ඩී.ජී.සුගතපාල
 
උසස් පෙළ සිසුවියක අපයෝජනය කර එම දර්ශන අන්තර් ජාලයට මුදා හරින ලදැයි කියන උසස් පෙළ සිසුවෙකු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
 
මෙම සැකකාර සිසුවා සිසුවිය සමග ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන පසුව ඇය උණවටුන රූමස්සල ප්‍රදේශයට කැඳවාගෙන ගොස් අපයෝජනය කර   ඔහුගේ ජංගම දුරකතනයෙන් වීඩියෝ කර ඇතැයි පොලිසිය පවසයි.
 
පසුව එම දර්ශන ඔහු අන්තර් ජාලයට මුදා හැර ඇතැයි ද, ඒවා දුටු මාමා කෙනෙකු ඇයගේ මවට දැනුම් දීමෙන් පසු මව  පොලිසියට පැමිණිලි කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.