IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සෙවණගල එපා - ලැබිය යුතු වන්දිය දෙන්න

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු)

තමා රුපියල් මිලියන 2800ක් ආයෝජනය කරමින් දියුණු කළ සෙවණගල සීනි කර්මාන්ත ශාලාව 2011 වසරේදී රජයට පවරා ගත්තේ කැලෑ නීතියෙන් යැයි ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සුභසාධන ඇමති දයා ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) පැවසීය.

එහි තිබූ ණය බර හැර සියල්ල එදා රජයට පවරා ගැණුනු බව කී ඇමතිවරයා තමාට අවශ්‍ය එම කර්මාන්තශාලාව යළි ලබාගැනීම නොව ලැබිය යුතු නියමිත වන්දිය ලබාගැනීම බවද සඳහන් කළේය.

තමා එක්සත් ජාතික පක්ෂය හා දේශපාලනය කිරීම තම ව්‍යාපාරය අහිමිවීමට හේතු වූ බවද හෙතෙම කීවේය.

සෙවණගල කර්මාන්තශාලාව ලාභ ලබන බව කීවත් එය පසුගිය වසරේ මිලියන 46ක පාඩුවක් ලබා ඇතැයි ද ඇමතිවරයා පැවසීය.

 



අදහස් (18)

සෙවණගල එපා - ලැබිය යුතු වන්දිය දෙන්න

lanka Thursday, 20 June 2019 01:37 PM

මෙවැනි ව්‍යපාර රජයට පවරා ගැනීම නිසා තමයි අද අපට විදේශීය ආයෝජන ලංකාවට ආකර්ෂණය කල නොහැක්කේ. රට දියුණු කරන්නට නම් ව්‍යපාර රජයට පවරා ගැනීම වැනි යල් පැන ගිය අදහස් රජය විසින් බැහැර කල යුතුයි.

:       514       538

Chanak los angelesThursday, 20 June 2019 09:06 PM

ආණ්ඩුවට ගත්ත පුද්ගලීකරණය කරන්න ඕනේ කියන එක නොවෙයි ප්‍රශ්නය .. ක්‍රමානුකුලව සාමුහිකව හැගීමෙන් එකට වැඩ නොකිරීමයි ප්‍රශ්නය. දියුණු රටවල ව්‍යාපාර සාර්ථක වන්නේ ආයතනයේ සභාපතිත් අවශ්‍ය මොහොතේ පහලම සේවකයන් සමග වුවත් එකට එකතුවී ඕනෑම සේවයක් කිරීමට නොපසුබට වෙන නිසායි. ලංකාවේ ආයතන සභාපතිට පියන් කෙනෙක් ගිහින් තේ එකත් පොවන්න ඕනේ. ඒ තරම් මහන්තත්වයකින් තනතුරේ වැජඹෙන්නේ. අලි ඔලුව...

:       0       48

සමන්තThursday, 20 June 2019 09:32 PM

ලෝකයේ බොහෝ රටවල දේපල රජයට පවරා ගන්නවා.. අනෙක් එක එහෙම පවරා ගනිද්දී පවා ලංකාවේ ⁣බොහෝ ආයෝජන සිද්ධ වුනා.. අතිවිශාල ආයෝජන.. දැන් ලංකාවට අයෝජන නැත්තේ පවතින රජයේ ප්‍රතිබත්තියක් නැතිකමට මිසක් වෙන දේකට නෙමේ...

:       136       308

සිරිබිරිස්Friday, 21 June 2019 12:58 AM

අතීතයේ එනම් නිදහසින් පසුව වාමාංශික පක්ෂ එක්සත් ජාතික පක්ෂය හැඳින්නුවේ ධනපතියන්ගේ පක්ෂය කියාය. දැනුදු බොහෝ පක්ෂ ක්‍රියාකාරීන් කටයුතු කරන්නේ රටට ආදරයකින් නොව කිසිම පදනමක් නොමැතිව එ.ජා.පක්ෂ විරෝධී ආකාරයෙනි. ඒනිසා එ.ජා.පක්ෂයට විරෝධී පාලකයින් සෑම විටම කලේ එ.ජා.පක්ෂ ක්‍රියාකාරීන්ගේ දේපොල රජයට පවරා ගැනීමයි. මෙයින් සිදුවුනේ ඉහල ආදායම් ලැබුනු විශාල වතුපිටි ඇතුලු ව්‍යාපාර බංකොලොත්වීමය. (අන්සතු සැපතක් දැක දළ ලොබිනේ උන්ට නොවී මට වේවයි සිතිනේ උන්කල ඒසිත හටගත් පවිනේ උන්මතු නිරයේ දුක්මයි විඳිනේ.) අතීතයේ ලංකාවේ සිටි රජවරුනුත් වැසියනට උලුසෙවිලි කල නිවසක්වත් ඉදිකර ගැනීමට ඉඩ නුදුන්නාසේ සමාජවාදීන් යයි කියාගන්නා පක්ෂද කලේත් කරන්නේත් විරුද්ධ පාක්ෂිකයින් විනාශයට මාර්ග සැලසීමය

