(උණවටුන ඩී.ජී. සුගතපාල, නෙළුව පී.ජයවික්‍රම සහ සුරේෂ් කේ. පෙරේරා)
නෙළුව කොස්මුල්ල දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවට අයත් වතු නේවාසිකාගාරයේ කොටුවී සිටි කාන්තාවන් පිරිසක් බේරා ගැනීමට යද්දී කේබලය කැඩීමෙන් ඇද වැටුණු ගුවන් හමුදා සහන සේවා කණ්ඩායමේ ගුවන් භටයා කරාපිටිය රෝහලේදී මියගිය බව කරාපිටිය රෝහල් පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ වයි. එම්. එස්. යාපාරත්න (38) නමැති සහන සේවා ගුවන් භටයෙකි.
දූලිඇල්ල තේකර්මාන්ත ශාලාවේ කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකුගෙන් අයකු බේරාගෙන හෙලිකොප්ටරයට දමා අනෙක් කාන්තාව බේරාගැනීමට කේබල් ආධාරයෙන් පහළ බසිද්දී මෙම ගුවන් භටයා අඩි 30ක් පමණ ඉහළ සිට ඇද වැටී තිබේ. පසුව වෙනත් ගුවන් භටයකු විසින් ඔහු බේරාගෙන කරාපිටිය රෝහලේ ඇතුළත් කරන ලදි.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සහන සේවා ගුවන් භටයාත් දිවියෙන් සමුගනී
ඉයන් Friday, 26 May 2017 06:13 PM
ඔබට නිවන් සුව අත්වේවා!!! ඔබ නිසා දිවි ගලවාගත් අයගේ පින ඔබට අත්වේවා.
PITIGALA MILANO Friday, 26 May 2017 08:03 PM
මෙය සුළුපටු කාරුණක් නොවේ. සුළු කලකට පෙර ලෝකයේ ප්රබලතම හමුදාවක සීඝ්‍ර පිරිහීම මෙයින් පිළිබිඹු වේ. මෙය මෙසේ නම් බුද්ධි අංශ ගැන කවර කතාද? වහාම ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිකමත්, ත්‍රිවිධ හමුදාවල මුලිකත්වයත් නිසි පරිදි යොදවන්න.
ranasinghe Friday, 26 May 2017 10:21 PM
අනේ දෙයියනේ.. උතුම් සද්ක්රියවකට දායක වී සිටියදී ජිවිතයෙන් සමුගත් වීර රණවිරුවාට නිවන් සැප ලැබේවා..!!!
chandra weerasinghe Friday, 26 May 2017 11:08 PM
මෙම වීර ගුවන් භටයාගේ දෙමව්පිය දූ දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීම ජාතියේ හා රජයේ වගකීමයි!!
චමින්ද Friday, 26 May 2017 11:26 PM
අභීත රණවිරුවාණෙනි,... අපි ඔබට නිවන් සුවය පතමු...!!!
kasun Saturday, 27 May 2017 12:33 AM
ගොඩක් දුකයි....නිවන් සුව ලැබේවා!!!
ජයරත්න Saturday, 27 May 2017 02:17 AM
පව්!. ඒත් ඉතින් මක්කරන්නද?. වීරෝධාර රණවිරුවාට නිවන්සුව පතමි.
thissa Saturday, 27 May 2017 04:23 AM
සංසාරයේ කිසිඳු දිනක මෙවන් දුකක් නොම වේවා..!!! මෙපිනෙන් මතු නිවනින් සැනසෙන්නටම හේතු වේවා !!!
Lalith Saturday, 27 May 2017 05:23 AM
තම රාජකාරිය වෙනුවෙන්, විශේෂයෙන් වෙනත් අයකුගේ ජීවිත බේරාගැනීමට යාමේදී අවදානමට මුහුණදීමට ත්‍රිවිධ හමුදා, පොලීසිය, ගිනි නිවීම් සේවා ඇතුළු බොහෝ වෘතිකයින්ට සිදුවේ. මෙහිදී තමාට අවශ්‍ය උපරිම ආරක්ෂාව සපයා ගැනීමත් ඒ සඳහා පහසුකම් සැපයීම ඉහල නිලධාරීන්ගේත්, කණ්ඩායමක් නම් සගයින්ගේත් පරම යුතුකම සහ වගකීම වේ. මෙවන්නන්ගේ සේවය දිගටම රටට අවශ්‍ය වේ... තවත් අයකුගේ ජීවිතය වෙනුවෙන් අනතුරට පත්වූ ඔබ විරුවෙකි !
