IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


සන්ධාන මන්ත්‍රිනියගේ ප්‍රකාශයෙන් ඇඹිලිපිටිය සභාව උණුසුම්

අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
 
යුද සමයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවලදී රජයේ හමුදාව එම ප්‍රදේශ වල ජනතාව සමූල ඝාතනය කළ බවට ඇඹිලිපිටිය නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රීනි ලසන්ති ලක්මිණී මහත්මිය අද (18) පැවති නගර සභා රැස්වීමේ දී කළ ප්‍රකාශයකින් සභාව උණුසුම් වි ගියේය.

 
ශ්‍රීලංකා පොදුජන පෙරමුණට බලය හිමි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේ මෙම තත්ත්වය ඇතිවිය.
 
නාගරික මන්ත්‍රී කේ.රුවන් පතිරණ මහතා වත්මන් රජයේ අමාත්‍යවරයෙක් සහ රජයේ මාධ්‍ය ප්‍රකාශක වු රාජිත සේනාරත්න මහතා රජයේ අරක්‍ෂක හමුදාවන් ගැන කළ ප්‍රකාශය හෙළා දිකිමින් ගෙනා යෝජනාවක් සම්බන්‍ධයෙන් අදහස් දක්වන අතරතුරදි ලසන්ති ලක්මිණී මහත්මිය පැවසුවේ රජයේ ආරක්‍ෂක හමුදා යුද්ධයේ දී දෙමළ ජනයා සමූළ ඝාතනය කළ බව සත්‍යයක් බවයි.
 
පහනක් දැල්වීමට දෙමළ ජනතාවට සාදාචාරාත්මක අයිතියක් ඇති බවත් අවි ආයුධ අතට ගත් යම් කණ්ඩායමක් ප්‍රජාතන්ත්‍රවාදයට එන්න කැමතිනම් ඊට සුදුසු වාතාවරණයක් සැකසිය යුතු බවත් ඇය කීවාය.
 
ඊට ඉඩදීම දෙමළ ජනතාවට කඬේ යාමක් යැයි පැවසීම වැරදි බව පැවසූ ඇය ජනතා විමුක්ති පෙරමුණ තමන්ගේ ත්‍රස්තවාදී ක්‍රියාවන් නවත්වා දැන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ඇවිත් ඇතැයි ද කීවාය. ඒ නිසා දෙමළ සාමාජිකයනුත් පාලන තන්ත්‍රයට එකතු කරගෙන සංහිඳියාව ඇතිකරගෙන කටයුතු කළ යුතුයැයි පැහැදිලි කළාය.
 
මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා නොකළ බවත් විප්ලවවාදී ක්‍රියා කළ බවත් එම පක්‍ෂයේ සභිකයා පෙන්වා දෙන අතරතුර ඇය ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා කළ බවට සඳහන් ප්‍රකාශය ඉල්ලා අස්කර ගත්තාය.
 
ඒ අවස්ථාවේ හමුදා සාමාජිකයන්  උතුරු නැගෙනහිර ජනතාව සමූල ඝාතනය කළ බවට පැවසූ ප්‍රකාශයත් ඉල්ලා අස්කරගන්නැයි සභාවේ සභිකයෝ ඇයට බල කළහ. ඒහෙත් ඒ අවස්ථාවේ ඇය පැවසුවේ සමුල ඝාතනයක් සිද්ධ වුණානේ යනුවෙනි. ඇය සිය ප්‍රකාශය ඉල්ලා අස්කර නොගත්තාය.
 
ඇඹිලිපිටිය නගර සභාවේ මුලු සභික සංඛ්‍යාව 13කි. ඉන් අට දෙනෙක් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ ය. 3ක් එක්සත් ජාතික පක්‍ෂයේය. ජනතා විමුක්ති පෙරමුණට සහ එක්සත් ජනතා නිදහස් සංධානයට එක් සභිකයකු බැගින් හිමිය.
 
මේ උණුසුම් තත්ත්වය සභාව තුල ඇතිවදේදී සභාව ඉදිරිපිට යුද ජයග්‍රණයේ නවවෙනි සැමරුම සමරමින් සාමාන්‍ය ජනතාවට කිරිබත් සංග්‍රයක් ද පැවැත්විනි.



අදහස් (48)

සන්ධාන මන්ත්‍රිනියගේ ප්‍රකාශයෙන් ඇඹිලිපිටිය සභාව උණුසුම්

සතයපාල Friday, 18 May 2018 05:58 PM

මේක දැන් මෝස්තරයක් වෙලා හමුදාව දෙමළ ජනතාව සමුල ඝාතය කළ බව කියමින් චෝදනා කිරිම. මෙහෙම කිව්වා කියලා දෙමළ ජනතාවට වන විශේෂ වාසියක් හෝ හමුදාවට වන විශේෂ අවාසියක් නැහැ. මේ අය මේ ප්‍රකාශ පාවිච්චී කරනවා සිංහල ජනතාව නොමග යවන්න.

