IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සේවය හැරගියැයි ලිපි බාර නොගත් බව කියති

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමෙන් පසු මෙතෙක් සේවයට වාර්තා නොකළ දුම්රිය වෘත්තීය සමිති නායකයින්ට සේවය හැරගියා සේ සලකන ලිපි නිකුත් කර ඇතත් ඒ කිසිදු ලිපියක් බාර නොගෙන ප්‍රතික්ෂේප කළ බව දුම්රිය ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය.

සෙසු අයගේ සේවය අවසන් කිරීමේ ලිපි මේ වනවිට සකස් වෙමින් පවතින බවත් ඔහු කියා සිටියේය.

 



අදහස් (23)

සේවය හැරගියැයි ලිපි බාර නොගත් බව කියති

nimali Tuesday, 12 December 2017 10:05 AM

මඩු වලිගෙන් පහර දිය යුතුයි....

:       5       1235

sam Tuesday, 12 December 2017 10:14 AM

ලිපිය බාර ගන්නා හෝ නොගන්න එක ඒ ඒ පුද්ගලයාගේ අයිතිවාසිකමක් . නමුත් ලිපිය බාර නොගත්තා කියා ඒ ලිපියෙන් කියා ඇති දේ වෙනස් වෙන්නේ නැහැ . වෙනස් කලයුතුත් නැහැ . 80 ජුලි ගැන තවම අපි කතා කරන්නේ කියපු දේ කරන්න (එහි හොඳ හෝ නරකගැන මම කතා කරන්නේ නැහැ ) ජේ ආර් ට කොන්දක් තිබුන එක ගැනයි .

:       262       2017

MuhanTuesday, 12 December 2017 10:58 AM

ජේ ආර් ට තිබුණ කොන්ද මේ යහපාලන ලොක්කට නැහැ . මේ රට අවුල් වෙලා...

:       200       433

sadaruwanTuesday, 12 December 2017 02:26 PM

දැනට මාස දෙකකට කලින්, CEB - විදුලි බල මණ්ඩලයේ සේවකයෝත් අඛණ්ඩ වර්ජනයක් කරා ඔය වගේම. ලියුම් යැව්වා " සේවයෙන් අයින් කරා " කියලා. ටික දවසකින්, සාමාන්‍ය පෙළ සමත් සේවකයන්ගේ පඩිය, වෙන ආයතන වල ඉන්න උපාධිදාරීන්ගේ පඩියටත් වඩා වැඩි කරලා, යවපු ලියමුත් ඉල්ලා අස්කර ගත්තා. කෙලින් තීරණ ගන්න බෑ.

:       0       213

gaspe Tuesday, 12 December 2017 10:31 AM

රටේ නීතියක් නැතිව වැඩ කරන්ඩද දෙන්ඩ හොඳ නැහැ. තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් මිනිස්සුන්ව උගසට තියන්ඩ ඕනේ. දොස්තරලා වගේ උගතුන්ටයි රියදුරු මහත්වරුන්ටයි දෙගොල්ලන්ටම එකම නීතිය තිබිය යුතුයි.

:       23       519

indika Tuesday, 12 December 2017 11:44 AM

ආණ්ඩුව දැන් තීරණයක් ගත්තනේ මේක අත්‍යවශ්‍ය සේවාවක් කියල. ගත්ත තීරණ විදිහට වැඩ කරන්නේ නැත්තෙ මොකද. තනි තීරණයක් අරගෙන වැඩ කරන්නකෝ. මේකනේ අපේ රටට සිදුවෙලා තියෙන විපත.

:       0       108

Sami Tuesday, 12 December 2017 12:18 PM

මෙම ප්‍රශ්නය කාලයක් තුරා ඇදෙන ප්‍රශ්නයකි. රජය පාර්ශවය දිගටම කලේ ප්‍රශ්නය කල් ගැසිමය වෛද්‍යවරුන්ගේ සයිටම් ප්‍රශ්නය මේ සමග පටලවා නොගන්න, මෙය වැටුප් විශමතා ප්‍රශ්නයකි..

