩිපුර පන්සල් යන්නේ...

:       557       1173

rocky Saturday, 08 December 2018 10:57 AM

කතානායකතුමා වැරදි නම් ඒකට ගත යුතු ක්‍රියා කලාපයක් තිබෙනවා. තමන් නායකත්වය දෙන ඒ මගෝඩි කල්ලිය එදා පාර්ලිමේන්තුවේ තිරිසන්නු වගේ හැසිරුණු විදිහ සාධාරණයි කියලද ඔබ කියන්නේ? ගෝලයෝ කරන්නේ ගුරා අනුගමනය කරන එක බව අපි අහලා තියනවා. පොහොට්ටුවන්ගෙන් වැඩි දෙන හොරු, තක්කඩි, අපරාධකාරයෝ. හැම වෙලාවේම ඔබ වගේ, අපි තමයි හරි කියලා හිතන ගණන්කාරයෝ! ජනතාව කියන්නේ පොහොට්ටුවෝ විතරක් නොවෙයි. මේ රටේ තවත් මිනිස්සු ජීවත් වෙන බව අමතක කරන්න එපා...

:       120       1332

BamunuarachchiSaturday, 08 December 2018 11:53 PM

ඇයි හලෝ බැංකුව කොල්ලකාලා කට්ටියම සල්ලි බෙදා ගන්නකොට ඔහේ කොහෙද හිටියේ. රාජිත කීවවගේ හොරකම් නොකරන දේසපාලුවෝ සවර්ගයෙන් තමයි ගේන්න වෙන්නේ...... අපි හොයන්නේ හොරු අතරින් රටට සේවයක් කල මිනිසුන්. රට පාවා දෙන එවුන් නොවෙයි.

:       602       514

athurraSunday, 09 December 2018 01:00 PM

බමුණු මයා, ඔයාට හැමවෙලේම කියන්නෙ බැංකු කොල්ලේ ගැන ඔබතුමාලගේ ජනාධිපතිට කියලා රනිල් මහත්මයලාට නීතිය ක්‍රියාත්මක කරවන්නකෝ...

:       0       0

Silver Saturday, 08 December 2018 01:59 PM

කතානායකට බැණ බැණ. තමන්ගේ මැරෑටියන්. සුද්ද කරන්න යනවා...

:       127       589

chandana Saturday, 08 December 2018 02:12 PM

ඔයා හිතාගෙන ඉන්නේ තණකොළ කනවා කියලද? ඔයාගේ ගෝලයෝ නම් ඒ වගේ තමයි.

:       6       506

BamunuarachchiSaturday, 08 December 2018 05:56 PM

තණකොළ කන නිසානේ 2015 රට අනික් පැත්ත පෙරලවාගෙන බැංකුත් නැතිකරගෙන ජීවන වියදමත් වැඩි කරගෙන හාල් ටිකත් පිටරටින් ගෙනෙන්න ලැහැස්ති කරගත්තේ... නිකන් විහිළුවට වගේ කියන්නකෝ... රනිල්ගෙන් රටට සිදු වූ සේවය අපිටත් හිතන්න.

:       234       157

athuraSunday, 09 December 2018 01:03 PM

ඔබතුමාට ගැල පෙන්නෙත් අර රනිල් මහත්මයා කිව්ව බමුණාගේ කතාවම තමයි.

:       0       0

Nandalal DE SILVA - FranceSunday, 09 December 2018 06:09 PM

ඔහේ කන කෑම ප්‍රසිද්ධ කරන්න ලජ්ජා නැද්ද?

:       0       0

Chanak los angelesSunday, 09 December 2018 06:59 PM

රෙජීමයට ලංකාවේ ඇඩ්රසුත් නැතිව යන්නයි හදන්නේ... මහරජාට වුණුදෙයක්?

:       0       0

tommy Saturday, 08 December 2018 02:23 PM

මේ රැළ කථානායකවරයා විසින් පාලනය කළ යුතු බාලාංශ ළමුන් පිරිසක්ද? ඔය අය පාර්ලිමේන්තුවේදී රෙදි උස්සමින්, පිහි හරඹ කරමින්, මිරිස් කුඩු ගසමින්, පොත් සහ පුටු වලින් පහර දෙමින් කලේ තමන්ගේ නූගත්කම සහ නැහැදිච්චකම ප්‍රදර්ශනය කිරීම පමණයි. ඒ කල වැරැද්ද කථානායකයා මත පැටවීමට තැත් කිරීම, තමන්ට තමන්ගේ රැල පාලනය කර ගත නොහැකි බව හුවා දැක්වීමක් පමණි.

:       113       662

sandy123 Saturday, 08 December 2018 03:28 PM

අහෝ මහරජාණෙනි..., කිමද මේ අරුමේ... මට නම් නොවැටහේ....

:       16       686

BamunuarachchiSaturday, 08 December 2018 05:49 PM

ඔහෙලට වැටහුණේ නැති නිසා තමයි 2015 රටට මේ නස්පැත්තිය සිදු වුනේ... තේරෙන්න තව කල්යන්න ඕනේ.. එතකොට පරක්කු වැඩියි...

