IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


සෙල්ලම් බඩු 450,000 ක් විනාශ කරයි

(මහින්ද නිශ්ශංක,ඡායාරූප ගයාන් අමරසේකර)

ආනයනකරුවන් හයදෙනෙකු විසින් චීනයෙන් හා ඉන්දියාවෙන් නීතිවිරෝධීව මෙරටට  ගෙන් වු  ව්‍යාජ සෙල්ලම් බඩු,ඔරලෝසු උණුවතුර බෝතල් හා  ඉයර් ෆොන්  450,000  ක තොගයක්  ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී  අත්අඩංගුවට  ගත් බව රේගු සමාජ  ආරක්ෂණ ඒකකය කියයි.

අදට (26) යෙදී  තිබෙන ජාත්‍යන්තර  බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන්  සමාජයට  අහිතකර  මෙම ව්‍යාජ  භාණ්ඩ  තොගය විනාශ කිරිමට  පියවර  ගත් බව රේගු මාධ්‍ය  ප්‍රකාශක රේගු  අධ්‍යක්ෂ ධර්මසේන කහදව මහතා  පවසයි.

බුද්ධිමය දේපල පනත යටතේ  මෙම ව්‍යාජ  භාණ්ඩ  විනාශ  කිරිම මිස විකිණිම තහනම් බව ඔහු කියයි.

 

 

 



අදහස් (21)

සෙල්ලම් බඩු 450,000 ක් විනාශ කරයි

රොමේෂ් Wednesday, 26 April 2017 08:37 AM

චීනයයි ඉන්දියාවයි ගෑවුනොත් කුණුගොඩක් හෝ බාල වැඩක් තමයි. මුන්ගේ තියෙන ජනගහන ප්‍රශ්නය විසන්දගන්නේ නැතුව අනික් රටවලටත් වදයක් වෙනවා. ලාබෙට දෙනකොට අපේ අයත් ආසාවෙන් ගන්නවා තමයි, ඒ අපිව අපේ ආර්ථිකය තුලින් පත්කර ඇති අසරණකම නිසා. නමුත් මේ ජරා බඩු වර්ජනය කරනවානම් තමයි වටින්නේ.

:       7       248

sumeshWednesday, 26 April 2017 12:09 PM

රොමේෂ් මහත්තයා,... "මේගොල්ලන්ගේ තියෙන ජනගහන ප්‍රශ්නය විසඳ ගන්නේ නැතුව" කියන එකේ තේරුම මොකද්ද?

:       16       58

gamaya Wednesday, 26 April 2017 08:44 AM

ඔය උණුවතුර බෝතල්,සෙල්ලම් බඩු මීතොටමුල්ල මිනිස්සුන්ට ළමය්න්ට බෙදල දුන්න නම්

:       133       82

nuwan Wednesday, 26 April 2017 08:45 AM

ඕව ගෙන්වන්නේ තොප්පි දාන සහ වේට්ටිය ගහන කට්ටිය.කොටුවට ගියොත් ඕව ඕන තරම් දකින්න පුළුවන්!!

:       810       1533

imesh Wednesday, 26 April 2017 10:01 AM

මේකනම් හොඳ වැඩක්. බාල බඩු ගෙන්නනවා කිසිම ප්‍රමිතියක් නැහැ. ලෙඩ හැදෙනවා මිනිස්සුන්ට. අපේ රටේ මිනිස්සුන්ට දැනුමක් නැහැ ඒවා තෝරලා ගන්න එනිසා ලාබෙට තියන දේ ගන්නවා ඊට පස්සේ පිළිකාව හදාගන්නවා.

:       0       24

arunalu Wednesday, 26 April 2017 10:06 AM

සෙල්ලම් තුවක්කු ඇරුනම අනිත් දේවල් සමාජයට අහිතකර වෙන්නේ කොහමද කියල කාටහරි කියල දෙන්න පුලුවන්ද.........?? කොහොම වුනත් මේ කුණුත්, කුණු කඳු වලටම එකතු වෙයි නේද........?

:       0       4

Boruwa Wednesday, 26 April 2017 10:46 AM

ඔය ඔක්කොම බොරු වැඩ.. පින්තුර 01,03 තියන සෙල්ලම් බදූ ඔක්කොම පිටකොටුවේ තියනවා... දුනු සහ කාර්......

:       0       13

ජානක Wednesday, 26 April 2017 10:58 AM

ඇයි මෙ වගෙ දෙවල් වෙන්දෙසියේ දලා විකුනන්න බැරි?. හැමදේම කෙසේ වෙතත් සමහර දෙවල් මිනිසුන්ට අහිතකරයි කියලා හැගෙන්නෙ නැහැ. මෙ වගෙ සෙල්ලම් බඩුවත් නැති විශාල ළමුන් ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මේවා විනාශ නොකර ඒ වගෙ ළමුන්ට දුන්නනම් පිනක්.

:       1       7

abaran Wednesday, 26 April 2017 11:37 AM

මට හිතෙන්නේ චීනයේ ඕව ඩිස්පෝස් කරන්නට තැනක් නැතිව මෙහෙ ගෙනෙන්ට ඇති....

:       0       4

පහන් මිස්සක ගමලත් Wednesday, 26 April 2017 11:44 AM

කරන්න ඕනේ ඔහොම පේන්න කුඩු කර ඒ කුණු මේ රටේ ගොඩ ගහ ගන්නවා වෙනුවට ඒ රටටම පැටවීමයි. ඒ සඳහා ගෙන්නූ කෙනාම බර පැන දැරිය යුතුයි. ඒ වගේම හොඳ දඩයකුත් ගැසිය යුතුයි.