:       201       865

sanath Friday, 18 May 2018 06:46 PM

සමහර පුද්ගලයන්ට ලාබෙට ප්‍රසිද්ධ වෙන්න තියෙන එක ක්‍රමයක් තමයි මේක.

:       12       1078

RaveendraSaturday, 19 May 2018 04:30 AM

වචනයකින් හෝ තමන් උපන් මව්බිම පවා දෙනවා යනු "දේශද්‍රෝහියෙකි". දියවන්නා ඔයේ අසූචිවලට සුදුසුකම් ලබපු අයගේ ලක්ෂණයි. තමන් උපන් දේශය වචනයෙන් හෝ පාවා දෙන දේශද්‍රෝහීන්ට හිමිවිය යුත්තේ "මරණය පමණි". මොන පාටක්වත් අපට වැදගත් නැත.

:       21       1518

Ajith Nissanka Friday, 18 May 2018 09:29 PM

රජය පැත්තෙන් කිසිම විදිමත් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ඇත්ත ඇත්ත හැටියට ප්‍රකාශ කරා නම් එක එක්කෙනාට ඕන විදියට ගණන් හිලව් දාගෙන කියවන්න හම්බ වෙන්නේ නැහැනේ! අපේ රටේ තිබුනේ පැහැදිලි යුද්දයක්! එකේදී සාමාන්‍ය වැසියන් මරුමුවට පත් වීම වලක්වන්න බැහැ! බොරු දේශප්‍රේමයක් ඉස්සරහට දාල හමුදාව අතින් වෙච්ච දේවල් වසන් කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ!

:       1261       318

සේනක Saturday, 19 May 2018 11:19 AM

අජිත්, ඔයත් නොකියා කියන්නේ අණ්ඩුවටයි, කොටින්ටයි කඩේ යනවා කියලද?

:       85       289

Ajith NissankaSaturday, 19 May 2018 10:10 PM

ආයේ මෙතන යන්න කඩයක් නැහැ. 88-89 කාලේ අච්චර මරුණා, මෙච්චර මැරුණා කියලා ජිනීවා වෙනකල් අරගෙන ගියේ ඔය වීරෝදාර හමුදාවේම ක්‍රියා කාරකම් නොවේද? ඉතින් ඒවාට කරපු අධිකරණ ක්‍රියාවලියක් නැහැනේ! යුද්ධයක් වුණා! එම යුද්ධයේ අපි දන්නා තරමින් මෙච්චර ජීවිත හානි වුණා කියා කියන්න කොන්දක් නැතිවීම තමා ජාත්‍යන්තරයට අපි කරගත්ත ලොකුම හානිය... මොකද ජීවිත හානි වෙන්නේ නැතිව කරන්න පුළුවන් යුද්ධයක් නැහැනේ! අර ඒ කාලේ විරුද්ධ පක්ෂයේ හිටපු අය පාමන්කඩ ගියා කිව්වා වගේ කතාවක් තමයි යුද්ධය ඉවර වුනාම අපේ ආණ්ඩුව කියාපාන්න හදන්නේ! කිසිම සිවිල් වැසියෙක් නොමරා අපි යුද්ධය ඉවර කළා.. මොකද අපිට හම්බවුණා වෙඩි උණ්ඩ වගයක්... හරියටම කොටින්ට විතරක් වදින...!

:       5       4

රවින් Friday, 18 May 2018 09:43 PM

ඔන්න ඕක තමා හැමතැනම වෙන්නේ. පත්කරගන්න එවුන් කරන්නේ කටමැත දොඩවන එක. කියනදේ දන්නෙත් නැහැ කරනදේ දන්නෙත් නැහැ. උනුන්ගේ බඩ වඩා ගැනීමට මොනවහරි කියල පොදු ජනයට වැසිකිලි යන්න සලස්වන එක තමා කරන එකම වැඩේ.

:       0       71

Bamunuarachchi Friday, 18 May 2018 10:55 PM

මුන් දන්නවා 2020 ඉතිරිවෙන්නේ සුළුජාතික චන්ද සහ ජාතියක් ජන්මයක් නැති සිංහල කියාගන්නා කොටසකගේ චන්ද පමණක් බව එමනිසා දෙමළුන් සතුටු කරන්න කතා කරනවා. 2020 සිංහලයින් මේවා ගැන සිතාවි.

:       46       1292

Ajith NissankaSaturday, 19 May 2018 10:42 PM

2020 සිංහලයින් මේවා ගැන සිතනවා වගේම සුදු වෑන් ගැනත් හිතුවොත් කාගේ කාගේත් ඇඟට හොඳයි ! එහෙම නැත්නම් ඒ ගොල්ලෝ ඇවිල්ලා මතක් කරලා දෙයි!

:       14       32

BamunuarachchiSunday, 20 May 2018 05:30 PM

සුදු වැන් ඕනෑ තරම් රටෙ තිබෙන්නේ. මගෙත් සුදු වෑන් එකක් තිබෙනවා ඒවාට කව්රුත් බය නැහැ. බයනම් සුදු වැන් සල්ලි දීලා ගන්නවයැ.

