IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හමුදා නිලධාරියා ගැන ජනපති නියෝගයක් ලැබී නෑ - විදේශ අමාත්‍යංශය

(තිළිණි ද සිල්වා)
 
 බ්‍රිතාන්‍ය  ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය  ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ සේවය අත්හිටුවීමට ගත් තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැදිහත්වීමෙන් අවලංගු කර ඇතැයි කියන සම්බන්ධයෙන් කිසිදු නියෝගයක් අද (7) දහවල් වනතුරුත් ලිඛිතව විදේශ කටයුතු අමාත්‍යාංශයට ලැබී නැතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
 
ලන්ඩන් නුවර පැවති නිදහස් දින සැමරුම් උත්සවයකදී මෙම බ්‍රිගේඩියර්වරයාගේ හැසිරීම පිලිබඳව සමාජ මාධ්‍යවල පළවූ වීඩියෝ දර්ශන පිළිබඳව අවධානය යොමු කරමින් අදාළ සිද්ධිය සම්බන්ධ පරීක්ෂණ අවසන් වන තුරු විදේශ අමාත්‍යංශය ඔහුගේ සේවය අත්හිටුවීමට පියවර ගෙන තිබිණි.
 
මේ පිළිබඳව ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය අවශ්‍ය උපදෙස් ලබාදුන් බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
 
මෙම සිද්ධිය පිළිබඳව යුද හමුදාව විසින්ද නිදහසට කරුණු විමසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.



අදහස් (20)

හමුදා නිලධාරියා ගැන ජනපති නියෝගයක් ලැබී නෑ - විදේශ අමාත්‍යංශය

manoj Wednesday, 07 February 2018 10:38 AM

තවම එතුමාගේ අතට පත්තරේ ගිහින් නැතුව ඇති. ඉවසලා ඉන්න වෙනවා.

:       52       497

sirimal Wednesday, 07 February 2018 10:57 AM

ඕකෙන්, මේකෙන් සුදුවිය හැක්කේ බ්‍රිතාන්‍ය රජයට මෙම නිලධාරියාගේ රාජතාන්ත්‍රික මුක්තිය අවලංගුකර නීතිමය ක්‍රියා මාර්ගයක් ගැනීමට ඉඩ ප්‍රස්ථාව ලැබීමයි. දැනටමත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් මෙම නිලධාරියා විසින් "රාජතාන්ත්‍රික මුක්තිය ඇති මහකොමසාරිස් කාර්යාලයෙන් පිටතදී බෙල්ල කැපීම අභිනවයෙන් පෙන්වීම" ජීවිත තර්ජනයක් ලෙස සැලකිය හැකි බව කියා ඇත. මරණ තර්ජන කිරීමකට නොදෙවෙනි මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දිනයේ මෙට්‍රොපොලිටන් පොලිසිය වෙත පැමිණිලි ගණනාවක්ම ඉදිරිපත් වී ඇති අතර, ඔවුන් විසින් අදාළ වීඩියෝ සාක්ෂිය පදනම් කරගෙන විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.

:       693       84

KaruThursday, 08 February 2018 10:22 AM

ඔබට කප්පරක් ඩිස්ලයික් දැම්මත් උගත් බුද්ධිමත් හැඟීම්වලට වහල් නොවී නියම රාජ්‍යතාන්ත්‍රික පිළිතුරක් දීල තියනවා 21 වෙනි ශතවර්ෂයේ මිනිහෙක් වගේ

:       0       1

BamunuarachchiThursday, 08 February 2018 05:37 PM

ලංකාවේ දාන සෙල්ලම් අනිකුත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල දාන්න බැහැ.

