(සුජිත් හේවාජුලිගේ )
බ්‍රිතාන්‍ය සැර කොරෝනා වයිරස ප්‍රභේදය (බී .117 ) ආසාදනය වූ රෝගීන්ගේ සමීපතම ආශ්‍රිතයන් සොයා බුද්ධි අංශ නිලධාරීන් දෙසීයකට ආසන්න පිරිසක් දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් විමර්ශන අරඹා ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එම බුද්ධි අංශ කණ්ඩායම් ඒ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් රැසක් දැනටමත් සොයාගෙන නිරෝධායනයට යොමු කරනු ලැබ ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය .
එම විමර්ශන කටයුතු දිගටම සිදුකෙරෙන බවද ඔහු වැඩිදුරටත් කීය .
බ්‍රිතාන්‍ය සැර කොරෝනා වයිරස ප්රභේදයවූ බී.117 ආසාදනයවූ ආසාදිතයෝ දිවයිනේ දිස්ත්‍රික්ක හයක ප්‍රදේශ 21කින් පසුගියදා සොයා ගනු ලැබූහ .
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු කණ්ඩායමක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් ලැබුණු ආසාදිතයන්ගේ ජෛව පටල සාම්පල හැට හයක ජාන විශ්ලේෂණයේදී මෙම නව වයිරසය හඳුනාගෙන තිබිණ .
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සැර වයිරස ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයන්න බුද්ධි අංශය රට පීරයි
Ratne Tuesday, 11 May 2021 01:39 AM
රැවටිල්ලට කරන පිස්සු වැඩ. මාර්තු සිට පීසීආර් වලක්වා රෝගය බෝවීමට ඉඩ දීමේ විපාක මේවා. දැන්වත් පරීක්ෂණ වැඩි කර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ දොස්තරවරුන්ගේ නිර්දේශ අනුව කටයුතු කරන්න