:       0       9

BamunuarachchiSunday, 20 May 2018 05:38 PM

අපි ඊයේ ඉපදුන අය නොවෙයි. අපි ඒගොල්ලන්ගේ කාලේ හිටියා. සුදුවෑන් වල යායුතු අය ඒගොල්ලන්ගේ සුදු වැන් වල ගියා අපි අපේ වැන් වල ගියා. මොකක්ද ප්‍රශ්නය. ඔබට සුදුවෑන් වල යන්න අඬගැසුවේ නැහැනේද?

:       0       11

dhammika Friday, 18 May 2018 11:13 PM

උගතුන් බුද්ධිමතුන් සිටිය යුතු තැන් වල, නුගත් අට පාස් එවුන් ඉඳගෙන ඉන්නවා. මේ පින්තූර දැක්කම කීයෙන් කිදෙනෙක්ටද මේක පෙනුනේ.

:       0       245

RNG Saturday, 19 May 2018 01:45 AM

තමන්ගෙ ජීවිත පරදුවට තියලා සුවහසක් ජනතාවගෙ ජීවිත බේරගත්තු රණවිරුවන් සිහිපත් කර වචනයක් හෝ කතා කිරීමට නොහැකි මෙවන් ගුණමකුවන් මේ පින්බිමෙන් ඉවත් කිරීමට දෙවියන් හෝ කටයුතු කරත්වා...!

:       1       274

Chanda Saturday, 19 May 2018 01:56 AM

නගර සභාවලට කාන්තා නියෝජනය තව වැඩි කරව්..

:       0       68

Hasitha Saturday, 19 May 2018 02:07 AM

මෙච්චර මෝඩ ගෑනු කෙනෙක් ප්‍රා. සභාවට යැව්වෙ කවුද? මෙයා යුද්දෙ කාලෙ හිටියේ ලංකාවෙ නෙමෙයි ද දන්නේ නෑ.. තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශනය කරනවා.

:       13       577

ජගත් ලියනගේ Saturday, 19 May 2018 02:45 AM

මෙයාව කවුරුත් ගණන් ගන්නේ නැතුව ඇති , අඩු ගානේ ගෙදර ඉන්න බල්ලවත්. ඔහොම කතාවක් කිව්වම නිකම්ම ප්‍රසිද්ධියට පත් වෙනවා .

:       3       187

සුනෙත් හේමන්ත Saturday, 19 May 2018 03:19 AM

ඉතාම කණගාටු දායක තත්වයක්. රණවිරුවන් අභිමානයෙන් සිහිකළ යුතු දවසක අපේම සිංහලයන්ගේ මෙවැනි මෝඩ ප්‍රකාශ අන්තර්ජාතික මානව හිමිකම් සභාවලටනම් ඉතාම වටිනවා. මේ කාන්තාව කල ප්‍රකාශය දෙමළ බෙදුම්වාදීන්ටත් ගොඩක් වටිනවා. මේ කාන්තාවට ඡන්ද දුන් ජනතාවටත් දෙයියන්ගෙම පිහිට තමා.

:       1       226

amila Saturday, 19 May 2018 03:21 AM

වචනයේ තේරුම නොදෙන කතා කල එයාට අනුකම්පා කරන්න(සමුඋල ගාතනය)

:       1       11

amila Saturday, 19 May 2018 03:31 AM

රණවිරු ප්‍රශ්නය එතරම්ම ගණන් ගත යුතු දෙයක් නෙවෙයි. පළමුව අපේ ජීවිත බේරා දුන්නට රණවිරුවන් ට ස්තුතියි. යමෙක් හමුදාවට බැඳෙන්නේ රැකියාවක් සඳහා, මුට්ට උස්සන්නම නෙවෙයි. යුද්ධයේදී මරණය බාරගන්න බවට සහතික වෙනවා. යුදහමුදාවට බැඳෙන්නේ මරණය බලාපොරොත්තුවෙන්... එච්චර ගණන් ගන්න එපා. හොඳම දේ වන්නේ යුද හමුදාවට නොබැඳී සිටීමයි.

:       333       13

VitaSaturday, 19 May 2018 08:09 AM

අමිල ඔයාලගේ ලේවලින් එහෙම හැඟීමක් ආවේ නැති වුණාට මේ රටේ එහෙම රට ජාතිය ගැන කැක්කුමක් තියෙන මිනිස්සු ඉන්නවා. ඔයාලා හිතන්නේ ඔයාලටම හිතෙන දේවල් තමයි. සේරම හරි කියලා නේද හිතන් ඉන්නේ?

:       51       156

SRIYAL Saturday, 19 May 2018 04:00 AM

අධ්‍යාපන සුදුසුකම්වත් බලන්නේ නැතුව මෝඩයින්ට දේශපාලන බලය දුන්නම කියන්නේ මොනවද, කරන්නේ මොනවාද කියලා දන්නේ නෑ. මේ අයට බලය දුන්නේ රටේ ජනතාවයි. දැන් ඉතින් විඳවපල්ලා බොලව්...