:       85       14

nishantha Tuesday, 12 December 2017 12:22 PM

අත්‍යවශ්‍ය සේවයක් බවට බත් වූ විගස වෘත්තීය සමිති අහෝසි වී විසිවී යන බැවින් එවෙන්නවුන් ගැන කතා කිරීමෙන් පලක් නැහැ, අලුත් තරුණ ජවය මනා පුහුණුවකින් රටට එක කිරීමටත් ඒ ඉඩ ලබාදී ගෙදර යවන අයට අපගේ බදු මුදලින් විශ්‍රාම වැටුප් නොගේවිමටත් ඇති අනගි අවස්තාව මේ වෙලාවේ මග ඇරගත්තොත් අපරාදේ ..

:       1       567

Ranjith Silva Tuesday, 12 December 2017 01:11 PM

ලිපිය දොරේ අලවලා එන්න. නීතියට අනුව බෑ කියන එක වලංගු නැහැ.

:       0       107

dhamneth Tuesday, 12 December 2017 02:16 PM

මේ කැබිනට් එකේ කාටවත් මතක නැද්ද එදා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කාලයේ දුම්රිය රියදුරන් මේ වගේ වැඩ වර්ජනයක් කලහම දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කර පොලිසියත් හමුදාවත් දුම්රිය රියදුරන් නිවාසවලින් කැඳවාගෙන ඇවිත් ආරක්ෂක සේවා අධීක්ෂණය යටතේ දුම්රිය ධාවනය කලා .

:       2       82

chathura Tuesday, 12 December 2017 03:41 PM

තරුණයන්ට රැකියා දෙනවට විරුද්ධ ඉතාම කුහක, ආත්මාර්ථකාමී ඉල්ලීම් ටිකක් මේ වර්ජනයට මුල් කරගෙන තියෙන්නේ. අලුතෙන් තරුණයන් නව නීති පද්ධතියක් යටතේ බඳවා ගන්න. ඔවුන් ටික කලකින් හිටපු අයට වඩා හොඳට රැකියාව කරාවී.

:       0       157

lusena Tuesday, 12 December 2017 04:22 PM

දැනට වර්ජනයේ නියැලෙන අයගේ නම් සහ වැටුප් ප්‍රසිද්ද කරන්න. මොකද මහජනතාවට අයිතියක් තියෙනවා ඔවුන්ගේ බදු මුදල්වලින් යැපෙන මෙවන් කාලය කාදමන වර්ජකයන් ගැන දැනගන්න. ලුසේනා

:       56       119

wije Tuesday, 12 December 2017 04:26 PM

මොනාද මේ කරන්නේ. එක්කෝ මේ ආණ්ඩුව මේ මිනිස්සුන්ගේ ඉල්ලීම් දෙන්න ඕනා එහෙම නැත්නම් වර්ජනය කරන සේරම ටික අස්කරලා දාලා අලුත් සේවකයෝ ටිකක් අරගෙන දුම්රිය දුවන්න ඕනා. දෙගොල්ලෝ දෙපැත්තට කඹ අදිනවා අහිංසක මිනිස්සු රස්සාවල්වලට යන්න කෝච්චි නැතුව දුක් විදිනවා.

:       0       96

Ashan Tuesday, 12 December 2017 07:00 PM

සේවයෙන් පහකල ලිපි බාරගත්තත් නැතත් ලිපියෙ අඩංගු කරුණු ක්‍රියාත්මක කල යුතුයි.මොවුන් ඉවත් කොට නව රැකියා දෙන්න.

:       0       148

nihal Tuesday, 12 December 2017 08:08 PM

යුද හමුදාවේ පිරිසකට දුම්රිය රියදුරු පුහුණුව ලබාදිය යුතුය මෙවැනි අවස්ථාවලදී කැදවීම පිණිස. නැතිනම් පුද්ගලික දුම්රිය සේවයක්ද පවත්වා ගෙන යායුතුය.

