Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කරා පියාසර කරමින් තිබියදී කාර්මික දෝෂයට ලක්වූ රුසියානු සොයුස් රොකට්ටුව හදිසියේ කසකස්ථානයට ගොඩ බැස්වීමට සිදුවූ බව නාසා ආයතනය පවසයි.
එහි සිටි රුසියානු ගගනගාමී අලෙක්සි ඔවුනිච් සහ ඇමෙරිකා ගගනගාමී නික් හේග් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව මාධ්‍ය වාර්තා කර ඇත.
මේ වන විට යානය ගොඩබස්වා ඇති ස්ථානයට ළඟා වී සිටින මෙහෙයුම් කණ්ඩායම යානයේ දෝෂයට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත.
රොකට්ටුව පැය හයක කාලයකින් අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතව තිබුණු අතර ගගනගාමීන් දෙදෙනා එහි මාස හයක කාලයක් රැඳී සිටීමින් විද්‍යාත්මක පර්යේෂණ රැසක් සිදුකිරීමට සැලසුම්කර තිබිණි.
(බීබීසී ඇසුරිණි - 085)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.