:       0       31

Samathasena A . Aluthgama Saturday, 19 May 2018 04:21 AM

රට විනාශ කරපු කොටි කල්ලිය පලවා හැර රට බේරා ගැනීමට කල සටනේදී රණවිරුවන් හට තිබු විශාලම ප්‍රශ්නයක් වූයේ කොටින් සාමාන්‍ය ජනයාට මුවාවී ප්‍රශ්නය අවුල් කිරීමයි. සාමාන්‍ය දෙමළ වැසියන් ඝාතනය කර වරද හමුදාව වෙත පැවරීමට කටයුතු කළා. බොරු වීඩියෝ ලොව පුරා ප්‍රසිද්ධ කළා. මේවා නොදැනයි මේ කතාකර තිබෙන්නේ. සමූල ඝාතනයක් වුනානම් තවත් මිනිසුන් ජීවත් වෙන්නේ කොහොමද? මෙය වචනවල තේරුම ගැන හරි හැටි නොදැන එක් අයෙකු කල කතාවක් පමණයි.

:       1       139

kalani Saturday, 19 May 2018 05:02 AM

අපේ මව්බිම අත්නොවිඳිය යුතු, කුරීරු ශාපලත් සිවිල් යුද්ධයක වසර 30ක් පැටලී සිටි බව ඇත්තය. යුද්ධයට සහභාගී වූ දෙපාර්ශවය පමණක් නොව සිවිල් වැසියන්ගේ ජීවිතද විනාශවීම සාමාන්‍ය පිළිතුරකි. පිළිගත් නීතිරීති අනුව සටන් වැඩිම රාජ්‍ය හමුදාවක කාර්යභාරය වන අතර ත්‍රස්තවාදී සංවිධානයකට එවැනි නීතියක් නැත. ඔවුන් සටන් වදින්නේ බිහිසුණු අයුරිනි. මේ වෙනස තේරුම් ගත යුතුය. මහජන නියෝජිතවරියක් ලෙස වඩාත් සැලසුම් සහගතව, නිවැරැදි තොරතුරු පදනම් කරගෙන අදහස් ප්‍රකාශ කල යුතුය. නිවසක උස්පිලේ සිට හෝ ළිඳ ළඟ සිට කරන ඕපාදූපයකට වඩා වෙනස් විය යුතුය."මා දන්නේ එකම දෙයක් පමණි. එනම් මා නොදන්නා බවය. "තේරුම් ගන්න.

:       0       22

kalani Saturday, 19 May 2018 05:02 AM

අපේ මව්බිම අත්නොවිඳිය යුතු, කුරිරු ශාපලත් සිවිල් යුද්ධයක වසර 30ක් පැටලී සිටි බව ඇත්තය. යුද්ධයට සහභාගී වූ දෙපාර්ශවය පමණක් නොව සිවිල් වැසියන්ගේ ජීවිතද විනාශවීම සාමාන්‍ය පිළිතුරකි. පිළිගත් නීති රීති අනුව සටන් වැඩිම රාජ්‍ය හමුදාවක කාර්යභාරය වන අතර ත්‍රස්තවාදී සංවිධානයකට එවැනි නීතියක් නැත. ඔවුන් සටන් වදින්නේ බිහිසුණු අයුරිනි. මේ වෙනස තේරුම් ගත යුතුය. මහජන නියෝජිතවරියක් ලෙස වඩාත් සැලසුම් සහගතව, නිවැරදි තොරතුරු පදනම් කරගෙන අදහස් ප්‍රකාශ කල යුතුය. නිවසක උස්පිලේ සිට හෝ ලිඳළඟ සිට කරන ඕපාදූපයකට වඩා වෙනස් විය යුතුය. "මා දන්නේ එකම දෙයක් පමණි. එනම් මා නොදන්නා බවය." තේරුම් ගන්න.

:       0       27

don Saturday, 19 May 2018 05:10 AM

දකුණේ කොටි හඳුනා ගන්න හොඳම අවස්ථාව... මෙම ප්‍රකාශ කරන්නවුන්ට අනාගතයේදී නම් වැඩ වරදියි.

:       2       61

prakaash Saturday, 19 May 2018 05:50 AM

මෙයාගේ තාත්තා ප්‍රභාකරන් වෙන්න ඇති.. තියෙන තුප්පහි ගතිය තමයි පෙන්වන්නේ. ජඩ පාලනයේ නිවට ගතිය ඕක තමයි.

:       0       74

සෙනෙවි Saturday, 19 May 2018 06:03 AM

මීකිරි වලට ප්‍රසිද්ධ ඇඹිලිපිටියේ වැඩිපුර ඉන්නේ මී හරක් නේ...

:       0       115

nihal Saturday, 19 May 2018 06:08 AM

අද තමුන් ඇතුළු ජනතාව නිදහසේ ජීවත් වෙන්නේ ත්‍රිවිධ හමුදාව නිසා බව ලක්මිණි තරයේ මතක තබා ගත යුතුය. නොහැකියාව පෙන්වන්නේ නැතිව කල්පනාවෙන් කතාකරන්න.

