IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ශාක්‍ය ජනපදයේ ඉඩම යළිත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම

(මුදිතා දයානන්ද සහ නාලක සංජීව දහනායක)

ශාක්‍ය ජනපදය ඉදිකිරීම සඳහා ඉකුත් රජය විසින් පවරාගනු ලැබූ පිළියන්දල, රෙජිඩේල් වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට උපදෙස්  දී තිබේ.

ශාක්‍ය ජනපදය ඉදිකිරීම සඳහා ඉකුත් රජය විසින් පවරාගනු ලැබූ පිළියන්දල, රෙජිඩේල් වත්ත නැවත සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම පවරා දෙන ලෙස අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා බුද්ධශාසන, සංස්කෘතික ආගමික කටයුතු අමාත්‍යංශයට උපදෙස්  දී තිබේ.
 
ඒ අනුව මෙම ඉඩමේ එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය එස්. එම් චන්ද්‍රසේන මහතා අකැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
 
හිටපු බුද්ධශාසන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් 2017 වසරේ 14 වැනි ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය නිමිත්තෙන් මෙම ශාක්‍ය ජනපදය ඉදිකිරීමට පියවර ගනු ලැබිණ.
 
අක්කර 78 විශාලත්වයකින් යුතු මෙම ඉඩමේ ශාක්‍ය ජනපදය ආරම්භ කිරීම සඳහා රුපියල් මිලියන 500 ක මුදලක් වැයවන බවට ඇස්තමේන්තු කර තිබිණ.
 
බෞද්ධ කටයුතු හෝ ප‍්‍රදේශයේ පොදු ජනතාවගේ සුබ සිද්ධියට යොදාගන්නා ලෙස දක්වමින් කැස්බෑව ප‍්‍රදේශයේ ජීවත්වූ සමරකෝන් මුදලි නැමැති ධනවතකු මෙම ඉඩම මහා භාරකරුට පවරා ඇත.
 
බොල්ගොඩ ජලාශය ආශ‍්‍රිතව පිහිටා ඇති මෙම ඉඩම පැවැති රජයන් විසින් අවස්ථා හතරකදී විවිධ ව්‍යාපෘති සඳහා යොදාගත්තද ඒ සියල්ලම අතරමග නතර කරදමා තිබේ. වත්මන්  අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිධූරය දැරූ සමයේදී 2014 වසරේදී එළිමහන් සත්වෝද්‍යානයක් ඉදිකිරීම සඳහා මෙහි මුල්ගල් තැබීය. එහෙත් එයද මුල්ගලකට පමණක් සීමා විය.
 
මේ වන විට ඉඩම සම්පූර්ණයෙන්ම වල්බිහිවී තිබෙන අතර එහි ආරක්‍ෂක කටයුතු සදහා අධික වියදමක් දැරීමට සිදුවන බවද බුද්ධ ශාසන අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
 



අදහස් (10)

ශාක්‍ය ජනපදයේ ඉඩම යළිත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවටම

අසේල පියුමසිංහ Monday, 20 January 2020 01:23 PM

අපරාදේ අර මැණික් මල්ල ගත්ත ඩේසි ආච්චිගේ වත්තට දත ගැහුවේ මෙතන ඉඩම කොච්චර ලොකුද? ඊට වඩා, අනික බුද්ධාගමේ කටයුතුවලට දීපු ඉඩම සත්තු ගාල් කරන්න දීම කොච්චර නම් අපරාධයක්ද? ඒ දානපතියාට කරන්නේ අගෞරවයක්ද? දේශපාලුවන්ගේ තීරණ අනේ මන්දා...

:       1279       1327

Cisco Monday, 20 January 2020 03:09 PM

මෙම ඉඩම මුදලිතුමා විසින් ලබාදෙන ලද්දේ බෞද්ධ කටයුතු හෝ මහජනතාවගේ පොදු කටයුතු සඳහා යොදාගන්නා ලෙසනම් ඊට අදාල කටයුත්තකට යොදාගත්තේනම් මැනවි.