:       42       0

සිනෙත් Wednesday, 07 February 2018 11:02 AM

රටේ ජනාධිපතිවරයාට අභියෝග කරන අමාත්‍යංශ අපේ රටේ තියෙන්නේ. ජනාධිපතිතුමා නියෝගයක් දුන්නම ඒක ලිඛිතව දෙනකන් බලාත්මක නැද්ද? මේ අමාත්‍යංශයත් එක්ක වැඩකරන්න බෑ කියලා ජනාධිපති කියන කතාව ඇත්ත. පුදුමාකාර පරගැති කමක්. පුදුම නිවටකමක්. මේ පාර ඔයාලා පරදින විදිය ඔයාලටවත් හිතාගන්න බෑ.

:       71       1111

අනිල් Wednesday, 07 February 2018 11:09 AM

රජයේ නොහැකියාව හොඳින් පෙනේ

:       0       415

palitha Wednesday, 07 February 2018 11:16 AM

ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස කොටින්ට පුළුවන්නන් අපේ රාජ්‍ය ආයතන ඉස්සරහ උද්ඝෝෂණ කරන්න, කැ ගහන්න, ඇයි අපේ රජයේ හමුදාවට බැරි ඒවාට නිසි පිළිතුරු දෙන්න. අනික මේ මනුස්සයා කෑගහලා, බැනලා, රණ්ඩු කරලා නෙවිනේ. යම් නිවේදනයක් දීලා තියෙන්නේ.

:       0       187

BamunuarachchiThursday, 08 February 2018 06:22 PM

නිවේදන දෙන්න මෙයාට තිබෙන අයිතිය මොකක්ද? නිවේදන නිකුත් කිරීමට අවසර දුන්නේ කවුද?

:       107       0

bandula Wednesday, 07 February 2018 12:48 PM

මට පේන විදියට ඔහුගේ බෙල්ලේ කුඹියෙක් වැටිලා කසනවා වගේ. ඒක වරදක්ද ?

:       0       1

Anura dinesh ගැමුණු රෙජිමෙන්තුව Wednesday, 07 February 2018 02:07 PM

මෙහෙමත් ආණ්ඩුවක්.. මහින්ද සර් හිටියා නම් මෙහෙම නැහැ. එල්.ටී.ටීඊ. එකට වඳින මිනිස්සු තමයි මෙතුමගේ සේවය අත්හිටුවන්න හදන්නේ...

:       130       737

SathyayaaFriday, 09 February 2018 10:38 PM

"මහින්ද සර් හිටියා නම් ..." වෙන්න තියෙන හරිය වෙලා ඉවරයි. ඔයගොල්ලෝ විස්කෝතු කකා සමහරවිට ඒකත් නැතිව මදුරුවන් තලතලා විටෙක ගොහොරු මඩේ එරෙමින් බැක්ටීරියාවන්ගෙන් අත්,පා තුවාල වෙනකොට මහින්ද සර්ලාගේ පුත්තු හිටිහැටි අමතක වෙලාද? ඔබ මෙසේ කියන්නේ. සොල්දාදුවෙක් කියන්නේ මනසින් හෝ වහළෙක් නොවන බව මතක තබා ගන්න! ඔබ ඉපදුනේ රට රකින්න මිස "රජුන්" රකින්නත් නොවන බව සිහිපත් කරන්න!

:       0       0

gunarathna Wednesday, 07 February 2018 04:27 PM

අනික දැන් ඉන්න රජයේ සේවකයෝ දේශපාලකයෝ කටින් කියන දේවල් කරන්න කැමති නැහැ. ලිඛිතව දෙනකන් දෙන නියෝග ක්‍රියාත්මක කරන්නේ නැහැ.

