( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගොනු ඇති සංශෝධන පෙත්සම ලබන 22 වැනි දා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (13) නියෝග කළේය.

පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යෑමට ඇවන්ගාඩ් සමාගමට අවසර ලබා දීම මගින් රජයට රුපියල් බිලියන 11.4 පාඩුවක් සිදුකරන ලදැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම තමන්ට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම ගොනු කර තිබිණි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති ප‍්‍රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න යන මහත්වරුන්ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවිණි.

වගඋත්තරකරුවන් ලෙස අල්ලස් හෝ දුෂණ වංචා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.