:       0       0

De Monday, 20 January 2020 05:06 PM

කාලෙකට දැයට කිරුළ. තවකාලෙකට ගම්පෙරලිය. ශාක්‍ය ජනපද. දෙගොල්ලොම විනාශ කරන්න. ජනතාවගේ සල්ලි. අනේ මගේ රටට ගිය කලක්....

:       0       0

විජිත් Monday, 20 January 2020 06:13 PM

දැනට දියවන්නාවේ තියෙන සත්තු වත්තේ ඉන්න නරි, වල් ඌරො, රිලව්, ලේ බොන වවුල්ලු ඔක්කොම ඒ කියන්නේ 225 විතර සත්තු ගහණයක් ඔය කියන එළිමහන් සත්තුවත්තට ගෙනිහින් දමන්න. හැබැයි පිටත පරිසරයේ ඉන්න ඒ වර්ගයේම සත්තු සමග ආශ්‍රය කිරීම වළක්වන්න වේවි. නැතිනම් පිටත පරිසරයේ ඉන්න අහිංසක නිරෝගී නරි,වල් ඌරො ,රිලව්,වවුල්ලු ඔක්කොටම දියවන්නාවේ ඉන්න සත්තුන්ගේ තියෙන ලෙඩ රෝග ඔක්කොම බෝවේවි. දියවන්නාවේ ඉන්න සත්තුන්ට තියෙන ලෙඩ රෝග වලට තවමත්" එකම එක " බෙහෙතයි සොයාගෙන තියෙන්නේ.ඒ තමා " වෙඩි තබා - පුළුස්සා දැමීම ". ඒ තරමට දරුණු බෝවෙන ලෙඩ ඔය දියවන්නාවේ " සත්තුන්ට " තියෙන්නේ.

:       0       0

De Monday, 20 January 2020 10:09 PM

දියවන්නාව බැරිවෙයිද සත්තු වත්තට බදු දෙන්න, හරියටම ගැලපෙන තැන. සත්තුන්ට නිදහසේ ඉන්න හොදට ඉඩ තියනවා .,,,,,

:       0       7

lalithm Tuesday, 21 January 2020 02:46 AM

ඒ ධානපතින්ගේ කාලේ බුදු දහමයි අද තියෙන දහමයි අහසට පොලව වගේ එකට යා නොවෙන දේවල්. ඊට වඩා හුඟක් හොඳයි රටේ අවශ්‍යතාවට අනුව සතුන් වත්තක් හදන එක. දෙස් විදෙස් සංචාරක අවශ්‍යතාවක් වගේම දෙහිවල හිර ගෙයක ඉන්න සතුන් නිදහසේ ඉන්න පරිසරයක් තුලට ගෙනෙන්න ඉඩක්. ඉතා වටිනා ක්‍රියාවක් හැබැයි නිවැරදි ලෙස කලොත් විතරක්.

:       3       24

HemaTuesday, 21 January 2020 05:53 AM

සත්තු හිර කරනවට වැඩිය හොද වැඩක් ඇත්තෙම නැද්ද ඔය තරම් වටිනා ඉඩමක කරන්න. හොද ක්‍රීඩා සංකීර්ණයක්, පාසලක්, විශ්ව විද්‍යාලයක් වගේ.

:       0       1

eresh S kumara Tuesday, 21 January 2020 03:22 AM

සමරකෝන් මුදලිතුමා හිටියනම් ආයෙත් ඔහුටම පවරාගන්නවා

:       0       91

jagath Tuesday, 21 January 2020 03:54 AM

කාලයක් යද්දී ඕවා කාගේ හරි බුදලේ බවට පත්නොවොනොත් තමයි පුදුමේ.

:       14       2

කමල් Tuesday, 21 January 2020 04:34 AM

කෝ දැන් අර හැම දෙයකටම කෑගහන මේවට අදාල බොදු උදවිය.

:       3       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 182 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 440 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 472 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 83 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 554 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1595 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site