:       0       4

AsankaThursday, 08 February 2018 10:20 AM

ඔබ ආයතන සංග්‍රහය කියල එකක් ගැන අහල තියනවද ? මොන ශතවර්ශේද ඉන්නේ ? මේ රජ කාලේ නෙවේ ආයතන සංග්‍රහයට අනුව වැඩ නොකර පාලකයා කටින් කියන දේවල් කල නිසා තමයි හිටපු ජනාදිපති ලේකම් හිරේ ගියේ

:       1       4

BamunuarachchiThursday, 08 February 2018 04:36 PM

ඒක තමයි හරි ක්‍රමය. එසේම දේසපාලුවට කෙරන්න ඕනදේ ලිඛිතව ඉහල නිලදාරී මාර්ගයෙන් ලැබෙන්නත් ඕනේ. දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට කියන දෙයක් ස්ථීර ලේකම් මගින් දැන්විය යුතුයි. ඒකයි නියම පරිපාලනය සුද්දා හදලා ගිය. නැතිනම් ස්ථීර ලේකම්ට තම දෙපාර්තමෙන්තුවල සිදුවන දේවල් පත්තරෙන් තමයි දැනගන්න වෙන්නේ.

:       29       0

BamunuarachchiThursday, 08 February 2018 05:49 PM

වැස්සකටවත් රජයේ දෙපාර්තමේන්තුවකට ගොඩවී නැතිපාටයි. රජයේ සේවකයෙක්වත් ආශ්‍රය කරලා නෑ වගේ.

:       27       0

sam Wednesday, 07 February 2018 07:42 PM

ඕකට ජනාධිපති කියනකන් ඉන්න ඕනෙද. ඔයගොල්ලෝ ලංකාවේ මිනිස්සුගේ පඩි අරගෙන වැඩ කරන්න එ් මිනිස්සු වෙනුවෙන් පෙනී හිටින්න. ඒ වුනාට වෙන්නේ මුන් අපේ පඩි අරගෙන ලංකාවට වින කරන උන්ට කඩේ යනඑක. එලවන්න ඕනේ මේ ඔක්කොම !!!

:       0       243

ධනුෂ්ක Wednesday, 07 February 2018 08:38 PM

ජනාධිපතිවරයාට නියෝග ලිඛිතව දියයුතුයයි නියෝග කිරීමට හෝ පැවසීමට විදේශ අමාත්‍යංශයට නොහැක. එය වාචික හෝ ලිඛිතද යන්නද අදාල නොවේ. අමාත්‍යංශයට කල හැක්කේ නියෝගය ක්‍රියාත්මක කිරීම පමණි, මෙය විදේශ සේවයේ විහිළුසහගත බව කදිමට ඔප්පු කල තවත් අවස්ථාවක් පමණි. ජනාධිපතිවරයාගේ නියෝගය ලිඛිතව එවීම ජනාධිපති කාර්යාලයෙන් පසුව කිරීම පිළිගත් ක්‍රමවේදයයි. ඔලුව උද්දුම්මාගත් මෝඩයන් පිරි විදේශ සේවය සුද්ද කිරීමද කලයුතුයි.

:       0       135

BamunuarachchiThursday, 08 February 2018 05:19 PM

මෝඩ කතා කියල නොදන්නාකම ප්‍රදර්ශනය කරන්න එපා. මහජනයා රවටන්න ප්‍රසිද්දියේ කියන කතා, දෙන උපදෙස් ක්‍රීයාත්මක කලොත් හොඳට හිටීවි.

:       41       0

Lapaya Thursday, 08 February 2018 10:59 AM

විදේශ අමාත්‍යංශයේ කවුද වහාම ක්‍රියාත්මක වෙන විදියට මෙම නිලධාරියාගේ වැඩ තහනම් කලේ. අපේ වීර හමුදා නිලධාරීන් අදටත් රට ජාතිය වෙනුවෙන් පෙනී සිටීම මුළු මහත් හමුදාවටම ගෞරවයක්.

:       0       0

Bamunuarachchi Thursday, 08 February 2018 05:55 PM

මෙතන ලියන සමහරු හිතේ තියාගෙන ඉන්නේ තමන්ගේ බිරිඳට ළමයින්ට කියන විදිහට කටින් කියලා රජයෙ සේවයේත් වැඩගන්න පුළුවන් කියලා. රජයේ සේවය කෑවේත් 1977 සිට.

:       32       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 905 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 176 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1071 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1109 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1392 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1239 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site