:       170       208

samanFriday, 21 June 2019 10:31 AM

ලංකාවේ ව්‍යපාර රජයට පවරා ගැනීම පිටිපස බොහෝවිට තිබුනේ දේශපාලන පලිගැනීම්, ඊර්ෂ්‍යාව වැනි කරුණුයි. එලෙස පවරාගත් ආයතන වලට තමන්ගේ හෙන්චයියන් දහස් ගණනින් දමා එම ආයතන දැවැන්ත පාඩු ලබන ආයතන බවට පත් කළා. අද වියට්නාමය, මලයාසියාව වැනි රටවල් සමග සසඳන විට ලංකාවට විදේශීය ආයෝජන පැමිණෙන්නේ ඉතා අල්ප වශයෙනි...

:       0       3

Sam Thursday, 20 June 2019 01:43 PM

මෙයා මිලියන 2800ක් ආයෝජනය කරේ දේශපාලනෙන් හොයා ගත්තු සල්ලිද?

:       461       514

deepalThursday, 20 June 2019 08:25 PM

ආදායම් , වියදම් සහ ලාබ වාර්තා හදලා බැංකු ණය අරගෙන ව්‍යාපාරය පටන් ගත්තේ ,කැසිනෝ සල්ලි නෙවෙයි. කූහකයෙක් වෙන්න එපා .

:       146       187

විදුර Friday, 21 June 2019 02:16 AM

මේ පුද්ගලයාගේ මුදල්වලින් තමා UNP එක නන්නත්තාර වෙලා ඉන්න කාලේ යැපුණේ. දයා ගමගේ කියන්නේ ලොකු සල්ලි කාරයෙක්. ඒ මුනුස්සයා උත්සාහයෙන් දියුණු වුනා කියලා තමා මම අහල තියෙන්නේ. සෙවනගල අන්තිමටම වැටිලා තියෙනකොට ඒක ගොඩ අරගෙන දියුණු කරපු බවට එකේ වැඩකළ සේවකයෝත් දන්නා කරුණක්. ඕනෙම නම් ඇඹිලිපිටිය පැත්තේ අයගෙන් අහල බලන්නකෝ.

:       133       418

silvaFriday, 21 June 2019 02:45 AM

ඔයා දයා ගමගේ ගැන ටිකක් හොයල බලන්න , එතුමා දේශපාලනයට එනකොටත් ප්‍රකොටිපතියෙක් සාර්ථක ව්‍යපාරිකයෙක් ... හැමෝම විමල්, මහින්දානන්ද , කළුතර රෝහිත වගේ ෆුට් සයිකලෙන් ඇවිත් ගසකාලා කෝටිපතියෝ උන මින්මෙන්ම මනින්න එපා ..

:       257       505

Samantha Thursday, 20 June 2019 03:59 PM

එජාප ආණ්ඩුවක් කාලෙක ලාභ ලබපු එකක්වත් නැනේ

:       553       604

SilvaFriday, 21 June 2019 04:53 AM

ඔයාට සුවර්ද?? දැන් සතොසයි , ලංගමයි ලාබ ලබනවා ගිහින් ඒවායේ වාර්ෂික වාර්තා බලන්න ...

:       212       142

යාපාFriday, 21 June 2019 06:33 AM

ලැජ්ජයි ඔබ වැනි අය ගැන. ආන්ඩුව සතොස විකුනුවා. මහින්ද ඇවිත් ආයෙත් රජයට අරගෙන ලාබ ලබන තත්වෙට හැදුව. දැන් ආයෙත් විකුනන්න හදනවා. ලංගමයට 2015න් පස්සෙ එකම බස් එකක්වත් ගෙනාවද.

:       159       222

vernonFriday, 21 June 2019 09:37 AM

ඒ කාලේ ලංගමය පාඩු පිට පාඩු ලබද්දිත් දේශපාලකයන්ට නිකං බස් දුන්නා.. ඒකට නඩුත් යනවා දැන්... අනික 2015න් පස්සේ ලංගමයට ගෙනාපු සුඛෝපභෝගී බස් තොගය ඔබ දැක්කේ නැත්තේ ඇහේ වංගුද? අනික ලංගමය තමන්ගේ පරණ බස් අලුත් වැඩියා කරලා පහුගිය වසර දෙක තුනේ දිව්වා. ඔබ ඔය කියන සතොස විකුණපු එක නිසා රජයට වෙච්ච පාඩුව අඩු වුණා කියලා හිටපු ආණ්ඩුවේ මුදල් ඇමතිම කිව්වා හොයලා බලන්න.

