(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)


මාලඹේ සයිටම් රෝහල හා මුල්ලේරියාවේ රජයේ රෝහල ඒකාබද්ධ කර නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලක් ඇති කිරීමට කටයුතු කරන බව  සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (07) පැවසීය.


සයිටම් රෝහල ජයවර්ධන රෝහල මෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් යටතේ පාලනය වන බව කී සෞඛ්‍ය අමාත්‍යවරයා තවමත් එහි ගිවිසුම් අවසන් කර නොමැති නිසා ඒ පිළිබඳව නුදුරු දිනයකදී කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බව ද කීය.