:       0       169

mahinda Wednesday, 26 April 2017 01:24 PM

එකනේ ඒවාට සෙල්ලම් බඩු කියන්නේ.

:       1       0

santa dubai Wednesday, 26 April 2017 03:32 PM

නැති බැරි අය රටේ කොතරම් ඉන්නවද ඒ අයට බෙදල දාන්න

:       1       740

lalith Wednesday, 26 April 2017 11:07 PM

මාරයි. අපේ රටේ සල්ලි පිට ටරට ගියා. ගෙනාපු බඩුටික කුනුගොඩට ගියා. සමහරවිට කැකිල්ලේ රජ්ජුරුවෝ සහ උගේ ගෝල බාල කේවට්ටයෝ වෙන්න ඇති නිතිය ක්‍රියාත්මක කලේ?

:       0       22

ruwan Thursday, 27 April 2017 12:29 AM

මේවගේ ඔරජිනල් එක ගන්නගියානම් රුපියල් 2000-3000ක් වෙනවා ඩුප්ලිකේට් එක 100-150ත් අතර,,,,,,,,,, දුප්පත් දෙමාපියන් දරුවන්ගේ සතුට වෙනුවෙන් ගන්න තීරණය මොකද්ද? අනෙක අපිට මොකද ඇමරිකාවේ දෙයක් චීනෙන් කොපි කරලා හැදුවට.

:       0       4

samayan Thursday, 27 April 2017 02:15 AM

විනාශ කරන්න අපි හරි දක්ෂයි. පරණ හාල් ටොන් ගණනින් පුච්චනවා. ඒ හාල්වත් නැති උදවිය අපමණයි. පාසල් ළමයින්ට දුන්නනම් පිට්ටනි වලට දානවා කුරුල්ලන්ට කන්න. හරක්ට එළුවන්ට පරණ හාල් හොඳයි. ලක්ෂ ගණන් දිළිඳු දරුවන් පොල්කටු, හිස් බෙලෙක්ක අරන් සෙල්ලලම් කරද්දී වර්ණවත් සෙල්ලම් බඩු විනාශ කිරීම අපරාධයක්. ඔය සියල්ල දිළිඳුන්ට බෙදා දෙන්න කැමති සමිති සමාගම් ඇති තරම් තියෙනවා. පාට පාට සෙල්ලම් බඩු පොඩි උන්ට මොනතරම් අගේද මොලයක් නැති අයගේ ගොන් තීරණ නිසා මේ රටේ අපතේ යන දේ එමටයි. බුද්ධිමය දේපල ගැන කතා කරන අයට බුද්ධිය කියල දෙයක් නැතිවීම ජාතියේ අවාසනාව.

:       0       15

madu Thursday, 27 April 2017 02:29 AM

හැමදාම අල්ලන මත්ද්‍රවය විනාශ කරනවා පෙන්නනේ නැනේ මෙහෙම නැති ළමයින්ට හරි දෙන තිබ්බ සෙල්ලම් බඩුනම් ඕව දැකලත් නැති ළමයි මේ ලංකාවේ ඉන්නවා

:       1       5

Ruwan R Thursday, 27 April 2017 04:06 AM

ඔයිට වඩා බාල සෙල්ලම් බඩු ඕන තරන් පිටකොටුවේ තියනවා... ඒවා ලංකාවේ හදපුවද?.. රටේ හැම තැනම තියෙන බාල බඩු මේ විදිහට ඉවත් කරනවානම් අපි පිලිගන්නවා ඔය මහත්තුරු කරන්නේ ඇත්තක් කියල. නැත්නම් මේකත් සෙල්ලමක් වගෙයි. අනෙක කරන්න ඕනේ ඔහොම කුඩු කරල ඒ කුණුත් මේ රටේ ගොඩ ගහ ගන්න එක නෙවෙයි. ඒ රටටම යවල ඒකේ බරපැන ගෙන්නූ කෙනාමටම දෙන එකයි.

:       0       434

Ruwan R Thursday, 27 April 2017 04:16 AM

මේ මහත්තුරු අවුරුද්දට එක දවසද පඩි ගන්නේ. "අදට (26) යෙදී තිබෙන ජාත්‍යන්තර බුද්ධිමය දේපල දිනය නිමිත්තෙන් ......." මේ ඉටු කරන්නේ රාජකාරියද නැතිනම් සංවත්සරයක් සමරනවද..?

:       0       116

සමින්ද Thursday, 27 April 2017 04:25 AM

උණුවතුර බෝතල්වල උණුසුම රඳව ගන්න රසදිය යොදා ගන්නවා. රසදිය ‍පරිසරයට නිදහස් වීම ඉතාමත් හානීදායකයි. මේ දේවල් විනාශ කිරීම විද්‍යානුකූලව සිදුකළ යුතුයි.

:       0       4

Siri Friday, 28 April 2017 04:56 PM

අයින් කරල තියෙන උණු වතුර බෝතල් ටික විනාශ කරයි කියල හිතන්න අමාරුයි.

:       0       0

arschfikaa Sunday, 30 April 2017 01:53 PM

සෙල්ලම් බඩු ඔක්කොම ටික දෙන්නකො මීතොටමුල්ලේ ඉන්නා දුප්පත් ළමයින්ට.... කාරණය තමයි ඉහළ නිලධාරීන් ඉතින් හැමදාමත් මහජනයාගේ අල්ලස්වලින් කන එක..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 8 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 33 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2400 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1280 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 960 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 420 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1408 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site