:       11       1

Bamunuarachchi Friday, 21 June 2019 12:51 AM

ඔබට මිලියන 2800 ලැබුනේ කොහොමද? ආදායම් බදු දෙපාර්තමේන්තුව මේ බව දන්නවාද? ජනතාව සතු ඉඩම් ඔබට ලැබුනේ කෙසේද?

:       189       221

sarath Friday, 21 June 2019 01:45 AM

දේශපාලනය මොනවා උනත් සෙවනගල දියුණු කලේ දයා , ලංකාවේ වයස දේශපාලකයෝ ටික ගෙදර යවලා අවංක මැදිවියේ පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරාපත් කලයුතුයි.

:       64       91

Thasanka Friday, 21 June 2019 01:51 AM

එයා ඕක ඒ ගානට ගත්තෙත් එ.ජා.ප ආන්ඩුවක් යටතේම තමා. සෙවනගල සේවකයෝ කියන්නේ. මිලට ගත් අවස්තාවේ සමාගමේ නිශ්පාදිත සීනි සහ බැන්කු ගිණුම් වල මුදල් වල එකතුව බලන කොට දයා ඕකට පොඩි ගානක් ලු දීලා තියෙන්නේ. ඒත් රජයට පවරා ගැනීම නම් හරි කියන්නෑ..

:       118       143

himalFriday, 21 June 2019 09:33 AM

ව්‍යාපාරයක් මිලදී ගන්න කොට ඒකේ ශුද්ධ වත්කම් අගයයි බලන්නේ... එහෙම නැතුව අච්චර බඩු තොග තිබ්බා. බැංකු ශේෂ තිබ්බා කියන එක නෙවෙයි. ගෙවන්න තිබෙන ණය අඩු කරන්න ඕන එකේ අගයෙන්...

:       15       0

ranaweera Friday, 21 June 2019 04:15 AM

කර්මාන්ත ශාලාව ආපසු දීම හැර කිසි සේත්ම මුදල් ආපසු නොගෙවිය යුතුය.

:       20       9

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැණික් ව්‍යාපාරිකයින්ගෙන් කෝටි 50ක් වංචා කළැයි අයෙක් රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 25 108 0

මැණික් ව්‍යාපාරිකයින්ට වටිනා මැණික් ලබා දෙන බවට පවසමින් රුපියල් කෝටි පනහකට අධික මුදලක් වංචා කළේ යැයි කියන සැකකරුවෙකු ලබන 07 දින දක්වා රක්ෂිත බන්ධනාගා


ඇමෙරිකාවෙන් යුක්රේනයට දුරදිග මිසයිල
2024 අප්‍රේල් මස 25 445 1

රහසිගතව ඇමෙරිකාව ලබා දුන් දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රථම වතාවට යුක්රේනය ක්‍රිමියාවේ රුසියානු ඉලක්ක වෙත පහරදීමට භාවිත කර ඇතැයි ඇමෙරිකානු බලධාරීහු


පලස්තීනය වෙනුවෙන් ලංකාව හැමවිටම කැපවෙනවා
2024 අප්‍රේල් මස 25 137 0

පලස්තීන ගැටලුවට සාධාරණ හා පුළුල් සාකච්ඡා සහිත දේශපාලන විසඳුමක් වෙනුවෙන් සහය දැක්වීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම


දුම්රියේ වැඩ ආවරණයට ප්‍රවාහන අධ්‍යක්ෂ ජනරාල් පත්කරයි
2024 අප්‍රේල් මස 25 168 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතාගේ හදිසි අභාවය හේතුවෙන් පුරප්පාඩු වූ දුම්රිය සාමාන්‍යාධිකාරි තනතුරට සුදුසු නි


අධිවේගී පිවිසුවේ මෝටර් රථය පෙරලේ
2024 අප්‍රේල් මස 25 414 0

කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ පිවිසුමේ දී අද දින සවස 3.00ට පමණ මෝටර් රථයක් පෙරලි ගියේය.


සන්නස්ගලට ඇප
2024 අප්‍රේල් මස 25 2889 10

පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රවීණ උසස් පෙළ සිංහල දේශක උපුල


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 316 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1700 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1545 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site