:       0       93

sam Saturday, 19 May 2018 07:26 AM

අනිවාර්යෙන්ම මේ 7 වත් සමත් නැති අයනේ... කාගෙන් හරි ලොකු ගාණක් අරගෙන ඇති. මේ වගේ අයට ඡන්දෙ දුන්න අයට දැන් දැනෙනවා ඇති ඡන්දෙ දුන්න එකේ රඟේ...

:       0       102

Sakwithi Saturday, 19 May 2018 07:54 AM

සමූල ඝාතනයක් වුනේ කොටි අතින්. මායිම් ගම්මාන කියලා අඳුන්වපු ගම්වලට පැනලා අසරණයින් මරද්දි මේ අය ලිප් බොක්කේ හිටියේ.. කොහොමද? අරන්තලාවේ, අනුරාධපුරයේ, ඩොලර් ෆාර්ම්, කෙන්ට් ෆාම්, කාත්තන්කුඩි මිනී මරද්දී මේ අය හිටියේ කොහේද? බලයේ ඉන්න මුග්ධ කතා කියන අය...

:       0       79

Samathasena A . Aluthgama Saturday, 19 May 2018 08:12 AM

මෙහිදී ජේවීපී නියෝජිතයා වැරදි බව මා ප්‍රායෝගිකව ඔප්පුකරනවා. පසුගිය භීෂණ සමයේදී ඒ අය බොහෝ ත්‍රස්තවාදී වැඩ කළා. මා හට පුවත්පත් වාර්තා කිරීම, ප්‍රවෘත්ති ලිපි පල කිරීම, ඡායරුප ගැනීම ආදිය කිරීම නොකරන ලෙස තහනම් නියෝගයක් පැනෙව්වා. පසුව මා දෙනියාය මොරවක ප්‍රදේශයේ අපගේ ව්‍යාපාර කටයුතු කළා. අපගෙන් බලෙන් දිනපතා විශාල ලෙස කප්පම් මුදල් ගත්තා. කෑමබීම ආදී සියලුම දේ බලෙන් ගත්තා. ඒ අයට නොමිලේ බඩු දුන් අප හමුදාවට මුදල් වලට බඩු දුන්නා කියා මා ඇතුළු සය දෙනෙකුව කාමරයකට දමා බෝම්බ දෙකක් ගැසුවා. අක්කට මාරාන්තික තුවාල ලැබුණා. හමුදාවට පින්සිදු වන්නට ඒ ජීවිතය බේරුණා. පරාණ බයේ එළියට පැන්න නිසා අන්අය සුළු තුවාල ලැබුවා. පසුව අපව මරා දැමීමට මිනීමරුවන් යොදවා තිබුණා. අප තැන තැන සැඟවී අපමණ දුක් විඳ දිවි බේරාගත්තා. පොලිස්පතිතුමනි, මෙය බොරුවක් කියා සිතන්නේ නම්, මොරවක පොලීසියෙන් සහ එම ප්‍රදේශයෙන් සොයා බලා මාහට විරුද්ධව අවශ්‍ය නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි. අවශ්‍ය නම් නැවත පැමිණිලි කිරීමටද පුළුවන.

:       103       249

Samathasena A . AluthgamaSaturday, 19 May 2018 10:22 AM

අපගේ කෝටි ගණනක් වූ ව්‍යාපාර වසා දැමුවා. හරක් හොරෙක්ව සිටි "බෝම්බ කළුවා" වන මොරවක සන්නද්ධ නායකයා පැමිණ සේවකයන් බිය ගන්වා මස්, මාළු, හාල්, තුනපහ ආදී සියලුම දේ බලෙන් ගෙන ගොස් තිබුණා. අධිශීතකරණවල තිබූ මස් වලින් ටිකක් ඉතිරි කර, සේවකයින් බියට පත්කර විදුලිය විසන්ධි කරවා ඒවා කුණු වීමට සලස්වා, ජනතාවට පේන ලෙස වැළලීමට නියෝගකර තිබුණා. පෝස්ටර් පාටිය, ගස් පාටිය සහ ඕපාදූප පාටි වල අය රාත්‍රියේ පැමිණ වටිනා කියන බොහෝ දේත් ගෙන, දහස් ගණන් බීම බෝතල් වලින් එකකින් බාගය බැගින් බිව්වා. කොළඹ පැටවීම සඳහා තිබූ කෙසෙල් කන් කා හිස් ලෙලි පේලියට තබා "දේශප්‍රේමී මහත්වරුන්ගේ ප්‍රයෝජනය පිණිස" යනුවෙන් පොල්ගෙඩි අකුරෙන් ලියනා ලද කොළ කෑල්ලක් රඳවා තිබුණා. අපව හිඟන්නන් බවට පත්කළා. අප විඳි දුක් කියා නිම කරන්නට.. බැහැ. එකල්හි, දේශද්‍රෝහීන් යනුවෙන් සැලකූ අප හා සම්බන්ධ හා කතා කල අයව මැරුවා. ඉතින් මේ අය ත්‍රස්තවාදීන් නොවේද?

