IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


සිසුවියන් 7 කට අතවර කළ බව කියන නි:විදුහල්පති අත්අඩංගුවට

(ඩී.ජී.සුගතපාල)
 
වඳුරඹ ප්‍රදේශයේ  විදුහලක 11ශ්‍රේණියේ සිසුවියන් හත් දෙනෙකුට ලිංගික අතවර කළ බව කියන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකු අද(29)සවස  වඳුරඹ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
 
 මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙදරු පියෙකු වන නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.
 
 මාස කිහිපයක් තිස්සේ මෙම සිසුවියන්ට අතවර කරන බවට පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුන පැමිණිල්ලක් අනුව පොලිස් නිලධාරින් විදුහලට  ගොස් සිසුවියන්ගේ සහ පන්ති භාර ගුරුවරියගේ ප්‍රකාශ සටහන් කරගැනිමෙන් පසු සැකකාර නියෝජ්‍ය විදුහල්පතිවරයා අත් අඩංගුවට ගෙන ඇත. සැකකරු හෙට අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (17)

සිසුවියන් 7 කට අතවර කළ බව කියන නි:විදුහල්පති අත්අඩංගුවට

rocky Wednesday, 29 January 2020 01:38 PM

ගණන 100ක් වුණාම පාටි එකක් දාන්න බලාපොරොත්තු වෙන්න ඇති අර තංගල්ලේ දේශපාලුවා වගේ..!

:       1       213

SathyaThursday, 30 January 2020 03:21 AM

3% එක්කෙනෙක් වගෙයි. ඕනෑ දේකට දේශපාලනේ ගාවනවා. හැබැයි ඇත්ත දන්නේ නැහැ. පාටි කතාව අකුරැස්සේ වුනේ...

:       86       68

sharm warnThursday, 30 January 2020 05:12 AM

අකුරැස්සේ නිසා ප්‍රශ්නයක් නැද්ද එතකොට ??

:       1       1

SathyaThursday, 30 January 2020 05:51 AM

ශාම්, එහෙම එකක් මෙතන සඳහන් වෙලා තියෙනවද? තමන්ගේ තේරුම් ගැනීමේ මට්ටමට එහෙමනම් පෙනෙන්නේ කරන්න දෙයක් නැහැ. සරලව මම කියලා තියෙන්නේ ඇත්ත දන්නේ නැත්නම්, බොරු දමන්නේ නැතුව ඉන්න ඕනි කියන එක.

:       33       52

asela Wednesday, 29 January 2020 01:42 PM

මේ ගුරුවරුන්ද?

:       0       211

Mahee Wednesday, 29 January 2020 03:55 PM

මං දෙතුන් පාරක් කියෙව්වා.. උන්නැහේගේ නම හොයා ගන්න. මං හිතුවේ 'රස්පුටින්' වෙන්න ඕනෑ කියලයි, බැලුවහම නම 'නියෝජ්‍ය විදුහල්පති'.

:       0       24

Pradeep Wednesday, 29 January 2020 05:35 PM

දියහැකි ඉහළම දඬුවම් ලබාදී නැවත රාජ්‍ය සේවයට එක්විය නොහැකි වන ලෙස නම අසාධු ලේඛන ගත කල යුතුයි..

:       0       212

Soma dubayi Wednesday, 29 January 2020 06:25 PM

ගුරුතුමෙක් නේ.. මේ පාර සමාව දෙමු...

:       212       11

සාරසීThursday, 30 January 2020 03:59 AM

ඉස්සෙල්ලම මෙයාට ලොකු පොල්ලකින් ගහන්න ඕනෑ. මොකද වැරැදි කළාම ළමයින්ට වේවැලෙන් ගහන්න පුළුවන් නම් මෙයාලා වැරදි කළාම ගහන්න පුලුවන් වෙන්න එපායැ...

:       0       6

කපුරුහාමි Wednesday, 29 January 2020 06:40 PM

මේ ගැන ගුරු සංගමේ ලොක්කා මොකුත්ම දන්නේ නැතුවා වගේ.. වෙන දේවල්වලට නම් කට අරින එක්කෙනා...