:       139       77

Ajith NissankaSunday, 09 December 2018 08:57 PM

මහ රජාගේ අරුමේ දැක්ක නිසා තමයී 2015 වෙනසක් ඉල්ලන්න මුල පිරුවේ. හිස රදේට කොට්ටෙ මාරු වීමක් උනාට. වහල්ලුන්ට මොකවත් මතක නැහැනේ. අර ගහට නගින්න කිව්වහම ඔහේ නගිනවා මිසක්.

:       0       0

BamunuarachchiSaturday, 08 December 2018 11:46 PM

අරුමේ තමයි කරුමේ. ආරාජික වෙච්ච රට ගොඩදා ගන්නයි හදන්නේ.

:       235       50

sandy123Sunday, 09 December 2018 08:21 AM

පව් අනේ... අහෝ ඛේදයකි. ඛේදය ලග බස් හෝල්ට් එකකි. මෝඩකමට බෙහෙත් මෙලොවෙත්, එලොවෙත් නැත. ඔබේ මෝඩකමේම ලැග ඉන්න. පිනුම් ගහන්න. ක්‍රීඩා කරන්න. අපිට නම් (සමාවෙන්න) කම් නැත.

:       0       65

BamunuarachchiSunday, 09 December 2018 12:22 PM

Sandy123 එනම් මනම් කතා කරන්න එපා පොයින්ට් එකට කතා කොරන්න ඉගෙනගන්න. තව ට්‍රයි එකක් දෙන්න. අපි බලන් ඉන්නම් මොනවද ඔබට ලියන්න තිබෙන්නේ කියා..?

:       0       0

Chanak los angelesMonday, 10 December 2018 01:09 AM

ඊළඟ උසාවි තීරණයට පසුව මහරජාණෝට උතුර දකුණත් මාරුවේවි...

:       0       0

Thangalle sobitha himi Saturday, 08 December 2018 04:58 PM

මේ කරන, කියන දේවලින් තමන්ට තිබුණු ගෞරවය... පැහැදීම මිනිසුන්ගෙන් අත්වෙනවා. අන්තිමට ඉතිහාසයේ කුණුකූඩයට වැටෙන දවස වැඩි අෑතක නෙවේ. බණක්, දහමක් කරගෙන ජීවිතයේ අන්තිම කාලේ හැමදෙනාගේම ආදරයෙන් ජීවත් වෙන්නේ නැතිව බලයට කෑදරකමේ මේ කරන දේවල්වලින් ඔබට තිබුණු ගෞරවයත් නැති කරගන්නවා.

:       0       95

Bamunuarachchi Sunday, 09 December 2018 03:37 PM

හාමුදුරුවනේ දුටුගැමුණු රජුගෙන් පසු සිංහල ජාතියයි, ඔබලාට දානේ දෙන්න බෞද්ධ මිනිසුන් ටිකයි බේරා දුන්නේ මෙතුමා. අරන්තලාවේ භික්ෂූන් මරා දමනවිට දළදා මාලිගාවට බෝම්බ ගහනවිට ඔබ ඔය ආවඩන නායකයෝ මොකද කලේ? උතුරු කෑල්ලම ලියලා දෙන්න නේද ලැහැස්ති වුනේ. 95000ට කුලියට කරන අය හැරෙන්න මේ සිංහල රටට, බෞද්ධ සංස්කෘතියට සැබවින්ම ආදරය කරන සංඝයා වහන්සේලා මෙතුමා සමගයි. රනිල් බෞද්ධ සංස්කෘතියට අයිතිද? 2004 නිදහස් දින උත්සවයේදී ගායනා කලේ අාජිතපර ලාඉලා කියන සින්දුව. කරන්න හිතන්නවත් බැරි සේවයක් මෙතුමා මෙරටට කරලා තිබෙනවා. ඔබලා 100ක් මෙරටට නැතිවුනාට මෙරටට අබමල් රේණුවක පාඩුවක් නැත.

:       0       0

Chanak los angeles Saturday, 08 December 2018 05:21 PM

මොහුට අභයාරාමයෙන් හුණු ගෑවට අනෙකුත් ආරාමවලින් ලැබෙන දේ පේනවා නේද? දෙකයි පනහෙන් දැන් එකයි පනහටම වැටිලා....

:       0       24

Saman Saturday, 08 December 2018 05:38 PM

අනේද කියන්නේ..? පව් අප්පා...

:       0       8

vidya Saturday, 08 December 2018 08:12 PM

ඔබ වහන්සේ කොහොමටත් ශීලවන්ත වැදගත් විදිහට ධර්මානුකූලව සිටින කෙනෙක්නෙ හරි දේ කතා කරන කෙනෙක් න‍ෙ. ඔබවන්සේගේ ශිෂ්‍ය පෙරමුණත් එහෙමනේ .