Kasun Saturday, 27 May 2017 05:39 AM
දැන්වත් මේ පාලකයින් වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් කරන අකටයුතුකම් නැවත්තුවොත් මේ රජය කෙරෙහි නැගීඑන ජනතා විරෝධය අවම වනු ඇත .
senarath Saturday, 27 May 2017 05:40 AM
මේවා අපේ මිනිසුන්ට මතක තියෙන්න ඕනේ.... මේ වගේම ප්රභාකරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් තියාගෙන හිටපු සාමාන්‍ය දෙමළ වැසියෝ බේරගන්න ගිහිල්ලා අපේ රණවිරුවෝ මැරුණේ... අද කී දෙනෙකුට මතකද? ඔහුට නිවන් සුව පතමි...
Shyamali Saturday, 27 May 2017 05:51 AM
ඔබට බොහෝ පිං.... අප රටේ අසරණ දුප්පත් මිනිසුන් වෙනුවෙන් ඔබගේ දිවි පූජා කළාට... රණවිරුවාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා!!!
ruwan Saturday, 27 May 2017 06:15 AM
බෙන්ස්, ප්‍රාඩෝ, බී.එම්.ඩබ්ලිව් ගන්න සල්ලි තිබ්බට අපේ ආපදා සේවා කරන්නේ ජීවිත නැතිකරගෙන කියල පේනකොට.... පව් අපේ ටැක්ස් සල්ලි...
ahamad hussain rizvi Saturday, 27 May 2017 06:41 AM
ඔබ අද කාලයේ අපේ සැබෑ වීරයෙකි...
Kusal Saturday, 27 May 2017 07:09 AM
කරන ලද පුණ්‍ය කර්මය හේතුවෙන්.... මෙවන් අකල් මරණයක් මින් මතු කිසිඳු ආත්මයක නොවේවා!!!
ජෝති Saturday, 27 May 2017 08:23 AM
ජිවන මඟේ සිදුවනදේ නැත දන්නේ.. නැද්දෝ කෙනෙක් රණ විරු දිවි රැක දුන්නේ.. දැඩි දුක් දෙමින් මව් පිය සැම හඬවන්නේ.. ඇයිදැයි කෙනෙක් මෙලෙසින් ලොව සමු ගන්නේ.... අන් අයෙකුගේ අනතුරේ දිවි රැකගැන්ම.. ඇත්තේ උදව් කර තම මුළු හදයෙන්ම.. උතුම් මිනිස් රණ විරුගෙන් වෙන්වීම.. පැතුම් මගේ නිර්වාණය අත්වීම....
Rikii Saturday, 27 May 2017 08:31 AM
වීරසෙබළා... තවත් අයෙකුගේ ජීවිතයක් බේරගන්නට ගිහින් ඔබ ජීවිතයෙන් වන්දි ගෙව්වා...
siri Saturday, 27 May 2017 09:18 AM
මෙවන් උතුම් ක්‍රියාවකදී මිය ගිය සෙබලා ගැන කණගාටුයි. ඔබට නිවන් සුව ලැබේවා!!
ලේක්කෝ ගලබඩ Saturday, 27 May 2017 11:39 AM
මෙම ගුවන්යානයේ නඩත්තු කටයුතු වලට අදාළ පුද්ගලයන්ගෙන් වහාම මේ ගැන විමර්ශනයක් කරන්න. කවුරු හෝ තම වගකීම පැහැර හැරීම නිසා මෙම මරණය සිදුව ඇති බවයි මගේ අදහස.... ෆීල්ඩ් මාර්ෂල් තුමා නැවත මෙම අධීක්ෂණ කටයුතු බාරගන්නවා නම් හොඳයි...
D.arudselvam Saturday, 27 May 2017 11:50 AM
සෙබළා කවුරුවුවත් කුමන ජාතිකයකු වුවත් සේවය පරිත්‍යාගශීලීය. මම මෙය උසස් කොට ගරු කරන්නෙමි.. මගේ පැතුම එම සෙබළාහට නිර්වාණය අත්වීමයි...
PIYAL BATUWANGALA Saturday, 27 May 2017 01:32 PM
සෙබළාණෙනි ඔබ මරුණා නොවේ .... කුසුමක් වෙලා ඔබ පිපුණා හදේ .... සොයුර ඔබට නිවන් සුව .......!!!
WEERASINGHE Wednesday, 31 May 2017 02:41 AM
ඔබට නිවන් සුව අත්වේවා