:       223       342

Samathasena A . AluthgamaSaturday, 19 May 2018 11:20 AM

මේ වටිනා තොරතුරු පලකළාට කතුතුමා ඇතුළු සියලු කාර්යමණ්ඩලයටත් අනේක වාරයක් ස්තුතියි. මේ ගැන මෙතෙක් මාධ්‍යවලට විස්තර නොදුන්නේ ඒ පිළිබඳ ග්‍රන්ථයක් මා අතින් ලියවෙමින් පවතින නිසයි. කාර්ය බහුලත්වය නිසා එය මෙතෙක් ප්‍රමාද වුණා. අදහස්වලට ලයික් දැමූ සහ දමන අයටද ස්තුතියි.

:       114       217

Ajith NissankaSaturday, 19 May 2018 10:36 PM

අනේ සමන්තසේන මහත්තයෝ අපිත් ඒකාලේ හිටියා! ඔය කියන ත්‍රස්තවාදී ක්‍රියා වෙන්න කලින් තිබිච්ච රාජ්‍ය ත්‍රස්තවාදය ගැනත් ඔබ මතක් කරනවා නම් දෙපැත්ත හොඳට සමතුලිත වෙනවා! කම්කරුවන්ට කට අරින්න දුන්නේ නැහැ! මැතිවරණ සිතියම අකුලා දැම්ම! මැතිවරණ අන්ත දූෂිත තත්වයන් කරා! එජාපයේ අය හැරෙන්න කාටවත් රැකියා ලැබුනේ නැහැ! සිරිමා බණ්ඩාරනායක මැතිණිය විජය කුමාරණතුංග වගේ අයට එලව එලවා පළිගත්තා! අද තියන දූෂිත දේශපාලන ක්‍රමය සහ පාතාල මැරක්‍රමයේ නිර්මාතෘ වුනේ එම රජය! සොත්ථි උපාලිලාට, ගෝනවල සුනිල්ලාට ASP මහත්තුරු සැලියුට් ගැහුවා! ඔවුන්ට සාමාදාන විනිසුරුකම් ලැබුණා! රජයට විරුද්ධව නඩු තීන්දු දුන්න විනිසුරුකරුවන්ගේ ගෙවල්වලට ගල් ගැස්සුවා! අන්තිමට ඉන්දීය රජයට යටත් වෙලා ඉන්දියන් හමුදාවල් ගෙනැල්ලා රට එකම අවුල් ජාලාවක් කළා.. එම රාජ්‍ය ත්‍රස්තවාදයට විරුද්ධව කවුරු හරි ඉදිරිපත් විය යුතුව තිබුණා. ඉදිරිපත් වුණු අය රටේ එවකට තිබුණු රාජ්‍ය ත්‍රස්තවාදයට ඔයා විස්තර කරලා තිබුණු විදියටම ත්‍රස්තවාදී ක්‍රියාවලින්ම උත්තර දුන්නා. කවුරු හරිද කවුරු වැරදිද, කියලා තේරුම් ගන්න බුද්ධිමත් ජනතාවට පුළුවන්! නමුත් ඇත්ත ඇත්ත විදියට පල කරනවා නම් තමයි වඩාත් හොඳ...

:       17       0

Samathasena A . AluthgamaMonday, 21 May 2018 03:31 AM

අජිත් මහතාණෙනි, මා රජයෙන් වූ දේ අනුමත කරන්නේ නැහැ. ඒ වුනාට මහජනයා පත්කළ රජයක් විනාශ කරපු තස්තවාදීන් රටට කළේ යහපතක් නොවෙයි. ඒ වෙලාවට ඒ අයට ඉඩදීලා බලන් ඉන්නද කියන්නේ... ඒ දවස්වල රටේ ඉන්න තක්කඩි, හොරු, මිනීමරුවන් රංචු පිටින් ත්‍රස්තවාදීන්ට එකතු වුණා. එතකොට තත්වය ඉතාමත් බිහිසුණු වුනා. ඔබ නොදන්නවාට සමතසේන කියන්නේ කව්ද කියා දන්නා අය දන්නවා. අපට මරණ වරෙන්තුව දුන් බොහෝ දෙනාව මා බේරා ගත්තා. ඒත් සමහරුන්ට කල පව්වලට දඬුවම් ලැබුණා. අදටත්, මොරවක හා අවට ප්‍රදේශයේ ඒ අය ජීවත්ව ඉන්නවා. ඔබගේ තර්ක බිඳින්න ඕනෑ තරම් කරුණු සාක්ෂි සහිතව කියන්න පුළුවන්. ඒත් මේ එයට කාලය නොවෙයි. ඔබ රජයට බැන්නත්, මා ලවා ප්‍රසිද්ධියේ ජේවීපී එකෙන් පෝස්ටර් අලවා තියෙනවා. එසේ කලේ හමුදාව ලවා මාව මරවන්නයි. ඒත් මගේ වාසනාවට දෙවියන් විසින් ජීවිතය බේරුවා. පසුව මා කව්දැයි දැනගත් විට, අපට සන්නද්ධ භටයන් 11 දෙනෙකුගේ ආරක්ෂාව රජයෙන් ලබා දුන්නා. ඔබ කියන විදිහට එතකොට වැරදි රජයද, නැතිනම් ත්‍රස්තවාදීන්ද?