:       0       20

සමන්ත Sunday, 09 December 2018 04:39 AM

මේවා මහා අපබ්‍රංස කතා. ඒ සිදුවීම් රුපවාහිනි මගින් ජනතාව දැක්ක. අනික කතානායකවරයා සතු කීර්තිය දෙස් විදෙස් දෙකෙහිම පතල දෙයක්. එතුමා හිටපු හමුදා නිලධාරියෙක්, දක්ෂ ව්‍යාපාරිකයෙක්, විශිෂ්ඨ ගනයේ කළමනාකරුවෙක්, කීර්තිමත් දේශපාලඥයෙක් , හොඳ බෞද්ධයෙක්, එකක් කියලා, තව එකක් කරන ජාතියේ මිනිහෙක් නෙමේ. කරන දේ කියන, කියන දේ කරන,මිනිසුන්ගෙන් පාලි නොගන්න වර්ගයේ යහපත් මනුස්සයෙක්. එතුමා නිසා තමයි, ස්වාධීන කොමිසන් සභා ආදියත් ලැබුනේ. එවන් පුද්ගලයෙකුට මෙවැනි අභූත චෝදනා නගමින් තමන්ගේ බල තණ්හාව නිසා පව් කරන මිනිහෙක්ට අත්වෙන්නෙත් අභාග්‍ය සම්පන්න ඉරණමක් බවයි කියන්න තියෙන්නේ. ඇත්තම කතාව නම් තමන්ට බහුතරයක් නොතිබුණු බව වහගන්න කුපාඩි වැඩ කරන්න කියලා උපදෙස් දුන්න එකයි වුනේ.

:       480       1082

Jehaan Sunday, 09 December 2018 10:23 AM

රනිල් වැරදි කියලා විතරක් මදි... තමන් සහ තමන්ගේ එහෙයියන් 100% හරි කියලා ඔප්පු කරන්න. තමන්ගේ ඇහේ පොල් පරාල තියාගෙන අනුන්ගේ ඇහේ රොඩ්ඩ පෙන්වනවා.

:       16       32

so.co Sunday, 09 December 2018 10:25 AM

අභයාරාමය නිසා අපිට බුද්ධාගමත් එපාවෙනවා. ගිහියෙක් නම් ඕනෙදෙයක් කළාට කමක් නැත.

:       0       45

Menaka Sunday, 09 December 2018 11:53 AM

මේවා වගකිවයුතු දේශපාලකයෙකු කියන කතාද? කතානායක වැරදියි කියන්න පාර්ලිමේන්තුවේ අනෙක් උදවිය මොන්ටිසෝරි බබ්බු කරන දඟ වැඩ කළා කියලාද එතකොට කියන්නේ. මුළු රටම විනාශ වෙනකන් අරයාගේ මෙයාගේ වැරදි කියව කියවා ඉන්න.

:       0       0

Chanak los angeles Monday, 10 December 2018 01:37 AM

මෙපමණ පන්සල් ගානෙයි, යතිවරයන් ගානෙයි ගිහිල්ලත් ඒ පිනෙන්වත් පාර්ලිමේන්තුවෙනුයි, උසාවියෙනුයි පිහිටක් ලැබුනෙම නැහැ නේද? අනේ පව් ...ඒකට කමක් නැහැ ඒවා ලෞකික වශයෙන් නොලැබුණත් ලෝකෝත්තර වශයෙන් යන ලෝකයේදීවත් අගමැති කෙනෙක් වෙන්න ආධාර විය හැකිය..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමා ඔය ප්‍රමාද කිරීමෙන් කෝටි 4,500 ක පාඩුවක්
2024 අප්‍රේල් මස 20 38 0

ඇතැම් දේශපාලන පක්‍ෂවල බලපෑම් ඇතුළු විවිධ බලපෑම් හේතුවෙන් උමා ඔය ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීම ප්‍රමාද වීමෙන් මෙරටට වසරකට රුපියල් කෝටි 900 ක පාඩුවක්


විශේෂඥ දොස්තරවරු 350ක් රට හැර ගිහින්
2024 අප්‍රේල් මස 20 32 0

රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 350 දෙනකු මෑත භාගයේදී රට හැර ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක් කළ අධ්‍යයනයකදී හෙළිවී ඇත.


පාලිත සැමට සමු දෙයි
2024 අප්‍රේල් මස 20 543 0

මෙරට දේශපාලනයේ පෙරළිකාරීයකු මෙන්ම මානවහිතවාදීයකුගේ යුගය නිමාවට පත් කරමින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා මළහිරුබැස යන් සන්ධ්‍යාවේ


තැනින් තැනට පොඩි වැස්සක්
2024 අප්‍රේල් මස 20 44 0

බස්නාහිර.සබරගමුව,වයඹ,ඌව සහ මධ්‍යම පළාත්වලත් අනුරාධපුර, වවුනියාව, මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇ


නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 1937 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 373 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 226 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1540 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site