IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සමුළු නිවාස 190 වෙනුවට නිවාස 400 ක සංකීර්ණයක්


කොළඹ 05, කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස සංකීර්ණය වෙනුවට නව නිවාස සංකීර්ණයක් ඉදි කිරීමට රජය තීරණය කර ඇත.

සමුළු නිවාස සංකීර්ණය අක්කර දෙකක භූමියක ඉදි කර තිබෙන අතර ඉතිරි අක්කර 10 ක භූමි ප්‍රමාණය වෙනත් ආර්ථික කටයුතු සඳහා භාවිත කිරීමට අපේක්ෂා කෙරේ.

සමුළු නිවාස සංකීර්ණය පිහිටි අක්කර දෙකක භූමියේ නව නිවාස ඒකක 400 ක් ඉදිකොට වසර දෙකක් තුළ රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට බාර දීමට නියමිත ය.

ඒ අනුව ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී අද (19) සිදු කෙරිණි.

මෙම ගිවිසුමට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරණු ලබන නිවාස යෝජනා ක්‍රමවලින් තවත් නිවස ඒකක 100 ක් රාජ්‍ය සේවා අමාත්‍යංශයට ලබා දීමට නියමිතයි.

කොළඹ නගරයේ අතීශය ඉහළ වටිනාකමකින් යුතු මෙම ඉඩම ඵලදායී ආර්ථික කටයුතු වෙනුවෙන් යෙදවීමට රජය ගෙන ඇති තීන්දුවට අනුව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබේ.

රාජ්‍ය සේවා අමාත්‍යංශය වෙනුවෙන් එහි ලේකම් ජේ.ජේ.රත්නසිරි, නාගරික සංවර්ධන අධිකාරිය වෙනුවෙන් එහි සභාපති හර්ෂන් ද සිල්වා සහ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තැබූහ.

කොළඹ 05,කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස 1976 වසරේ දී ඉදි කර ඇති අතර රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයට අයත් අක්කර 12 කින් සමන්විත මෙම භූමිය රජයේ නිලධාරීන් සඳහා වන නිවාස ඒකක 175 ක් හා බංගලා 15 කින් සමන්විත ය.

රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හානාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ඒකාබද්ධව මෙම සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

කොළඹ නගරයේ සිදුවන තිරස් සංවර්ධනය වෙනුවට සිරස් සංවර්ධනයක් ළඟා කර ගත යුතු යැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කල කැබිනට් පත්‍රිකාවට අනුව යමින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

මෙම අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා මහතා ඇතුළු අමාත්‍යංශ දෙකේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.

055



අදහස් (2)

සමුළු නිවාස 190 වෙනුවට නිවාස 400 ක සංකීර්ණයක්

kamal Wednesday, 20 January 2021 02:02 AM

මන්ත්‍රීලාට මේ නිවාස දැන් පරණ වැඩියි. අලුත් ඒවා හදලා දෙන එක රටේ ජනතාව වන අපේ යුතුකමක්. මේ ගොල්ලන් රට වෙනුවෙන් කරන සේවය සලකා බැලුවා නම්... නැද්ද මං අහන්නේ..?

:       0       0

sharm warn Wednesday, 20 January 2021 06:06 AM

තවත් මහා පරිමාණ ඉඩම් මංකොල්ලයක් නීත්‍යානුකූලව සිද්ද වෙන්න යනවද කොහේද? කැලේ කපන එකේ දෙවැනි කොටසද කොහේද?

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 234 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 352 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 597 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 552 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 89 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 581 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1679 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site