:       47       130

Sarasi Wednesday, 29 January 2020 11:40 PM

නම ප්‍රසිද්ධ නොකිරීම නිසා අන්තිමේ තවත් දැරියන් අමාරුවේ වැටේවි... එක පාර්ශයක් නෙවෙයිනේ.. හත් දෙනෙකුගෙන් චෝදනා ලැබෙන්න වුනේ ඇයි? තව බයට නිශ්ශබ්දව කීදෙනකු ඇද්ද? අනාගතය මතක් කරමින් දෙමව්පියන් විසින් කට වසා තැබූ බාලිකාවන්ද ඔය අතර ඇති. නම හංගාගෙන වරදකරුවාගේ අයිතිවාසිකම් ගැන සිතන අතරේ අගතියට පත් පාර්ශව ගැන කවුද වග කියන්නේ? මේ අතරේ මේ පුද්ගලයා සාක්කි වළක්වන්නත් තැත්කරාවි...

:       0       62

Madison Thursday, 30 January 2020 01:33 AM

පොලිසියේ ඉස්සර තිබුණේ ලාච්චුවේ දාන ක්‍රමයක්. විනාඩි 5ක වැඩක්. හරිම මානුෂිකයි. එහෙම කරානම් ආයේ කාටවත් ඔය මනුස්සයාගෙන් කරදරය වෙන්නේ නැහැ. කෙලින්ම නඩු හෝ හිරේ නොදමා සමාජගත කළ හැකියි.

:       0       18

මුණසිංහ Thursday, 30 January 2020 02:08 AM

වහාම සේවයෙන් ඉවත් කරන්න. මෙවැන්නන් නිසා ගුරු සේවයටම වෙන්නේ නිග්‍රහයක්...

:       2       24

රසික Thursday, 30 January 2020 03:25 AM

අනුකම්පා කරන්න එපා. සේවය අත්හිටුවා දඬුවම් ලබාදිය යුතුයි. ප්‍රධානම දේ මෙසේ කිරීමට හේතු සහ ඔහුගේ පෙර හැසිරීම සොයාබලා පුනරුත්ථාපන කළ යුතුයි. දරුවන් එසේ යොමුවීමට හේතු සොයා බලා අවශ්‍ය පියවර ගැනීම... මොවුන්ගේ එක් අයෙක් හෝ කැමැත්තෙන් මෙයට නැඹුරු වෙන්න ඇති...

:       1       29

Menaka Thursday, 30 January 2020 04:28 AM

රසික ඔබ තුමා නීතිඥයෙක්ද නැති නම් සැකකරුගේ ඥාති කෙනෙක්ද. බාල වයස්කාරියක කැමැත්ත ඇතිව ලිංගික සේවනයේ යෙදුනත් එය ස්ත්‍රී දුෂණයක් බව දන්නේ නැද්ද ?

:       0       1

Nuwan Thursday, 30 January 2020 04:47 AM

හතේ අපේ පොත කියවා තිබුනානම් ඔහොම වෙන්නේ නැහැ.

:       2       0

asela Thursday, 30 January 2020 10:03 AM

එතකොට ඊළඟ පාර?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන නැවියෝ මෙරට නැවියන් 21 බේරා ගැනෙති
2024 අප්‍රේල් මස 17 912 0

ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.


‘‘එක්වරක් රැවටුණා‘‘
2024 අප්‍රේල් මස 17 916 0

පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 1087 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාතාල කල්ලි මඩින පොලිසියේ 100 ක් එස්.ටී.එෆ් පුහුණුවේ
2024 අප්‍රේල් මස 17 429 0

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය


සගයාගේ අවසන් කටයුතු ගැන බලන්න ’’මහ ගෙදරින්’’ යයි
2024 අප්‍රේල් මස 17 4690 0

අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්


සිරිල් ගාමිණි පියතුමා සි.අයි.ඩී.යට කැඳවයි
2024 අප්‍රේල් මස 17 1272 0

ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 182 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1468 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1382 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site