(කාංචන කුමාර ආරියදාස)

‍වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් 10,000කට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු  අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා අද(19)  සීගිරියේදී   පැවසීය.
 
ඊයේ (18) වන සිට හෙට(20) දිනය දක්වා නොමිලේ දේශීය සංචාරකයන්ට සීගිරියේ නැරඹීම සඳහා අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුවත් සමග විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
 
සීගිරිය නැරඹීමට දේශීය සංචාරකයන් විශාල පිරිසක් පැමිණීමත් සමඟ සීගිරි ගල මුදුනෙහි උඩ දැඩි තදබදයක් ද පැවතිණි.
 
සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සියල්ලන්ට දැඩි ආරක්ෂාවක් ලබාදෙන බව ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.
 
මීට සමගාමීව සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන පිරිස සඳහා කෞතුකාගාරය තුළදී සීගිරි භූමියේදී කළ කැණීම්වලදී සොයාගත් චිත්‍ර භාණ්ඩ ප්‍රදර්ශනයක් ද පැවැත්විණි.