:       0       83

RaveendraSaturday, 19 May 2018 01:23 PM

සමතසේන ඒ අළුත්ගම මයා වෙත, ඔබ විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සහ ඔබලා ලැබූ අමිහිරි අත්දැකීම් පිළිබඳව අපද අවංකව කණගාටු වන්නෙමු. අප මීට පෙරත් අනන්ත වරක් රතු මල්ලිලාගේ "රෙද්ද පල්ලෙන් බේරෙන සමාජවාදය" ගැන හොඳින් විග්‍රහකර ඇති බව කිව යුතුයි. රතු මල්ලිලා දැන් තොත්ත බබාලා සේ හතරට ගැන ගන්න බැරි පුස්පැටව් සේ හොඳින් රඟපාමින් සිටින බවත් කිව යුතුමය. අපට නම් රතු චූටි මල්ලිලා විතරක් නොවේ කොළ, නිල් අයියලා, සීයලා ගැනත් සතපහක විශ්වාසයක් නැති බවත් කීමට කැමැත්තෙමු. රතු, කොළ, නිල් අම්බරුවන් සියල්ලන්ම හොඳ සම්භාවනිය "නිවට හිඟන සහ විකට තුට්ටුදෙකේ "නළු, නිළියන් පමණක් බවත් කීමට කැමැත්තෙමු.

:       14       59

Samathasena A . AluthgamaSunday, 20 May 2018 02:31 AM

රවීන්ද්‍ර මහතාණෙනි,ඔබතුමාගේ කාරුණිකත්වයට ස්තුතියි.

:       34       93

dimuthu chandrasiri Saturday, 19 May 2018 08:14 AM

මෙහෙම කරන අයට උල තියන්න ඕනේ...

:       1       9

ලුම්බිණි Saturday, 19 May 2018 08:54 AM

ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදී ක්‍රියා නොකළ බව කවුද කියන්නේ? 1971 සහ 1988-89 කාලවල සිදු වූ දේවල් දන්නා අයගෙන් අහලා බලන්න.

:       14       48

senarath Saturday, 19 May 2018 09:04 AM

මේ කාන්තාව පත්තරක්වත් බලල නැහැ. ලෝකේ පිළිගත්තු යුද විශ්ලේෂකයින් අපේ රටේ යුද්ධය කරපු ආකාරය ගැන ඉතා ඉහළින් අගය කළා. එවැනි වාර්තා 6ක් තියෙනවා. මේ ළඟදී නෙස්බි සාමිවරයා එංගලන්ත පාර්ලිමේන්තුවේ මේක කිව්වා. යුද්ධය කාලේ ඔවුන්ගේ තානාපතිවරු දීපු වාර්තා සාක්ෂි දරනවා. යුද්ධයෙන් අහිංසක ජනතාව මරුනේ ඉතාම සුලුවෙන් කියලා. ඇමරිකන් සැටලයිට් වලින් යුද්ධය අවසාන කාලේ මුළුමනින්ම ඔවුන් නැරඹුවා. අපේ රණවිරුවන් මැරෙන බව දනදැනම මිනිස් බෝම්බවලට වෙඩිතැබුවේ නැහැ... අහිංසක මිනිස්සු මැරෙන නිසා... සමුල ඝාතනයක් වුනා නම් කොහොමද ලක්ෂ 3 ක ජනතාව කොටින්ගෙන් මිදිලා හමුදාවට එකතු වුනේ. ඔවුන් කිව්වේ අපේ ඉතිරි ටිකත් බෙරලා දෙන්න කියලයි. අපේ රණවිරුවන් කලේ ලෝකේ මේ තාක් වූ ශ්‍රේෂ්ඨම ජීවිත ගලවා ගැනීමයි.

:       0       835

dasunSunday, 20 May 2018 07:46 AM

මේ කාන්තාව අපේ ජාන්ධිපතිතුමාගේ සන්ධානෙට හරියන්නේ නැහැ පත්තරේ බලන්නෙවත් නැත්නම්. එතුමා නම් පත්තරේ බලාලා තමන්ගේ ආණ්ඩුවේ අගමැති කරන කියනදේත් දැනගන්නවා. ගෝලයොත් ඒවගේ වෙන්න ඕනනේ.

:       0       0

hewawitharana Saturday, 19 May 2018 11:34 AM

රජකාලේ දඬුවමක් වූ පුවක් ගස් දෙකක් කිට්ටු කර කකුල් දෙකෙන් එල්ලලා ලණුව කපන්න ඕනේ පුවක් ගස් දෙක ඈත් වෙලා ඉරිලාම යන්න.

:       37       40

hewawitharana Saturday, 19 May 2018 11:39 AM

මූනෙන්ම කියන්න පුළුවන් ඔල මොට්ටල මුහුණක් තියෙන්නේ කියලා...

