IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


හැටන් පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට

( රංජිත් රාජපක්ෂ   )                        

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 දෙනෙකු, එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුළම ස්වයං නිරෝධානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

 එමෙන්ම  එම නේවාසිකාගාරයේ රෝගි ලක්ෂණ මතු වු සිසුවියන් දෙදෙනෙකු (20) දින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ  බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එස්.මැදවෙල මහතා පැවසිය.
 
එම පාසලේ 10 ඒ සහ 11 ඒ වසර වල අධ්‍යාපනය ලබන සිසුවියන් දෙදෙනෙකු  මෙසේ රෝහල් ගත කරනු  ලැබූහ.
 
ඉන් එක් සිසුවියකට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි සුව වු සිසුවියක් බවත් , එම සිසුවිය මොරටුව ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.
 
රෝහල් ගත කළ අනෙක් සිසුවිය මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් බවත්, එම සිසුවිය (12) දින පාසලේ නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බවත්, එම සිසුවියන් දෙදෙනා (18,19) යන දෙදින තුළ  පාසලට ගොස් ඇති බවට තොරතුරු සනාථ කරගෙන ඇති බව  මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේය.
 
නේවාසිකාගාරය සම්පුර්ණයෙන්ම විෂබිජහරණයට ලක් කරන බවත්, රෝහල් ගත කළ සිසුවියන් දෙදෙනා අධ්‍යාපනය ලැබු පන්ති කාමර වල සිසු සිසුවියන්ද ස්වයං නිරෝධානයට යොමු කර මුළු පාසලම සහ නේවාසිකාගාරය විෂබිජහරණය කිරිමට කටයුතු කරන බවද හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂක ආර්.ආර්.එම් මැදවෙල මහතා වැඩිදුරටත් පැවසිය.



අදහස් (0)

හැටන් පාසලක නේවාසිකාගාරයක සිසුවියන් 20 ක් ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රේගුවට ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියකරන කල්ලියක්
2024 අප්‍රේල් මස 25 1 0

රේගු දෙපාර්තමේන්තුව රාජසන්තක කළ භාණ්ඩ ඩෙන්ඩර් කැඳවා අළෙවි කිරීමේදී ටෙන්ඩර් ඉදිරිපත් කරන පුද්ගලයන් බියගැන්වීමට මෙරටින් පැනගොස් සිටින පාතාල සාමාජික


මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 181 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ලක්ෂ 27ක මත්කරල් ඔරුගොඩවත්තෙන් අල්ලයි
2024 අප්‍රේල් මස 25 22 0

රුපියල් ලක්ෂ 27 ක් වටිනා මත්කරල් 27,000 ක් ජාවාරම් කිරීම සදහා ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටි ‘බම්පින් කුමාර‘ නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවක් අද (


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 636 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 185 1

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 215 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 317 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1701 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1546 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site