(ඉන්දිකා රාමනායක  සහ නිමන්ති රණසිංහ)

නාවික හමුදා අත්අඩංගුවේ දී  ද්‍රවිඩ සිසුන් 11 දෙනකු අතුරුදන් වුයේ යැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන්  සිදුකරණ පරීක්ෂණක් සදහා  නාවික හමුදා සුළු නිලධාරියකු  ප‍්‍රශ්න කිරීම සදහා අද (19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  කැඳවු  බව  එහි ආරංචි පවසයි.

අදපෙරවරු 10.00 පමණ මොහු  ප‍්‍රශ්න කිරීම සදහා කැඳවා තිබු  අතර මෙම ප‍්‍රශ්න කිරීම පස්වරු 7.00 වනවිට ත් අවසන් වී නොතිබිණි.

මෙලෙස කැඳවා  තිබුණේ තංගල්ල රුහුණු නාවික හමුදා කඳවුරේ සේවය කරන සුළු නිලධාරියකු  බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ප‍්‍රශ්න කිරීමෙන් පසු මොහු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද  පොලිස් ආරංචි කියයි.

2009 සහ ඊට ආසන්න කාලයේ නාවික හමුදා බාරයේ සිටියදී   කොටහේන ප‍්‍රදේශයේ පදිංචි සිසුන් 11 දෙනකු  අතුරුදන්  කරඇති බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් මීට පෙර  නාවික හමුදා ලූතිනන් කමාන්ඩර් වරයකු ඇතුළු නාවික හමුදා සාමාජිකයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් රිමාන්ඩ් බාරයට පමුණුවා තිබුණි.