:       15       70

sampath Saturday, 19 May 2018 11:47 AM

සමූල ඝාතනය වුනානම් පුනරුත්ථාපනය කලේ ඉන්දියාවෙන් ගෙනැල්ලද? පහුගිය කාලේ ඡන්ද ලක්ෂ ගාන ලැබුණේ හොල්මන් වලින්ද? නොදන්නා දේවල් තේරුම නොදැන කියවීම වැරදියි. යම් අඩුපාඩු යුද්ධයකදී විය හැකියි. කෙසේ හෝ එය නිම නොවුණා නම් කොපමණ ජීවිත ගණනකින් වන්දි ගෙවන්නද? කුඹුරු කොටන කොට සතුන් මැරෙනවා. එ්ත් බත සපයාගන්න කුඹුරු කොටන්න වෙනවා. මේ යථාර්තය නොදන්නා නොතේරෙන අය නිකම් කියවනවා. අනෙක ජේවීපී එක තමයි ලංකාවට ඔයවගේ වැරැදි ආදර්ශයක් දුන්නේ... පසුව ඔවුන් සමූල ඝාතනයක් වූ නිසා දැන් තිබෙන තත්වයට අාව කුමන හේතුවකට කළත් ත්‍රස්තවාදය ත්‍රස්තවාදයමයි.

:       0       21

de silva berlin Saturday, 19 May 2018 01:19 PM

ප්‍රාදේශීය දේශපාලකයින් තම ප්‍රදේශයේ තිබෙන ප්‍රශ්න සොයා බලා නිරාකරණය කරගන්නේ නැතුව, බොරුවට ජාතික තලයේ තිබෙන තමන්ට අදාල නැති ප්‍රශ්න ඇදලා අරගෙන බොරුවට කාලය නාස්ති කරමින් බහුබූත දොඩවනවා. මේ ගොල්ලන් නඩත්තු කරන්න බදු ගෙවන ජනතාව විශාල මුදලක් වියදම් කරනවා.

:       0       34

Anura Dharmadasa Sunday, 20 May 2018 03:55 AM

මේ ඡන්දේ දුන්න අයට අබ සරණයි........

:       0       8

kalani Sunday, 20 May 2018 04:01 PM

අදින් වසර ලක්ෂයකට පමණ පෙර මානවයා මුගුරක් අතට ගත්තේ කශේරුකාව ඍජුව පවත්වා ගැනීමටත් වඩා සතුරු උපද්‍රවවලින් ආරක්ෂාවීම සඳහාය. රංචුවේ ක්‍රියාශීලීම මිනිසා නායකත්වය තහවුරු කර ගැනීමෙන් පසුව සෙස්සන් පාලිතයින් සේ සලකා මර්ධනය ආරම්භ කළේ මානව ඉතිහාසයේ ඛේදවාචකය ආරම්භය සනිටුහන් කරමිනි. අපට සාපේක්ෂව එළාරට එරෙහිව දුටුගැමුණු රජතුමා, සොළින්ට එරෙහිව වළගම්බා මෙන්ම බ්‍රිතාන්‍යන්ට එරෙහිව 1818 සහ 1848 කැරළි වටාපතින් පවන් සැලීම් නොව කඩුව රතු ලෙයින් පොඟවා ගැනීමයි.1971 සහ 1988/89 තරුණ නැගිටීම් මර්ධනය කළේ සාමය නැමැති තුවක්කුවෙන් තරුණ හදවත් පසාරු කරමිනි. තරුණයින් ප්‍රතිප්‍රහාර එල්ල කල "ගල්කටස්" ත්‍රස්තවාදී ගිනි අවියකම විය. ඉතිහාසය ලේඛනගත කළේ ජයග්‍රාහකයා මිස පරාජිතයා නොවන කල්හි සිදුවීම් පෙළ ගැසෙනුයේ කැකිල්ලේ තීන්දුවලිනි. මෙම වකවානුවට පෙර සිට ගම්වල ධනයෙන්, කුලයෙන්, බලයෙන් යුත් පිරිස් ගමේ පීඩිතයින් නොසලකා හැරියහ. එවැනි අය මෙම නොසන්සුන් අවස්ථාව වෛරයට හරවා ගනිමින් තරුණ විමුක්ති වාදීන්ගේ ගිණුමට බැරකරමින් නොයෙකුත් අපරාධ කළහ. මෙම සංවාදය විකෘති කරනුයේ ඉතිහාසය වරදවා කියවූ මහත්වරුයි.

:       13       1

Kayithan Muththaa. Monday, 21 May 2018 04:03 AM

අජිත් ඒ කාලේ ඉන්න ඇත්තේ හදිසියේ ඕනෑ වුනොත් ගන්න පොල්කට්ටකුත් තියාගෙන ඇඳ යටවෙන්න ඇති. එහෙම නැතිනම් ත්‍රස්තවාදී කණ්ඩායමේ වෙන්න ඇති...

:       0       17

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 9 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 79 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 116 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 279 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 629 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 804 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site