IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ස්වර්ණමහල් මුල්‍ය සේවාව තෙමසකට විවෘත කරයි

(හර්ෂණ තුෂාර සිල්වා)

මහජනතාවගේ සහ ආයතනයේ තැන්පත්කරුවන්ගේ යහපත සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු දැඩි කොන්දේසිවලට තෙමසක කාලසීමාවකට යටත්ව නාමිකව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පත් කළ කළමනාකරණ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ ආයතනයේ පවත්නා ඉතිරි තැන්පතුවලින් සියයට50ක ප්‍රමාණයක් ආපසු ගෙවීම සඳහා පමණක් ලබන 13 වැනිදා සිට අප්‍රේල් 12 වැනිදා දක්වා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමිකව නැවත ආරම්භ කෙරේ.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නාමිකව මෙලෙස නැවත ආරම්භ කෙරෙන්නේ 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 (5) (අ) වන වගන්තිය ප්‍රකාරව සීමිත අරමුණක් සහ සීමිත කාලයක් සඳහා ය.

ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ පැවැති විවිධ අක්‍රමිකතා සහ ඒ හේතුවෙන් ඇති වූ ගැටලුකාරී තත්ත්ව මඟ හරවා ගැනීමට ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2018 ජනවාරි මස 18වැනිදා ආයතනයේ අධ්‍යක්ෂවරුන් වෙත විධාන නිකුත් කළ අතර එම ආයතනයේ කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකරණ මණ්ඩලයක් ද පත් කළේය.

එම ආයතනය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සුදුසු ආයෝජකයකු/ආයෝජකයන් රැගෙන ඒමට නියෝග කර තිබුණ එම ආයතනයෙන් කිසිදු සාධනීය යෝජනාවලියක් ඉදිරිපත් නොවූ බව ද ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

එහෙත් 2018 සහ 2019 වසරවලදී ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ තැන්පතුවලින් සියයට 30ක ප්‍රමාණයක් ආපසු ගෙවා දමා ඇතැයි ද ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

ශ්‍රී ලංකා මහ බැංකුව ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු 2020 ජූලි 13 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි අත්හිටුවා ඇත. 



අදහස් (0)

ස්වර්ණමහල් මුල්‍ය සේවාව තෙමසකට විවෘත කරයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 90 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 216 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 949 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 120 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 303 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 279 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site