:       36       45

das Tuesday, 12 December 2017 09:55 PM

සුද්දෝ දුම්රිය රියදුරන්ට locomotive engineers කියල නම දැම්මට එයින් අදහස් වෙන්නේ දුම්රිය opeartors කියන එක මිසක් ඉංජිනේරු කමක් නෙමේ. බොරු නම් සොයලා කරලා බලන්න.

:       69       7

Upul Tuesday, 12 December 2017 11:39 PM

ලුසේනා අපිටත් අයිතියක් තියෙනවා ඔයාගේ අධ්‍යාපන මට්ටම දැනගන්න. අපේ බදු වලින් ඔයා කොච්චර දුරට ඉගෙන ගෙන තියෙනවද කියලා

:       0       45

kavantissa Wednesday, 13 December 2017 01:03 AM

බාර නොගන්නා උදවියගේ ලියුම් නම්ගම් ඇතිව පත්තර වල පළකර රාජකාරිය කරන්න බැරිද?

:       47       13

රනිල් Wednesday, 13 December 2017 01:37 AM

මම උසස්පෙළ කලේ 1994 අගෝස්තු වල දී. අපේ උසස්පෙළ විභාගය පටන් ගන්නකොටම දුම්රිය වර්ජය. බොහොම අමාරුවෙන් බට්ටෝ වෑන් වල එල්ලිලා විභාගයට ආවේ. සමහර දවසට විභාගයට ආවේ පැයක් පරක්කු වෙලා .දෙවන වර විභාගයට 1995 අගෝස්තු වල දී ලිව්වා. එතනදිත් අපේ විභාගය සහ අනාගතය ප්‍රාණ ඇපකාරත්වයට දුම්රිය සේවකයෝ පත් කර ගත්තේ වර්ජනය කිරීමෙන්. අපි අමාරුවෙන් ඉගෙනගත්තත් විභාගය හරියට ලියාගන්න නොලැබීමෙන් ජීවිතය ගොඩක් හැල හැප්පීම් වලට පත් වුණා. දැන් ආයෙත් මෙයාල සාමන්‍ය පෙළ සිසුන්ව ප්‍රාණ ඇපයට අරගෙන.

:       0       4

ත්‍රීවීලර්කාරයා Wednesday, 13 December 2017 04:10 AM

උපාධියක් තියෙන සමහර රජයේ සේවකයකුගේ සියලු දීමනා සහිත මාසික පඩිය රු. 40,000 ක්. ඊට අඩු සුදුසුකම් වලින් බඳවා ගන්නා දුම්රිය ස්ථානාධිපති, රියදුරු වගේ අයට රු. ලක්ෂකට වැඩි වැටුපක් ගන්නවා. මේ විෂමතා නැති කරන්නද මේ ගොල්ලෝ මේ ස්ටයික් කරන්නේ. දොස්තරලත් මෙහෙම තමයි. වැටුප තීරණය කරනේ කරන වැඩේ ස්භාවය අනුවද. කරන වැඩේ අනුවනම් ඔය අත්වැඩ දෙන කම්කරැවෙකුට මාසෙට රු ලක්ෂයක් දුන්නත් මදි.

:       0       0

සන්ජේ ද සිල්වා. Wednesday, 13 December 2017 04:17 AM

ලිපිය බාර ගත්තත් නැතත් එය ක්‍රියාත්මක කල හැකියි.

:       6       9

Dumesh Wednesday, 13 December 2017 05:55 AM

ලියුම් දුන්න කියල මේ ප්‍රශ්න විසදෙන්නේ නැහැනෙ. බොරු වැඩ නොකර ප්‍රශ්න විසදල ඊට පස්සෙත් වැඩ කරන්නෙ නැත්තන් ලියුම් දෙන්න.

:       0       54

Somalatha Friday, 15 December 2017 04:28 AM

මොවුන් සේවයෙන් ඉවත්කර අලුත් සේවකයින් බඳවා ගැනීම වහාම කල යුතු දෙයකි. නැතහොත් තව වර්ජනයක් අතළඟ. පොදු ජනතාව ,පාසල් ළමුන් අසීරුතාවයට පත් නොකළ යුතුයි........

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 197 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 776 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 656 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 585 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 294 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 738 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 214 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1528 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1421 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site